2024 සිංහල – හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීම, ආහාර අනුභවය යනාදී නැකැත් රාත්රී කාලයට සකස් කිරීම පිටුපස අත්තේ කුමන්ත්රණයක් බවත් මේ නැකැත් අනුව කටයුතු කළහොත් ඉන් සිදුවන හානිය රටටත් ජාතියටත් රාජ්ය නායකයාටත් බිහිසුනු ලෙස බලපාන බවත් කියන්නට ජාතික නැකැත් කමිටුව නියෝජනය කරන ජෝතීර්වේදීන්ගෙන් ද සමන්විත ජෝතීර්වේදීන් පිරිසක් අද (11) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් හමුවූහ. (Sri Lanka Latest News)
මෙවැනි සිදුවීම් ඇති වන්නේ කුමක් නිසාදැයි ගැටලුවක් බව ද එම ජෝතීර්වේදීහු කීහ.
එහිදී දේශපාලන හිතවත් කම් මත කමිටුව පත් කරන බව මෙම පැමිණ සිටි පිරිස පවසා තිබුණහ. එහිදී අනූනායක හිමියන් සඳහන් කළේ සියල්ලම දේශපාලනීකරණය වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන බවය.
සමාජයක් එක මොහොතක වැඩ කිරීම සදහා පෙළ ගස්වන රටක නැකතක පැවැත්ම සාධනීයවිය යුතු බව වදාළ උන් වහන්සේ මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා තමන්වහනසේලා විසින් ලබා දිය හැකි අවවාද අනුශාසනා වගකිවයුතු අංශ වෙත ලබාදෙන බව කීහ.
lankasara









