• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරසතු මලේ මහ වලව්ව – කා සතු වේද නොදත් පලහිලව්ව! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පරසතු මලේ මහ වලව්ව – කා සතු වේද නොදත් පලහිලව්ව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
මේ ලිපිය කියවන ඔබ පරසතු මල් චිත්‍රපටය බලලා තියෙනවද? කරුවල ගෙදර, ස්වයංජාත, උදාගිර වගේ ටෙලිනාට්‍ය නරඹලා තියෙනවද? මේවා නරඹලා තියෙන ඔබට මේ ටෙලිනාට්‍යවල වලව් පසුබිමක යන යම් යම් ජවනිකා මතක ඇති. ඒ පසුබිමට මුල් වුණේ ජයකොඩි වලව්ව. ජයකොඩි වලව්ව කියන්නේ වැලිපිල්ලෑවේ තියෙන ජයකොඩි වලව්ව. ලංකාවේ ඉතිහාසයේ ජයකොඩි වලව් කීපයක් ගැන කියැවෙනවා. ඉන් එකක් තියෙන්නේ බාඳුරාගොඩ. ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ජීවිතේ ගෙවිච්ච තැන. හැබැයි මේ කියන්නේ ඒ ගැන නෙවෙයි මේ කියන්නේ ගණේමුල්ලේ තියෙන ජයකොඩි වලව්ව. ගණේමුල්ලේ සිට වැලිපිල්ලෑව හරහා ගමන් කරන ඔබට ඔබේ වම් අත පැත්තේ සරුසාර තුරුලතා ගොමුවක් මැද තියෙන සුදු පැහැති යෝධයකු සේ ඈතින් පෙනෙන මේ වලව්ව දකින්න ලැබෙනවා. මේක ඉතාම වටිනාකමක් සහිත වලව්වක් බවයි කියැවෙන්නේ. මේ වලව්වේ ඉතිහාසමය කතාව ඓතිහාසික වටිනාකමට වඩා ජනප්‍රවාදමය සාහිත්‍යමය වටිනාකමක් සහිතවයි අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නේ.
ජයකොඩි වලව්ව ගැන ජනප්‍රවාදයේ කියැවෙන්නේ ගබන් ජයකොඩි කියන නම. බි්‍රතාන්‍ය පාලන කාලෙදී ජීවත් වෙච්ච මේ ගබන් ජයකොඩි කියන තරුණයා වැලිපිල්ලෑවේ හිටපු ග්‍රාමීය චණ්ඩියෙක්. ඔහු කොච්චර චණ්ඩියා වුණත් පන්සලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබිලා තියෙනවා. නිතර පන්සලට ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක කයියක් ගහලා එන ගබන්ට, දවසක් මේ පන්සලේ හිටිය හාමුදුරුවෝ එක්තරා තරුණියක් පෙන්නලා කියනවා ‘ඔන්න ගබෝ කේන්දරේ’ කියලා. කසාදයක් කරගන්නවා නම් මේ කාන්තාව තමයි ගැළපෙනම කෙනා කියලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන දන්න මේ හාමුදුරුවෝ ගබන්ට කියනවා. ගබන් හාමදුරුවන්ගේ කතාව විශ්වාස කරලා මේ තරුණියව කොහොම හරි විවාහ කරගන්නවා කියලා විශාල උත්සාහයකින් පස්සේ ඈව සහේට ගන්නවා. Sri Lanka Latest News

මේ විදියට විවාහ වෙලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙච්ච ගබන්ගේ පවුලට එක්තරා අවස්ථාවකදී දකින්න ලැබෙනවා මුට්ටියක්. මේක ගබන් විවාහ කරගත්තු තරුණිය තමයි ඔහුට කියන්නේ. විශාල දිය පොකුණක් සහ පුංචි කැලයක් තිබුණු මේ ප්‍රදේශයට ගිය ගබන් මේ විශාල මුට්ටිය ගෙදර අරගෙන එනවා. කවුදෝ කෙනෙක් හංගපු මුට්ටියක් බව දැන දැනම ගබන්ලා මේ මුට්ටියේ තිබුණු දේවල් මොනවද කියලා බලනවා. අදහා ගන්න බැරි විදියට ගබන්ට දකින්න ලැබෙන්නේ මේ මුට්ටියේ තියෙන්නේ කාසි බව. විශාල කාසි මුට්ටියක් මේ විදියට ගබන් සතු කරගන්නවා. ගබන් මේ විශාල මුට්ටියෙන් ඉඩකඩම් මිලට අරගෙන, ව්‍යාපාර ආරම්භ කරලා, විශාල ධනවතෙක් බවට පත්වෙනවා. ඔහු ලී ව්‍යාපාරයට එනවා. පොලියට මුදල් දීම පටන් අරගන්නවා. මේ විදියට ඉතා දියුණු සරුසාර ව්‍යාපාරිකයෙක් බවට හදිසියේ පත්වෙච්ච ගබන් ජයකොඩි වැලිපිල්ලෑව විහාරය ඉස්සරහා ජයකොඩි වලව්ව ඉදිකරනවා. මේ තමයි ඔහු හදපු වලව්ව.

