අද (12) සිට තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.Sri Lanka Latest News
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් එහි දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තිබුණා.
ඒ අනුව කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර අද (12) සිට පහත පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා..
* අංක 5003 – කොළඹ කොටුව – තලෛමන්නාරම,
කොළඹ කොටුවෙන් පිටත්වීම ප.ව.16.15 – තලෛයිමන්නාරමට ලඟාවීම ප.ව.22 15 (2024.11.12 දින සිට)
* අංක 5004 – තලෛමන්නාරම – කොළඹ කොටුව
තලෛමන්නාරම පිටවීම පෙ.ව. 04.15 – කොළඹ කොටුව ලඟාවීම පෙ.ව.10.15 (2024.11.13 දින සිට)











