• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම බලන් ඉන්න පොලිසියේ ලොක්කෝ දෙන්නා රවී සහ ශානි මුල්වරට කතා කරයි! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
හැමෝම බලන් ඉන්න පොලිසියේ ලොක්කෝ දෙන්නා රවී සහ ශානි මුල්වරට කතා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් සමග The Life Travele යූටියුබ් නාලිකාව පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් සිදුකළා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ එම විමර්ශනවල වත්මන් තත්ත්වය කේන්ද්‍ර කරගනිමින් පැවැති එම සාකච්ඡාවේ පළවූ අදහස්වලින් කොටසක් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරමු. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
මුලින්ම දැනගන්න කැමැතියි ඔබ වැනි තීරණාත්මක පුද්ගලයන් දෙදෙනෙක් මාලිමාවත් එක්ක එකතු වෙන්න තීරණය කළේ ඇයි කියලා?
රවී සෙනෙවිරත්න
මීට වසර දෙකකට විතර කලින් අපිට ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් ලැබුණා ඒ අයත් එක්ක එකතු වෙන්න කියලා. ඒ ගැන අපි මාස ගණනාවක් සාකච්ඡා කළා. එවක රටේ තිබුණු තත්ත්වය ගැන මාලිමාවේ නායකයන් සමග කළ සාකච්ඡාවලදී අපිට තේරුණා නීතිගරුක සමාජයක් නිර්මාණය කිරීමට සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට ඔවුන්ට පැහැදිලි වැඩසටහනක් තිබෙන බව. ඒ සාකච්ඡාවලට මම තනිවම නෙවෙයි ගියේ. ශානි අබේසේකර මහත්මයත් සහභාගි වුණා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාම ලබා සිටින නිලධාරීන් ගණනාවක්, පොලිස් අධිකාරිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් පරීක්ෂකවරුන් වගේ අයත් අපිත් එක්ක සහභාගි වුණා. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා ගත්ත තීරණයක් තමයි ජාතික ජන බලවේගයට එකතු වෙනවා කියන එක.
ශානි අබේසේකර
රවී සෙනෙවිරත්න මහත්මයා කියපු මේ කරුණුවලට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. රටක් සංවර්ධනය වෙනවා නම් ඒකට ඒ රටේ නීතියේ ආධිපත්‍යය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. පසුගිය කාලයේ එහෙම එකක් අපි දැක්කේ නෑ. ඒ ගැන උදාහරණ ඕනේ තරම් තියෙනවා. මම අවුරුදු 20ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අවුරුදු 35ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළා. විශේෂ කාර්ය බළකායේ අවුරුදු 8ක් සේවය කළා. ඒ කාලය තුළදී නීතියේ අධිපත්‍යය ගිලිහුණු අවස්ථාවල් රැසක් අපිට අත්දකින්න ලැබුණා. ඊට අමතරව 2019 නොවැම්බර් 21 වැනිදා වෙනකොට ජ්‍යෙෂ්ඨතාව අනුව, මම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ඉහළින්ම හිටපු නිලධාරියෙක්. නමුත් කිසිදු හේතු දැක්වීමකින් තොරව 2019 නොවැම්බර් 21 වැනිදා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර වශයෙන් මාව ස්ථාන මාරු කළා. මට ලියුම් කඩන්නයි, ටෙලිෆෝන් එක ආස්නර් කරන්නයි විතරයි තිබුණේ. ඊට පස්සේ 2020 ජනවාරි 07 වැනිදා රන්ජන් රාමනායකගේ හඬපට පදනම් කරගෙන මගේ වැඩ තහනම් කළා. අද වෙනතුරු ඒ පිළිබඳ කිසිම පරීක්ෂණයකුත් නෑ, මගෙන් කටඋත්තරයක් ගත්තෙත් නෑ.

මාධ්‍යවේදියා

ශානි අබේසේකර මහත්මයා, ඔබතුමා වසීම් තාජුඩීන් ඝාතනය, තරුණයන් 11 දෙනකු පැහැරගෙන යෑමේ සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රතුපස්වල සිද්ධිය ඇතුළු විමර්ශන රැසක් කරපු නිලධාරියෙක්. ඒ වගේ නිලධාරියකුට සිරගත වෙන්න සිදුවුණාම මොකක්ද හිතුණේ?