ගබන් ජයකොඩිගෙන් පස්සේ ඇඩ්වින් කේ. ජයකොඩි කියන පුත්‍රයා, සිරිදත්ත මැතිනියව විවාහ කරගැනීමත් සමග විශාල පවුල් බලයක් මේගොල්ලන්ට ලැබෙනවා. බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට උදවු උපකාර කරමින් ඉතා සරුසාර ජීවිතයක් මේ අය ගතකරනවා. කැලණි විහාරය, කිරින්ද විහාරය, විහාරමහා දේවි උද්‍යානයේ තියෙන විහාරමහා දේවි ප්‍රතිමාව වගේ දේවල් සිරිදත්ත ජයකොඩි මැතිනියගේ අනුග්‍රහයෙන් ඉදිකළ බව කියැවෙනවා. ඒ වගේම ප්‍රදේශයේ බෞද්ධ පාසල් නගාසිටුවන්න මේ අය කටයුතු කරලා තියෙනවා. ජයකොඩි මහ විදුහල ආරම්භ කරන්නෙත් මේගොල්ලෝ. 1960දී මහර ආසනයට තරග කරන්න ඈට අවස්ථාව ලැබෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂයෙන්. මේ ඇඩ්වින් කේ. ජයකොඩිටයි, සිරිදත්ත ජයකොඩිටයි පුත්තු දෙන්නෙක් ඉන්නවා. එක පුතෙක් හදිසියේ මියයෑමත් සමග දියණිය වෛද්‍යවරයකු සමග විවාහ වෙලා විදේශගත වෙනවා. අනිත් පුතා තමයි කමලවර්ණ ජයකොඩි. වලව්වේ හිමිකරු බවට පත්වෙන්නේ ඔහු. ස්වර්ණමාලි ජයකොඩිත් එක්ක විවාහ වෙච්ච ඔහු රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දක්වා ඉතා දුර ගමනක් යනවා. 2007 වසරේදී කමලවර්ණ ජයකොඩි මියයනවා. ඔහු මියයන්නේ දරුවන් නොමැතිව. කමලවර්ණ ජයකොඩි මියගියාට පස්සේ 2025 වෙනතුරු ස්වර්ණමාලි ජයකොඩි මහත්මිය මේ වලව්වේ හුදෙකලා ජීවිතයක් ගතකරනවා. දැන් මේ කතාව පටන්ගන්නේ ඇගේ මරණයත් සමග.

ඇගේ මරණයෙන් පස්සේ මේ වලව්වට හිමිකරුවෝ විශාල පිරිසක් ඉදිරිපත් වෙනවා. මේක විශාල ප්‍රශ්නයක් බවට පත්වෙන තැනට එනවා. අධිකරණයට ගැටලු විසඳන්න වෙන තැනටම පත්වෙනවා. අධිකරණය විසින් මේ ගැන තීන්දු තීරණ ගන්නා තැනට පත්වුණාට පස්සේ අධිකරණයට දැන් වලව්වට හිමිකරුවෙක් විතරක් නෙවෙයි, මේ මෘත ශරීරයට හිමිකරුවෙක් හොයාගන්නත් සිදුවෙන තැනට ප්‍රශ්නය දිග්ගැස්සෙනවා. දැන් මේ මෘත ශරීරයේ හිමිකරුවා හොයනකොට අවසාන තීන්දුව ගන්න සිද්ධ වෙන්නේ අධිකරණයට. රෝගී තත්ත්වයෙන් ඈ මියගියාට පස්සේ ඇගේ මෘත ශරීරය සම්බන්ධව අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකු විසින් සිදුකරන අවසාන පරීක්ෂණය ඉතාම තීරණාත්මක එකක් බවට පත්වෙනවා. ඒ සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග අරගෙන ඇගේ මෘත ශරීරය භාරදෙන්නේ ඈ මියයනතුරු අවසන් කාලයේ ඈව රැකබලාගත් ඇගේ රියැදුරු වන කේ.ඒ.ඩී. රෝහිත යන අයට. ඒ අනුව ඇගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තමයි තීන්දුව දෙන්නේ.

