ඇල්ල සංචාරක කලාපයට පිටස්තරව පැමිණෙන කුලී රථ රියදුරන් සහ එම ප්‍රදේශයේ රැකියාවේ නිරත කුලී රථ රියදුරන් අතර ඇති වූ නොසන්සුන්තාවයක් දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රදේශයේ රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන්ට උපදෙස් ලබාදෙන ආකාරය දැක්වේ.
කෙසේවෙතත් අදාළ සිදුවීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට විනය කටයුත්තකට යටත්ව ඇල්ල පොලීසියේ සිට බණ්ඩාරවෙල පොලීසිය දක්වා ස්ථානමාරුවක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.










