වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අද (25) දින වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.Sri Lanka Latest News
ඒ, මහත් ආන්දෝලනයක් ඇතිකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දිශා පුවරු ඉවත් කිරීමේ සිද්ධියට අදාලවයි.
මඩකලපුව, වාලච්චේන, කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මඟින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුලු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 04 ක් ද මින් පෙර යොදවා තිබුණා.
වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් අදාළ පුවරු ඉවත් කර තිබුණේ සිය ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඒවා සවිකර ඇති බව පවසමින්.
මෙරට පුරාවිද්‍යා ස්ථාන දැකබලාගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා එම පුරාවිද්‍යා ස්ථාන පෙන්වන දිශා පුවරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේද සවිකර තිබුණේ පසුගිය 03 වැනිදා සිටයි.
කෙසේ වෙතත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන සහ පට්ටිපොළ පොලිස් බල ප්‍රදේශවල තිබූ පුරාවිද්‍යා දිශා පුවරු වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් ගලවා ඉවත් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාලච්චේන පොලිසියට පැමිණි කරනු ලැබුවා.