ශානි අබේසේකර
මොකක්ද මේ රටේ ජීවත් වීමේ ඇති ප්‍රතිඵලය කියලා හිතුණා. මොකද, අද වෙනකල් මට කිසිම චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් කරලා නෑ. රාජකාරියක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු සටහන් කිරීමක්වත් කරලා තිබුණේ නෑ මාව ඉන්ටර්ඩික්ට් කරනා කල්. ඊට පස්සේ නම් නිර්නාමික පෙත්සම් තිස් ගණනක් ආවා. ඒ සියල්ල විමර්ශනය කරලා අවසානයේ ඒවා පදනම් විරහිතයි කියලා මගේ ගෙදරටම ඒ වාර්තා එව්වා. ඊට පස්සේ 2020.07.31 වැනිදා මාව අත්අඩංගුවට ගත්තා. ඒ, ශියාම් ඝාතන නඩුවෙදී අපි විමර්ශන කරගෙන යන අතරතුර. ඒ ගිනි අවිය සොයාගන්න දරපු උත්සාහයේදී අපට පුළුවන් වුණා වාස් ගුණවර්ධනගේ ගෙදර තිබිලා විශාල ගිනි අවි තොගයක් හොයාගන්න. ටී56 ගිනි අවි 6ක්, පතුරම් තුවක්කු 4ක්, රිපීටර් ෂොට් ගන් 1ක්, පිස්තෝල 2ක්, රිවෝල්වර් 1ක්, කිලෝ 5 පැති බෝම්බයක්, හෑන්ඩ් ග්‍රෙනෙඩ් 1ක්, පතුරම් 357ක්, මි.මී. 9 හිස් පතුරම් කොපු 21ක්, ආර්.පී.ජී. 3ක්, වායු රයිෆල් 3ක් එතැන තිබුණා. ඒ අනුව අපි ඒවා මහෙස්ත්‍රාත්තුමාට ඒ නඩුව ඉදිරිපත් කළා. වාස් ගුණවර්ධන ඇතුළු පස් දෙනෙක් එහි මුල් අවස්ථාවේදී සැකකාරයෝ හැටියට නම්කළා. ඊට පස්සේ ගරු නීතිපතිතුමාට මේ විමර්ශනය හා සම්බන්ධ සියලු විමර්ශන උධෘත 2014.05.27 වැනිදා භාරදුන්නා. ඊට පස්සේ නීතිපතිතුමා විසින් ලිඛිත උපදෙස් 5ක් අපිට ලබාදීලා තියෙනවා.
රවී සෙනෙවිරත්න
ශානි අබේසේකරගේ ස්ථාන මාරුව එන්නේ 2019.11.21 වැනිදා. ඒ වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙලා දිවුරුම් දීලා ඉවර වුණා විතරයි. ඒ වෙනකොට අගමැතිවරයා පත්කරලාත් නෑ, අමාත්‍යාංශ ලේකම්වරු පත්කරලාත් නෑ. ශානි අබේසේකරව ට්‍රාන්සර් කරනවා. යහපාලන ආණ්ඩුවෙන් තමයි ස්වාධීන පොලිස් කොමිසම. ඒ ස්වාධීන පොලිස් කොමිසම තමයි ඒ වෙලාවේ තිබුණේ. ශානි අබේසේකරව මාරුකළෙත් අන්න ඒ පොලිස් කොමිසමෙන්.
ශානි අබේසේකර
මාව බන්ධනාගාරගත කළේ 2020.07.31 වැනිදා. මට ඇප ලැබුණේ 2021.06.18 වැනිදා.
මාධ්‍යවේදියා
ඔබ වැනි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට, සී.අයි.ඩී. එකේ හිටපු අධ්‍යක්ෂවරයෙකුට ඔහොම කරන්න පුළුවන් නම් සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා වෙයිද?
ශානි අබේසේකර
අපි ජාතික ජන බලවේගයට එකතු වෙන්න බලපෑ ප්‍රධාන හේතුව ඔන්න ඕක. අපි මහජනයා ගෙවන බදු මුදලින් යැපෙන මිනිස්සු. අපිට කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ තේ කෝප්පයක්වත් අරගෙන දීලාවත් නෑ, අපි උන් පස්සේ ගිහිල්ලත් නෑ. නමුත් මහජන මුදලින් යැපෙන මිනිස්සු හැටියට ඒ වෙනුවෙන් අපෙන් සේවයක් ඉටුවිය යුතුයි. අපි කරපු විමර්ශන තියෙනවා. එක්නැළිගොඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට පහරදීම, ළමයි 11 දෙනා අතුරුදන් කිරීම. ඒවාට යුද හමුදා, නාවික හමුදා බුද්ධි අංශ කෙළින්ම සම්බන්ධයි. දැන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ ඒ නඩු විභාග වෙනවා. ඉතින් ඒවාට එදා යුක්තිය ඉටුවෙන්නේ නෑ කියන එක අපි පැහැදිලිව දැක්කා. ඒ යුක්තිය ඉටුකිරීම සඳහා ඇති එකම ක්‍රමය මේ ක්‍රමවේදය වෙනස් කරලා, වෙනත් සාධාරණ යුක්තිසහගත, නීතිගරුක කණ්ඩායමකට මේ රටේ පාලනය භාරදෙන්න ඕනේ කියන තීරණය උඩ තමයි අපි එන්.පී.පී. එකත් සමග එකතු වුණේ. එහෙම නැතුව වෙන කිසිම ලාභ ප්‍රයෝජනයක් ගන්නේ නෑ. එහෙම ලාභ ප්‍රයෝජන වෙනුවෙන් යනවා නම් අපිට ඕනේ තරම් අවස්ථා තිබුණා.
මාධ්‍යවේදියා
සමගි ජන බලවේගයේ ඉන්න පාර්ශ්වයන් ඔබ දෙපළට ඍජුවම චෝදනා කරනවා, ඔබ දෙපළ ඉන්නකොට පාස්කු ප්‍රහාර විමර්ශන වෙන්නේ කොහොමද කියලා. මොකද ඔබ දෙපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නකොට තමයි මේ ප්‍රහාර එල්ල වුණේ?
රවී සෙනෙවිරත්න
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ වෙනකොට ශානි අබේසේකර අධ්‍යක්ෂවරයා විදියට හිටියා. මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදියට හිටියා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අපිට භාරදෙන්නේ එවක හිටපු පොලිස්පතිවරයා, වාචිකව අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව. ඊට පස්සේ තමයි අපි විමර්ශන ආරම්භ කළේ. ඒ විමර්ශන ආරම්භ කළා සති 3ක විතර කෙටි කාලයක් තුළ සහරාන් හෂීම්ගේ ළඟම හිටපු පාස්කු ප්‍රහාරයට අනුබල දුන්නා කියන 93කට ආසන්න පිරිසක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ අතරින් 20 ගානකට මේ වෙනකොට නඩු පවරලා තියෙනවා.
පාස්කු ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා බුද්ධි අංශයෙන් ආවා කියන ලිපිය ගැන කතාකරනවා. ඒ ලිපිය පොලිස්පතිවරයාට යොමුකරලා තිබුණු ලිපියක්. එහි පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට මා වෙත මගේ නමින් එවලා තිබුණා. ඒක ‘අති රහස්‍යයි’ කවරයක් ඇතුළේ. හැබැයි ඒ ලිපිය අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නේ අප්‍රේල් 09 වැනිදා. අප්‍රේල් 08 වැනිදා මම ඉන්ටර්පෝල් කොන්ෆරන්ස් එකට විදේශගත වෙනවා. ඊට පස්සේ මම ලංකාවට එන්නේ අප්‍රේල් 13 වැනිදා. 14 සහ 15 නිවාඩු දවස් දෙකක්. ඒ දවස්වලට අපි සාමාන්‍යයෙන් කාර්යාලයට එන්නේ නෑ. මෙහෙම ලිපියක් ඇවිල්ලා තියෙනවා කියලා මට කවුරුවත් දැනුම් දුන්නෙත් නෑ. නමුත් අප්‍රේල් 16 වැනිදා මම ඒ ලිපිය විවෘත කරලා බලනවා. බැලුවාම එය පොලිස්පතිවරයාට යොමුකරලා තිබුණු ලිපියක්. ඒකේ තියෙන්නේ ප්‍රහාරයක් පිළිබඳ සම්බන්ධයක්. ඒ ලිපිය මම පොලිස්පති කාර්යාලයෙන් චෙක් කරලා බලනකොට ඒ ලිපියට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා ඒක නිලධාරීන් 4 දෙනකුට යවලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංවිධානාත්මක අපරාධ අංශය විශේෂ කාර්ය බළකාය, නියෝජ්‍ය පොලිස්පති ප්‍රභූ ආරක්ෂක දිශාව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ.