කාලයක් අක්කර දහස් ගණනක හිමිකරුවෝ වෙලා හිටපු ජයකොඩි පරම්පරාව ගණේමුල්ල යුද හමුදා කඳවුරට, වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයට, ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවලට තමන්ගේ ඉඩකඩම් පූජා කරපු, වෛවර්ණ ජීවිතයක් ගතකරපු ඉතා හොඳ පිරිසක්. පසුකාලීනව විවිධ ව්‍යාපාර කටයුතු නිසා, ඔවුන්ගේ ඉඩම් විකුණා දැමීම නිසා කුඩා ප්‍රමාණයකට ලඝු වෙච්ච මේ වලව්වේ භූමිය අද වෙද්දී හිමිකරුවෙක් නැතිව හුදෙකලා වෙලාද කියලා අපිට හිතෙනවා. වලව්වේ හිමිකරුවා බවට පත්වෙන්නේ මේ රියැදුරුද? කෝටි 200ක් විතර වටිනා දේපළවල හිමිකරුවා බවට පත්වෙන්නේ මේ රියැදුරුද? එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද? අධිකරණයට මේ ගැන තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා.

වසර ගණනක් තිස්සේ දරු මුණුබුරු පරම්පරාවකට හෙවණ වෙච්ච අභිමානනීය මේ වලව්ව දැන් තනිවෙලා. එක වර සිය දෙනකුට අසුන්ගන්න පුළුවන් කෑම මේසේ එක්ව වාඩිවෙලා අසුන් ගන්න දැන් සිය දෙනෙක් තියා පවුලේ කියලා කියන්න එක්කෙනෙක් දෙන්නෙක්වත් නෑ. මේක තමයි ලංකා ඉතිහාසය පුරාම තේජාභිමාන වලව්වලට හිමිවන අවසාන ඉරණම. පස්සේ වලව්ව හෝටලයක් බවට පත්වෙලා, නැත්නම් කෑම කඩයක් බවට පත්වෙලා, වෙනත් ව්‍යාපාරයක් බවට පත්වෙලා, කාගේ හෝ සමාගමක හිමිකරුවන් බවට පත්වෙලා අවසාන කාලය ගතකරනවා. වලව්ව ප්‍රතිසංස්කරණයට ලක්වෙන්නේ ඉන් පස්සේ. වලව්වේ තිබුණු අභිමානනීය මතකයන් ආදරණීය සිහිවටන සියල්ල වලව්ව තුළම මිහිදන් වෙනවා.

මේ වලව්වේ දුවපැනපු දරු මුණුබුරන්ගේ කටහඬවල් දැන් ඇහෙන්නේ නෑ. වලව්වේ තිබුණු ආදරය දැන් දකින්න නෑ. මෙදා අලුත් අවුරුද්දට වලව්වේ කිරිබතක් ඉදෙන්නේ නෑ. මෙදා අලුත් අවුරුද්දට වලව්වට කවුරුවත් නෑගම් එන්නේ නෑ. මෙදා වෙසක් පෝයට වලව්වේ වෙසක් කූඩු හදන්න කෙනෙක් නෑ. ජයකොඩි වලව්ව තවත් එක් හුදෙකලා වලව්වක් විදියට අඳුරු කතන්දර රැසක හිමිකරුවෙක් වෙලා හොල්මන් කතාවක අවසාන කොනට එකතු වෙනවද? එහෙම නැත්නම් වලව්වට හිමිකරුවෙක් ඇවිල්ලා මේ වලව්ව ආයෙත් පරණ පුරුදු ජීවිතයට හුරුවෙනවද කියන එක දිහා අපි බලාගෙන ඉමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මානව හිමිකම් අපරාධවලට අදාළව ශ්‍රී ලාංකික හිටපු හමුදාපතිවරුන් 3කට මහා බ්‍රිතාන්‍යයෙන් සම්බාධක! හිටපු කොටි නායක කරුණා අම්මාන්ටත් සම්බාධක! දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍ය රජය දැරූ උත්සාහයක ප්‍රතිඵල! මුදල් සහ සියලු දේපළ තහනම්! බ්‍රිතාන්‍යයට ඇතුළු වීම තහනම්! Sri Lanka Latest News

Next Post

හැමෝම බලන් ඉන්න පොලිසියේ ලොක්කෝ දෙන්නා රවී සහ ශානි මුල්වරට කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.