අනෙක් අතට මෙවර මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය දුන් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අන්ත පරාජයකට ලක්ව තිබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News
ඒ යටතේ සියලු දිස්ත්‍රික්කවලට තරග වැදුණු අපේක්ෂකයන් පරාජයට පත්ව ඇති අතර, යන්තමින් හෝ ජයග්‍රහණය කර තිබුණේ වෙනත් පක්ෂවලින් සිලින්ඩරයට එකතු වී මහනුවරින් තරග කළ අනුරාධ ජයරත්නත්, කළුතරින් තරග කළ රෝහිත අබේගුණවර්ධනත්, බදුල්ලෙන් තරග කළ චාමර සම්පත් දසනායකත්ය.
දැනටමත් චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දවලින් පාර්ලිමේන්තු පැමිණි බවකි.
මීට අමතරව අලියා ලකුණෙන් තරග වැදුණු ජීවන් තොණ්ඩමාන් නුවරඑළියෙන් ජයග්‍රහණය කර තිබිණි.
තොණ්ඩමන්ද ජයගෙන තිබුණේ එජාප ඡන්දවලින් නොව වතුකරයේ ලංකා කම්කරු කොංග්‍රසයට හිමිවන ඡන්දවලිනි.
කෙසේ වෙතත් මෙවර දැකගැනීමට ලැබුණු සුවිශේෂම තත්ත්වය වන්නේ ඉකුත් මහ මැතිවරණයේදී මෙන්ම මෙවර මහ මැතිවරණයේදී එජාපයෙන් කිසිදු සාමාජිකයකු ජයග්‍රහණය කර නොතිබීමය. ජයග්‍රහණය කළ සිවුදෙනාම වෙනත් පක්ෂවල සිට සිලින්ඩරයට එක්වී තරග වැදුණු නියෝජිතයන්ය.
පක්ෂයේ උපනායක වන රුවන් විජයවර්ධන මහතා ගම්පහින් තරග කොට පරාජයට පත්විය.
එමෙන්ම එජාප ජාතික සංවිධායක මෙන්ම හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වූ සාගල රත්නායක මහතා කොළඹින් තරග කොට පරාජයට පත්විය.