මේක ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ විසින් ගතයුතු ක්‍රියාමාර්ගයක්. පොලිස්පතිවරයා ඒ වෙලාවේ ඒක යොමුකළ යුතු කණ්ඩායම්වලට යොමුකළා. එයා කිසිම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒක යොමුකළේ නෑ. මොකද ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා කිව්වට පස්සේ ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තියෙන්නේ. මේක දැන් සී.අයි.ඩී. එකේ පැත්තට දාන්න හේතුවක් තියෙනවා. කුමන්ත්‍රණයක් තියෙනවා. අපි විමර්ශනය කරලා එනකොට සහරාන්ට උඩින් ඉන්න පුද්ගලයෙක් ගැන අපිට කරුණු හෙළිදරව් වුණා. ඒ ගැන මම පාස්කු කොමිසමේදී කිව්වා. සහරාන්ට ඉහළින් කෙනෙක් ඉන්නවා, අපේ විමර්ශන අවසාන වෙනකොට අපිට ඒ තැනට තමයි යන්න තිබ්බේ, ඒ වෙනකොට රජය මාරුවෙලා තිබුණේ. ආපු රජය කරපු පළමු කාරණය තමයි විමර්ශන මෙහෙයවපු අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමම තැන් තැන්වලට මාරුකරලා දාපු එක. එතැනින් එහාට විමර්ශනයක් සිද්ධ වුණේ. ඔය ටික මම කිව්වට පස්සේ එතකොට තමයි මේ අවුරුදු පහකට පස්සේ මේ ලියුම ප්‍රමාදයක් ගැන කතාකරන්න ගත්තේ. මේ ලියුම ගැන මලල්ගොඩ කොමිසමේ ප්‍රශ්න කළා, පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවේ ප්‍රශ්න කළා, පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ ප්‍රශ්න කළා. එතැනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේකේ වගකීමක් සහ චෝදනාවක් නෑ කියලා ඔවුන්ගේ නිර්දේශවල සඳහන් කරලා තියෙනවා.
මාධ්‍යවේදියා
අසාද් මවුලානා කියන පුද්ගලයා මේ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරනවා. ඔබ දෙපළට මේ විමර්ශන ඉදිරියට කරගෙන යන්න වගකීමක් භාරදුන්නොත්, භාරගන්නවද?
රවී සෙනෙවිරත්න
අසාද් මවුලානා හෙළිදරව් කරන කරුණු ඉතා සංවේදීයි. එතැන කුමන්ත්‍රණයක් ගැන කියැවෙනවා. වනාතවිල්ලුවේ ලැක්ටෝ වත්තට ගිහින් බුද්ධි අංශ ප්‍රධානීන් සහරාන්ව මුණගැහුණා කියලා කියනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් කොළඹ රැස්වීමක් තිබුණා කියලා කියනවා. ඒ වෙනකොට ප්‍රධාන කාර්යයක් කරපු කෙනෙක් තමයි පිල්ලෙයාන්. පිල්ලෙයාන් හිටියේ හිරේ. පිල්ලෙයාන් එළියට ගන්න නම් මේ පාලනය වෙනස් වෙන්න ඕනේ කියලා සාකච්ඡා වෙනවා. ඕක කුමන්ත්‍රණයක් නෙවෙයිද? දැනටමත් ප්‍රමාද වැඩියි. හිටපු නීතිපති දප්පුල ද ලිවේරාත් කියලා යන්නේ මෙතැන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා.
250ක් මැරිලා පන්සිය ගානක් තුවාල වෙච්ච මේ ප්‍රහාරය රටේ රාජ්‍ය පාලන බලය හුවමාරු වෙන්නෙත් ප්‍රධානම හේතුවක් වුණා. මේ සිදුවීමෙන් පස්සේ ජාතිවාදය ව්‍යාප්ත වෙලා ගියා. ගෙවල් විනාශ වුණා. මිනිස්සු මැරුණා. රටේ ආර්ථිකය බින්දුවට වැටුණා. සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා, රස්සාවල් නැතිව ගියා. ඒ වගේ ව්‍යසනයක සංවේදී කරුණු ටික අසාද් මවුලානා කියන පුද්ගලයා හෙළිදරව් කරනවා නම් අනිවාර්යයෙන් ඒ වෙලාවෙම විමර්ශනයක් ආරම්භ කරන්න තිබුණේ. අසාද් මවුලානා ගෙන්න ගන්න බැරිනම්, මෙහෙ කණ්ඩායමක් ඔහු ඉන්න තැනකට යවලා හරි ගෙන්න ගන්න තිබුණා.
ශානි අබේසේකර
2018 නොවැම්බර් 30 වැනිදා වවුනතිව් පොලිස් මුරපොළේ හිටපු නිලධාරීන් දෙන්නා කෲර විදියට මැරුවා. ඒ දෙන්නාගේ රාජකාරි ගිනි අවි දෙක පැහැරගෙන ගිහිල්ලා තිබුණා. යුනිෆෝම් එකේ කොටස් පැහැරගෙන ගිහින් තිබුණා. ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු අනුව අජන්තන් සහ සර්වානන්දන් කියලා දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන තිබුණා. ඔවුන් එල්.ටී.ටී.ඊ. එකේ ඉඳලා පුනරුත්ථාපනය වෙච්ච දෙන්නෙක්. ඔවුන් දෙන්නා රැඳවුම් නියෝග මත හිටියේ. ඊට පස්සේ අපි ඒක භාර අරගෙන විමර්ශන සිදුකළා. ඒ කරගෙන යනකොට බුද්ධි අධ්‍යක්ෂ බි්‍රගේඩියර් චූලා කොඩිතුවක්කු 2018 දෙසැම්බර් 05,08,13, 2019 ජනවාරි 03 වාර්තා එවනවා මේ ඝාතනය සිදුවුණේ එල්.ටී.ටී.ඊ. එකෙන් කියලා. දෙසැම්බර් 08 වැනිදා වාර්තාවේ තියෙනවා, මේ මැරුණු රාළහාමිලා දෙන්නාගෙන් එක්කෙනෙක් වන ගනේෂ්, කල්මුණේ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වලා, ඒ කාන්තාවගේ සැමියා විදේශ රටක ඉඳලා බෝට්ටුවෙන් හොරෙන් ඇවිල්ලා එල්.ටී.ටී.ඊ. එකට කොන්ත්‍රාත්තුවක් දීලා තමයි මැරුවේ කියලා. මේ වගේ නිශ්චිත තොරතුරු දුන්නා බුද්ධි අංශයෙන්. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්තයා අපේ සීනියර් ඩී.අයි.ජී. මහත්තයට 2018 දෙසැම්බර් 03 වැනිදා කියනවා වවුනතිව් සිද්ධියට පාවිච්චි කරපු ජැකට් එකක් තියෙනවා බෝක්කුවක් යට, ඒ ගැන විමර්ශන කරන්න කියලා. ඊට පස්සේ මට ඒ තොරතුර නියෝජ්‍ය පොලිස්පතිතුමා දැනුම් දුන්නාම මම ඒ විමර්ශනයට යවලා හිටපු එස්.පී. ජයසිංහ කියන නිලධාරියාව එතැනට යොමුකරනවා. එයා එතැනට ගියාම පොත් බෑග් එක්ක ඇතුළේ දාලා තිබුණු මෝටර් සයිකල් ජැකට් එකක් අරගෙන තිබුණා. ඊට පස්සේ පොලිස් නිල සුනඛයෝ දාලා පරීක්ෂා කළාම, ඒ නිල සුනඛයා ජැකට් එකේ ඉව අරගෙන, වවුනතිව් සිද්ධිය වෙච්ච තැනට යන්නේ නැතුව කෙළින්ම ගියේ අජන්තන්ගේ ගෙදරට. අන්තිමට අජන්තන්ගේ පවුලේ අයගෙන් ප්‍රශ්න කළාම හෙළිවුණේ ඇඳ යට තිබුණු ජැකට් එක අජන්තන්ගේ කියලා.

