• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොතලාවලගෙන් පටන් ගත්ත කහ සිවුරේ විරෝධය! Sri Lanka Latest News

February 22, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
කොතලාවලගෙන් පටන් ගත්ත කහ සිවුරේ විරෝධය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලන සිතියම මත පාලකයන් තමන්ට රුචි පරිදි මායිම් සලකුණු කළද, එම සිතියම උඩුයටිකුරු කළ හැකි අසමසම බලවේගය ඉතිහාසය පුරාම පැවැතියේ මහා සංඝරත්නය සතුවය. ‘රාජ්‍යය’ සහ ‘ශාසනය’ යනු වෙන්කළ නොහැකි ලෙස එකිනෙක වෙලී පවතින ද්විත්ව බලවේගයක් බව වටහා ගැනීමට අපොහොසත් වූ සෑම පාලකයකුටම අවසානයේ අත්වූයේ අවාසනාවන්ත ඉරණමකි. Sri Lanka Latest News

විසිවැනිදා කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් වැඩමකළ දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය පෙළගැසෙන්නේද එම ඓතිහාසික උරුමයේ තවත් එක් තීරණාත්මක පරිච්ඡේදයක් සනිටුහන් කිරීමටය. මෙවර මෙම විරෝධතාව එල්ල වන්නේ වත්මන් පාලනයට සහ ඇතැම් ඇමැතිවරුන් බුද්ධ ශාසනය හෑල්ලු කරමින් සිදුකරන ප්‍රකාශවලට එරෙහිව වුවද, එහි මුල් ඇදී යන්නේ වසර හැත්තෑවකට අධික අතීතයකටය. අපේ මතකය 1956 වසර දක්වා ආපස්සට ගෙන ගියහොත්, එහිදී අපට මුණගැසෙන්නේ සර් ජෝන් කොතලාවල මහතාය. ඔහු හිතුවේ තමන්ගේ බටහිර ගැති විලාසිතාවන්ගෙන් සහ ඉංග්‍රීසි සංස්කෘතියෙන් මේ රට පාලනය කළ හැකි බවයි. ඔහු ප්‍රසිද්ධියේම මහා සංඝරත්නයට සහ බෞද්ධ චාරිත්‍රවලට අපහාස වන අයුරින් ක්‍රියා කළ අතර, හාමුදුරුවරුන් පන්සලට පමණක් සීමාවිය යුතු බවට දැඩි මතයක සිටියේය. නමුත් එහි ප්‍රතිඵලය වූයේ ‘එක්සත් භික්ෂු පෙරමුණ’ නිර්මාණය වීමයි. වල්පොල රාහුල හිමියන් සහ හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමියන් වැනි ප්‍රබුද්ධ යතිවරයාණන් වහන්සේලා ගම් නියම්ගම් පුරා සැරිසරමින් පාලකයාගේ ඒ හිතුවක්කාරීත්වය ජනතාවට පැහැදිලි කළහ. අන්තිමේදී, එදා අතිශය බලගතු යැයි සම්මත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හතර අතේ කැඩී බිඳී ගියේ කහ සිවුරෙන් නැගුණු ඒ අසිරිමත් ජන විඥානය හමුවේය.

මෙම ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු පාලකයන්ට වැරැදුණු සෑම තැනකදීම සංඝරත්නය මැදිහත් වීම සම්ප්‍රදායක් බවට පත්විය. ඉන් අනතුරුව බලයට පැමිණි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා රටේ ඒකීයභාවයට හානිවන අයුරින් ෆෙඩරල් පක්ෂය සමග ‘බණ්ඩාරනායක-චෙල්වනායගම්’ ගිවිසුම අස්සන් කිරීමට සූදානම් වූ මොහොතේදීද සංඝරත්නය නිහඬව සිටියේ නැත. 1958දී කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි බණ්ඩාරනායක මහතාගේ නිවස ඉදිරිපිට දහස් සංඛ්‍යාත ස්වාමින් වහන්සේලා වාඩි වී සත්‍යග්‍රහයක නිරත වූයේ පාලකයාට තමන්ගේම අතින් අස්සන් කළ ගිවිසුම හකුළා ගැනීමට බල කරමිනි.

