මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී ඇත.Sri Lanka Latest News
ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලට අනුව ඊයේ (01) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.
පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.