ඊට පස්සේ 2019 අප්‍රේල් 25 වැනිදා කල්මුණේ පොලිසියෙන් අල්ලනවා ගෆූර් කියලා මනුස්සයෙක්. ඔහු ඒ වෙලාවේ කල්මුණේ පොලිසියට කියනවා වවුනතිව්වලදී රාළහාමිලා දෙන්නව මැරුවේ අපියි කියලා. එතකොටයි අපි දන්නේ මේක එල්.ටී.ටී.ඊ. එක පැත්තට දාලා බුද්ධි අංශය නොමග යැවීමක් කරලා තියෙනවා කියලා.
අපි වනාතවිල්ලුවේදී පපුරන ද්‍රව්‍ය හොයාගත්තා 2019 ජනවාරි 16 වැනිදා. ඒ අනුව මම එස්.ටී.එෆ්. එක එතැනට යොදවලා එතැන ආරක්ෂාව තරකළා. 17 වැනිදා උදේ මම ඒ ස්ථානයට යනකොට යුද හමුදා බුද්ධි අංශයේ කර්නල් අනුරුද්ධ කරුණාරත්න, කැප්ටන් නානායක්කාර ඇතුළු කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා. රාජ්‍ය බුද්ධි සේවාවේ ඒ.එස්.පී. මල්ලවාරච්චි ඇතුළු කණ්ඩායමක්. ඔය වගේ ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. පස්සේ මහේෂ් සේනානායක මහත්තයා කියනවා වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්ත එක එයාට දැනුම් දුන්නා නම් මීට වැඩිය දෙයක් කරන්න තිබුණා කියලා. එයාගේ යටතේ ඉන්න බුද්ධි අංශයේ කර්නල් අනුරුද්ධ කරුණාරත්න 17 වැනිදා උදේ එතැනට ගිහින් ඉන්නවා නම්, ඒක තව කාටවත් කියන්න ඕනේ නෑනේ. හමුදාපතිට එයා යටතේ ඉන්න බුද්ධි අංශයේ අය වගකියන්නේ නැත්නම් ඒක හමුදාපති තනතුරේ ප්‍රශ්නයක්. අනුරුද්ධ කරුණාරත්න මාත් එක්ක එකතු වෙලා ඒ විමර්ශනවලට සක්‍රීයව දායක වුණා.
රවී සෙනෙවිරත්න
මේ විමර්ශනවලින් පැහැදිලි වෙනවනේ සහරාන්ගේ කණ්ඩායමත් එක්ක ගනුදෙනු කරපු බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් හිටියා කියලා. එහෙම හිටිය ඒ බුද්ධි අංශ කණ්ඩායම සහරාන් වනාතවිල්ලුවේ පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය එක දන්නේ නැද්ද? ඒ වගේම සහරාන් පානදුරේ, මීගමුවේ සහ වත්තල සේෆ් හවුස් පවත්වාගෙන ගිය එක දන්නේ නැද්ද? ඒ ඔක්කොම පෙබරවාරි 10 වැනිදා ඉඳලා ප්‍රහාරය වෙනකල් සහරාන් ඉඳලා තියෙන්නේ බස්නාහිර පළාතේ. කිසිම බුද්ධි අංශයකින් ඒක වාර්තා කළේ නෑ. මේක දැනගෙන හිටියේ. මෙතැන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපි කියන්නේ ඒ නිසයි.
මාධ්‍යවේදියා
ඔබ දෙදෙනාට එල්ල වෙන තවත් චෝදනාවක් තමයි බුද්ධි අංශ අඩපණ කළා කියන එක. ඒ නිසා තමයි පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි අයුරින් සිදුකරන්න බැරි වුණේ කියලා?
ශානි අබේසේකර
මේ බුද්ධි අංශ දඩයම ගැන චෝදනාවක් එල්ල වුණානේ. මේගොල්ලෝ බුද්ධි අංශවල කට්ටිය අත්අඩංගුවට ගන්න සිද්ධ වුණේ එක්නැළිගොඩ පැහැරගෙන යෑම, කීත් නොයාර්ට පහරදීම, ළමයි 11 දෙනා කප්පම් ලබාගෙන ඝාතනය කරලා අතුරුදන් කිරීම, ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ඝාතනය වගේ සිද්ධීන් සම්බන්ධයෙන්. ඒ සියලු විමර්ශන කරලා තිබුණේ 2015ට කලින්. එක්නැළිගොඩ පැහැරගියේ 2010 ජනවාරි 24 වැනිදා. විමර්ශනයක් වුණේ නෑ. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව පත්වුණාම ඒගොල්ලෝ මහජනයාට කිව්වා අපි මේ විමර්ශන සම්බන්ධයෙන් සාධාරණයක් කරනවා කියලා. ඒ අනුව 2015 ජනවාරි 08 වැනිදා ජනතාව ඔවුන්ට වරම දුන්නා. ඒ නිසා ඒ රජයට වගකීමක් තියෙනවා ඒ කටයුතු කරන්න. එක්නැළිගොඩ පැහැරගැනීම සහ කලින් කියපු අපරාධ ඔක්කොම ආවේ පොලිස් මූලස්ථානයට. එක්නැළිගොඩගේ පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට කරපු පැමිණිලිවලින් එකක් මහින්ද රාජපක්ෂ මහත්තයා කරලා තියෙනවා. සී.අයි.ඩී. එකට කිසිම විමර්ශනයක් කිරීමේ වරමක් නෑ පොලිස්පතිගේ නියෝගයක් නැතුව.

