වව්නියාව පට්ටානිචූර් ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ගේ ඊයේ (11) රාත්‍රියේ පැවති ජනහමුවක් අතරතුරදී දෙපාර්ශවයේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටීමකදී දෙදෙනෙකු තුවල ලබ රෝහල්ගත කොට ඇතැයි වව්නියාව පොලීසිය පැවසීය.Sri Lanka Latest News
මැතිවරණ ප්‍රචාරක කටයුතු (11) ඊයේ රාත්‍රියෙන් අවසන් වීම හේතුවෙන් කාදර මස්ථාන්ගේ සහ රිසාඩු බදියුදීන්ගේ ජනහමු දෙකක් පට්ටානිචූර් ප්‍රදේශයේ සංවිධනය කොට තිබූ අතර ඒහිදී කාදර් මස්ථාන් මහතාගේ ජනහමුවක් අතරතුරදී එම ස්ථානය අසලින් රිෂාඩ් බදියුදීන් මහතාගේ මැතිවරණ ප්‍රචාරක රථ පෙලපාලියක් ගමන්කල අවස්ථාවේදී මෙම ගැටුම ආරම්භ විය.
එහිදී කාදර් මස්ථානගේ ජනරැලිය ආසන්නයෙන් රිෂාඩ් බදියුදීන්ගේ රථ පෙලපාලිය ගමන් කිරීමත් සමග අධරකරුවන් අතර බහින් බස්වීමක් ඇතිව පසුව එය දුරදිග ගොස් පහරදීගැනීමක් දක්වා වර්ධනය වී ඇති අතර රථපෙලපලියේ රිෂාඩ් බදියුදීන් ගමන්ගත් රථයට සහ ආධාරකරුවන්ගේ රථවලටද පහරදීමෙන් දැඩි හානි සිදුව ඇතයි වාර්ථාවෙයි.
මෙම පහරදීමෙන් ආධාරකරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබ වව්නියාව රෝහලට ඇතුලත් කල අතර ගැටුම පැවති ස්ථානයට පැමිණි වව්නියාව පොලීසිය විසින් තත්වය පලනය කිරීමට පියවර ගෙන තිබුණි.