පසුව 1966දී ඩඩ්ලි සේනානායක චෙල්වනායගම් සමග ඇති කරගත් ගිවිසුමට එරෙහිවද සංඝරත්නය පාරට බැස්සේය. එදා කොළඹ වටරවුම අසලදී පොලිස් වෙඩිපහරින් ආඳාගල සීලවංශ හිමියන් අපවත් වීම සිංහල බෞද්ධ ජනතාව තුළ මහත් කම්පනයක් සහ කෝපයක් ඇති කළ අතර, එය පාලකයන් රට බෙදන ගිවිසුම්වලට අස්සන් තැබීමට උත්සාහ කරන සෑම මොහොතකම සිවුර පාරට බැස ලෙයින් සහ කඳුළින් ඒ උත්සාහයන් නතර කළ බවට නොමැකෙන සාක්ෂියක් විය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සංඝරත්නය පාලකයකුට එරෙහිව කළ අතිශය බියකරුම අරගලය සටහන් වන්නේ 1987 වසරේදීය. ජේ.ආර්. ජයවර්ධන වැනි පාලකයකු ඉන්දියාවේ බලපෑමට නතුවී ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී දේශප්‍රේමී භික්ෂු පෙරමුණ පෙරමුණ ගත්තේය. 1987 ජූලි 28 සහ 29 දිනවල කොටුව බෝධිය අසල පැවැති විරෝධතාවලට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් හිමිවරුන් රැසක් තුවාල ලැබූ අතර, එදා චීවරය විසින් ඇති කළ ඒ ජනතා පිබිදීම නිසා ජේ.ආර්. ජයවර්ධන වැනි පාලකයකුට පවා තමන්ගේ දේශපාලන ගමන කෙටිකර ගැනීමට සිදුවිය.

චන්ද්‍රිකා කුමාරතුංගගේ ව්‍යවස්ථා පැකේජය පරාජය කිරීමේ සිට මහින්ද රාජපක්ෂ යුගයේ යුද්ධයට අවශ්‍ය මතවාදී නායකත්වය ලබාදීම දක්වාද මහා සංඝරත්නය සක්‍රීයව මැදිහත් වූහ. පසුව යහපාලන සමයේ භික්ෂුන් වහන්සේලා සිරගත කිරීමට එරෙහිවද, ගෝඨාභය රාජපක්ෂ පාලනය වැරදි මාවතකට අවතීර්ණ වූ මොහොතේ ඔහුට ගෙදර යාමට පාර කැපීමටද චීවරයේ බලය මුල්විය.

දැන් අප එළඹ සිටින්නේ එම ඓතිහාසික අරගලයේ තීරණාත්මක වර්තමානයටය. 20 වැනිදා පැවැත්වුණේ සංඝ සම්මේලනය හුදෙක් සාමාන්‍ය විරෝධතාවක් නොවේ. එය වර්තමාන රජයේ ඇතැම් ඇමැතිවරුන් විසින් බුද්ධාගමට සහ මහා සංඝරත්නයට එරෙහිව සිදුකළ ඇතැම් පදනම් විරහිත ප්‍රකාශවලට එරෙහිව එල්ල වන විරෝධයකි. විශේෂයෙන්ම බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය හෑල්ලු කරමින් ඇතැම් ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ සහ භික්ෂුන් වහන්සේලා මර්දනය කිරීමට ගත් උත්සාහයන් මේ පිබිදීමට ප්‍රධාන හේතුව වී ඇත. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැනි ස්වාමින්වහන්සේලාගේ නායකත්වයෙන් සංවිධාන කළ මෙම සමුළුවට දිවයින පුරා විහාරස්ථානවලින් මහා සංඝරත්නය වැඩම කොට තිබිණි. ආණ්ඩුව කරන අය හිතාගෙන ඉන්නේ සංඝරත්නය කියන්නේ ඕනෑම දෙයකට නිහඬව සිටින පිරිසක් කියා වුවද, 20 වැනිදා දහවල් කොළඹදී සිදුවූ මේ ‘කහ සිවුරේ එකමුතුව’ එම මතය කුඩුපට්ටම් කරනු ඇත.

SendShareShare
Previous Post

සජබ නායක සජිත්-එජාප උපසභාපති නවීන් කෝ⁣ට්ටේ ශ්‍රී ජයවර්ධනාරාමයේදී එකතුවෙයි! ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් අලුත් සටනක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කොහොමද නාවලපිටිය-උලපනේ කෝච්චි පාරට වෙලා තියෙන විනාශය! දැන් මාස 3ක්! කවදා මේ පාරේ කෝච්චි යන්නද මන්දා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.