අපි බැලුවා එක්නැළිගොඩට අවසන් වරට ඇවිල්ලා තියෙන දුරකතන ඇමතුම් මොනවද කියලා. ඒවා සොයන්න ගියාම ඒ ලේඛන අරගෙන තිබුණා, නමුත් ඒවා අපිට ලැබුණේ නෑ. පස්සේ විශ්‍රාම ගිහිල්ලා හිටපු අයි.පී. කෙනෙක් ළඟ ඒ ලේඛන තිබිලා අපි ගත්තා. ඒ අනුව තමයි අපි ඩිවලොප් කරගෙන ගියේ. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තිබුණා 2015 අගෝස්තු 12 වැනිදා. ඒකට පොලිස්පතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති ඇතුළු පිරිසක් සහභාගි වුණා. එතැනදී ජනාධිපතිතුමා කිව්වා මේ සංවේදී විමර්ශන රැසක් තියෙනවා, අපි මහජනයාට බැඳිලා ඉන්නවා ඒවා හෙළිදරව් කරන්න, ඇයි මේවා ඉස්සරහට යන්නේ නැත්තේ කියලා. මම කිව්වා ටෙලිෆෝන් ඩීටේල්වල ප්‍රශ්නයක් ආවා කියලා. ඊට පස්සේ තමයි ඒ ලේඛන ආවේ. ඒ ටෙලිෆෝන් ඩීටේල් ඇනලයිස් කරලා තමයි මේ බුද්ධි අංශ කට්ටියව අත්අඩංගුවට ගත්තේ. ඉස්සෙල්ලාම බුද්ධි අංශ කට්ටියව අත්අඩංගුවට ගත්තේ බි්‍රගේඩියර් ෂම්මි කුමාරරත්න ඇතුළු තුන්දෙනෙක් 2015 අගෝස්තු 25 වැනිදා. ඊට පස්සේ බුද්ධි අංශ බොහොම හොඳට වැඩ කරගෙන හිටියනේ. මම එතැනින් ටිකක් එහාට යන්නම්.

මේ රටේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආමර් වීදියේදී මරලා දැම්මා, බුද්ධි අංශය හොඳට වැඩ කරගෙන යද්දී. ටවුන්හෝල් බෝම්බයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ඇහැක් අහිමි වුණා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බෝම්බයක් තිබ්බා පිත්තල හන්දියේදී. සී.වී. ගුණරත්න, ද.මු. දසනායක, රන්ජන් විජේරත්න, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් වගේ අය මැරුවා. බුද්ධි අංශ එක්කෙනෙක්වත් අත්අඩංගුවට ගත්තේ නෑ. දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ගුවනින් ඇවිල්ලා මහ බැංකුවටයි, විදුලිබල මණ්ඩලයටයි ප්‍රහාර එල්ල කළා. ලෝකේ පළමු වතාවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයාව යුද හමුදා මූලස්ථානය තුළදී ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් දැරුවා. ජෙනරල් පාරමී කුලතුංග, කර්නල් මුතාලිෆ් ඝාතනය කළා. ගලදාරි බෝබ්මබ පිපිරුවා. එතකොටවත් බුද්ධි අංශයේ අය අත්අඩංගුවට ගත්තේ නෑනේ. එතකොට බුද්ධි අංශ අඩපණ කෙරුවා කියලා කියන්නේ 2015 අගෝස්තු 25 වැනිදායින් පස්සේ නේද?

මෑතකදී සිදුවීමක් වුණා මෝදර ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරිනියක් එක්ක බුද්ධි අංශයේ කෝප්‍රල්වරයෙක් සම්බන්ධයක් තිබිලා, ඒ කාන්තාවගේ සැමියා මරලා කැලණි ගඟට දාලා තිබුණා. එතකොටත් බුද්ධි අංශයේ කර්නල් කෙනකුත් එක්ක 12 දෙනෙක් අත්ඩංගුවට හිටියේ. එතකොටවත් කවුරුවත් කෑගැහුවේ නෑ රණවිරුවෝ අත්අඩංගුවට ගන්නවා කියලා. මේ රණවිරු ලේබල් එක ගහගත්තේ, එක්නැළිගොඩ, තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, ළමයි 11 දෙනා පැහැරගෙන යෑම, නඩරාජා රවිරාජ්, ජෝසප් පරරාජසේකරම් ඝාතනවලදී විතරයි නේද? මේකේ පොදු සාධකයක් නැද්ද? කවුද මේවට උපදෙස් දුන්න එක්කෙනා? කවුද මේවායේ ඇතුළේ ඉන්නේ? අන්න ඒගොල්ලෝ බේරගන්න, ඒගොල්ලන්ගේ කොන්ත්‍රාත්තුව කරපු කට්ටියව තමයි රණවිරු ලේබල් එක ගහලා, ස්වාමින්වහන්සේලා, නීතිඥවරු, දේශපාලකයෝ පාරට ඇවිල්ලා මාව කන්න හැදුවේ.
රවී සෙනෙවිරත්න
බුද්ධි අංශ නිලධාරීන් මේකට සම්බන්ධ වුණා. ඔවුන් අත්අඩංගුවට ගත්තා. හැබැයි තනිකර දේශපාලන අරමුණක් මත කටයුතු කරපු කට්ටිය නිසා තමයි ඔවුන් අත්අඩංගුවට පත්වුණේ. රටක බුද්ධි අංශය තමයි පළමු ආරක්ෂක වළල්ල. හැබැයි බුද්ධි අංශයට කිසිම අවස්ථාවක වරමක් නෑ දේශපාලන අරමුණක් මත ක්‍රියා කරන්න. බුද්ධි අංශය දේශපාලන අරමුණක් පස්සේ යනවා නම් ඔවුන්ට තියෙන මුක්තිය සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. මේ අත්අඩංගුවට ගත්තේ බුද්ධි අංශ නිලධාරීන් ඉතාම සුළු පිරිසක්. ඒ අය තනිකරම දේශපාලන අරමුණක් වෙනුවෙන් කටයුතු කරපු අය. ඒගොල්ලෝ රට වෙනුවෙන් නෙවෙයි එක්නැළිගොඩ උස්සගෙන ගියේ. රට වෙනුවෙන් නෙවෙයි ලසන්තව ඝාතනය කළේ. රට වෙනුවෙන් නෙවෙයි ළමයි 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා මරලා දැම්මේ. ඒක තනිකරම පුද්ගලික ලාභය නිසා කරපු දේවල්.
ශානි අබේසේකර
බුද්ධි අංශ නිලධාරීන් මම ගිහින් අල්ලලා රිමාන්ඩ් කළේ නෑනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ දිලීප පීරිස් මහත්තයා උසාවියේ පෙනීසිටියා අපි වෙනුවෙන්. නීතිපතිතුමා දැන් ඒකට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන්න කියලා ගරු අග්‍රවිනිශ්චයකාරතුමාගෙන් ඉල්ලලා, ඒ අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරලා නඩුව විභාග කරනවා. අපි අහේතුකව ඔවුන් අත්අඩංගුවට ගත්තා නම් නීතිපතිතුමා නඩු දායිද මම කිව්ව පලියට?
මාධ්‍යවේදියා
රන්ජන් රාමනායකත් සමග එළියට ආපු හඬපටයත් එක්ක ඔබතුමාට චෝදනාවක් එල්ල වුණා, ඔබතුමා කලින් හිටියේ සිරිකොතේ කියලා. ඒක බේරගන්න ඕනේ නිසා දැන් මාලිමාවට එකතු වෙලා ඉන්නවා කියලා?
රන්ජන් රාමනායක යම් යම් අවස්ථාවලදී මට කෝල් කර කර විවිධ තොරතුරු ඇහුවා. ඒ කාලේ මම පොලිස් අධිකාරිවරයෙක්. නමුත් මම ඒවට උත්තර දෙන්නේ නෑ. ඒක එයා පොලිස්පතිතුමාට පැමිණිලි කරලා තිබුණා, මම උත්තර දෙන්නේ නෑ කියලා. ඔහු ඒ වෙනකොට පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරකසභාවේ ඉන්නවා, ඒවට එයා පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න ඕනේ කියලා තමයි මගෙන් තොරතුරු අහන්නේ. ඊට පස්සේ පොලිස්පතිතුමා මට කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න, ඕගොල්ලෝ තොරතුරු දෙන්නේ නැත්නම් මොනවත් කියන්න බෑනේ, දෙන්න පුළුවන් උත්තර තියෙනවා නම් දෙන්න කියලා. ඔය විදියට තමයි ඔය ඩයලොග් එක පටන්ගත්තේ.

ඊට පස්සෙ භාරත ලක්ෂ්මන් නඩුව විභාග කරලා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දුවට දින දුන්නා 2016 සැප්තැම්බර් 08 වැනිදා. ඒ නඩුවේ අගතියට පත් පාර්ශ්වයෙන් පෙනීසිටියා හේමන්ත වර්ණකුලසූරිය මහත්මයා. එතුමාට ලොකු ප්‍රශ්නයක් තිබුණා, දුමින්ද සිල්වාට වෙඩිතියපු කෙනාට නඩු දැම්මේ නෑ කියලා. මොකද දුමින්ද සිල්වාට වෙඩි තියපු බවට සාක්ෂි මගින් අනාවරණ වෙච්ච පිස්තෝලේ භාරත ලක්ෂ්මන්ගේ සිකියුරිටි ඔෆිසර් විදියට හිටපු ගාමිණී කියන පොලිස් සැරයන්වරයාගේ පිස්තෝලේ පතුරම් කොපු දෙකක් ටැලි වෙනවා. නමුත් එයාගේ එක ඇහැකට වෙඩි වැදිලා අතකට වෙඩි වැදිලා කකුල්වලට වෙඩි වැදිලා. ඊට අමතරව ඒ පිස්තෝලේ අපි හොයාගත්තේ දුමින්ද සිල්වාගේ සිකියුරිටි ඔෆිසර් කෙනෙක්ගේ ලොකර් එකක තිබිලා, සති දෙකකට පස්සේ. එතකොට කොහොමද අර මනුස්සයට නඩු දාන්නේ? එතකොට හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහත්තයා ගාවටත් ගිහිල්ලා පැමිණිලි කරලා, ගම්ලත් මහත්තයා, වරුණකුලසූරිය මහත්තයවත් ගෙන්නලා මේක විවෘතව ඇහුවා. ඔහු කිව්වා මේකට නඩු දාන්න බෑනේ, මේ මිනිහට වෙඩි වැදිලා, පිස්තෝලේ වෙන කොහෙවත් තිබිලා හම්බුණේ. සාක්ෂියක් නෑ මෙයා වෙඩිතිබ්බා කියන්න. හැබැයි කොපු දෙකක් ටැලි වෙනවා. කවුරු වෙඩි තිබ්බද කියලා කොහොමද කියන්නේ කියලා. නඩු දැම්මේ නෑ.

පස්සේ දවසක වර්ණකුලසූරිය මහත්තයා උසාවියේදී මුණගැහිලා මට කිව්වා ‘උඹලා උඩ දැඟලුවට අන්න අපේ මිනිහා වැඩේ කරගෙන තියෙන්නේ’ කියලා. මම ඇහුවා මොකක්ද සර් කියලා. එතකොට එතැන හිටපු එයාගේ කනිෂ්ඨ නීතිඥයෙක්ගේ ටැබ් එකෙන් පෙන්නුවා ලංකා නිවුස් වෙබ් එකේ 2016.06.21 වැනිදා පළවෙච්ච ප්‍රවෘත්තියක්. ඒකේ තියෙනවා ‘මම ජජ්ව බැලන්ස් කරගත්තා. නඩුවෙන් මම ගොඩ. දුමින්ද කියලා…’ ඊට පස්සේ මම කිව්වා ‘ඔව් ඉතින් සර් ඕවා ලංකාවේ වෙන්න පුළුවන් දේවල්. අමුතු දේවල් නෙවෙයි’ කියලා. මම ඊට පස්සේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවපු තුසිත් මුදලිගේ මහත්තයට කතා කරලා කිව්වා වර්ණකුලසූරිය මහත්තයා මෙහෙම කතාවක් කිව්වා කියලා. එතකොට ඔහු කිව්වා, ‘ශානි අපි ඔය නඩුව හරියට කළානේ. සාක්ෂි ටිකත් හරියට ඇවිල්ලා තියෙනවා. අපි බලමු ජජ්මන්ට් එක, නිවුස්වල තියෙන ඔක්කොමත් ඇත්ත නෙවෙයිනේ’ කියලා. ඊට පස්සේ රන්ජන් රාමනායක කෝල් කරලා මගෙන් ඇහුවා ‘දැන් 8 වැනිදා වැඩේ හරි නේද?’ කියලා. මම කිව්වා හරි නෙවෙයි, අන්න නිවුස් වෙබ් එකේ 21 වැනිදා දාලා තියෙන එක බැලුවද කියලා. ‘ආනේ මාර වැඩේ, දැන් ඊට පස්සේ මොකක්ද වෙන්නේ?’ කියලා ඔහු මගෙන් ඇහුවා. මම කිව්වා එක්කෝ වෙඩි කන්න මෙහෙ ඉන්න ඕනේ, නැත්නම් රටින් යන්න වෙනවා කියලා. ඊට පස්සේ රන්ජන් ‘හරි’ කියලා තිබ්බා.

ඊට දවස් දෙක තුනකට පස්සේ ආයෙත් රන්ජන් රාමනායක මට කතා කරලා කිව්වා ‘මම පද්මිණීට කතා කළා’ කියලා. මම ඇහුවා පද්මිණී කියන්නේ කවුද කියලා. ඔහු කිව්වා, ‘පද්මිණී රණවක මැඩම් මේ නඩුව අහපු විනිසුරුතුමියක්’ කියලා රන්ජන් කිව්වා. මම ඇහුවා මොනවද කතා කළේ කියලා. ඔහු මට කිව්වා ‘නෑ නෑ මට මොනවත් කියන්න වුණේ නෑ, මම කිව්වා ඔබතුමිය ශ්‍රේෂ්ඨ විනිසුරුතුමියක්, දවල් කාලේ මහ පාරෙදි වෙච්ච බිහිසුණු අපරාධයක් මේක. මුළු රටම බලාගෙන ඉන්නවා… රන්ජන් කට්ටියක් එනවා, මං තියන්නම් කියලා එතුමිය ටෙලිෆෝන් එක තිබ්බා’ කියලා. රන්ජන්ගේ හඬපටයේ ඕක තියෙනවා.

මම ඊට පස්සේ ආයෙත් තුසිත් මුදලිගේ මහත්තයට කතාකරලා කිව්වා සර්, මෙහෙම දෙයක් රන්ජන් කරලා කියලා. එතකොට මුදලිගේ මහත්තයා කිව්වා, ‘අම්මෝ උඹ වැඳලා හරි ඕක නවත්තපන්. ඕක ලොකු ලෙඩක්. මැඩම් ඕක නෝට් එකක් දාලා නඩුව අහන එක නතර කරයි. එහෙම වුණොත් නඩුවත් ඉවරයි, අපිටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොනවා හරි කරලා ඕක නවත්තපන්’ කියලා. ඊට පස්සේ තමයි මම කෝල් එකක් අරගෙන ‘අනේ සර් වැදගත් දෙයක් කතාකරන්නේ, උසාවිවලට කතාකරන්න එපා. මම ඔබතුමාට වඳින්නම්. විනිශ්චයකාරවරුන්ට කතාකරන්න එපා මම හයමාසයක් ගෙදරට ඇවිල්ලා වළං හෝදන්නම්’ කියලා. ඒ කොටසේ විනිසුරුවරුන්ට කතාකරන්න එපා, අධිකරණවලට කතාකරන්න එපා කියපු කොටස නෑ, ඒ ටික එඩිට් කරලා. මට ඔබතුමාට වඳින්නම්, හයමාසයක් වළං හෝදන්නම් කියපු ටික තමයි එළියට දැම්මේ. මාව ඉන්ටර්ඩික්ට් කළේ ඕකට. අද වෙනකල් මගෙන් කටඋත්තරයක් ගත්තේ නැත්තේ මම මේවා කියලා තහවුරු කරන හින්දනේ. අපේ ගමේ උපාසක දානයක් හරි මොකක් හරි දෙයක් තිබුණොත් වළං පිඟන් හෝදන්න භාරගන්නේ මම. මොකද ඒකට ගොඩක් අය අකැමැති දෙයක්නේ. මම ඒකට කැමැතියි. වළං හෝදනවා කියලා මට බණින කට්ටිය වළංවල උයලා කන කට්ටිය නෙවෙයි.

අද වෙනකොට අධිකරණයේ ස්වාධීනත්වයේ හොඳම ප්‍රතිඵල භුක්ති විඳින මිනිහෙක් මම. මට අභියාචනාධිකරණයෙන් ඇප දුන්නේ නැත්නම් මම අදත් ඇතුළේ. මරණීය දණ්ඩනයෙන් දඬුවම් කරන්න පුළුවන් චෝදනාවකට තමයි මාව අල්ලලා රිමාන්ඩ් කළේ. මම වළං හේදුවා කියන මහත්වරුන්ටත් අධිකරණයේ ස්වාධීනත්වය කවදා හරි දවසක ඕනේ වෙයි.

The Life Traveler යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

පරසතු මලේ මහ වලව්ව – කා සතු වේද නොදත් පලහිලව්ව! Sri Lanka Latest News

Next Post

රටක් ආදරය කරපු – ආදරයට අරුතක් දීපු ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයේ මුල සිට අගට කතාව මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.