• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනතුරු වූ අනතුරු! ගංජ ගහලලු! ටයර් පුපුරලලු! නින්ද ගිහිල්ලලු! සීට් බෙල්ට් දාලද? Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අනතුරු වූ අනතුරු! ගංජ ගහලලු! ටයර් පුපුරලලු! නින්ද ගිහිල්ලලු! සීට් බෙල්ට් දාලද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනතුරක්. මේක අපි නිතර අහන වචනයක්. අපි ජීවත් වෙද්දී, පාරේ තොටේ යද්දී එද්දී අනතුරු නිතරම දකිනවා. මේ අනතුරුවලට හේතුව මොකක්ද? වැරදිකාරයා කවුද? ඇත්තටම අනතුරු සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට අපිට උත්තර නැහැ.Sri Lanka Latest News

පහුගිය කාලේ අපි දැක්කා බස්වලට නැගලා සීට් බෙල්ට් හොයනවා. හැබැයි එහෙම සීට් බෙල්ට් හෙව්වට මහත්තයෝ, දුර දුවන බස්වල ඩ්‍රයිවර්ලා හුඟ දෙනෙක් ගංජා ගහනවා. ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය ගන්නවා, මත් වෙලා.

යාපනේ යන බස් නවත්තලා තියෙන කොල්ලුපිටියේ බස් නවත්තලා තියෙන ස්ථානයට අපි ගියාම අපි දැක්ක සිද්ධියක් තමයි, සියලු දෙනා හිටියේ බීමතින්. සිහි කල්පනාවක් නැතිවෙන්න ඒගොල්ලෝ බීලා. සමහර වෙලාවට තව පැය එකකින්, දෙකකින්, තුනකින්, හතරකින් ඒ බස් පිටත්වෙන්න නියමිතයි. අපි විශ්වාස කරනවා ඒ විදිහට උදේ දවසේ බීලා රාත්‍රී කාලයේවත් මනුස්සයෙක්ට බස් එකක් එළවන්න බෑ කියලා. හැබැයි ඒගොල්ලෝ යනවා. පැයට කිලෝමීටර් 100, 120, 140 වේගෙන් බස් රථ ධාවනය කරනවා.
අපි දැක්කා 28 වැනිදා උදෑසන බොරැල්ල කනත්ත අසල සිද්ධිය. ඒකෙදි එක් පුද්ගලයෙක් මේ ලිපිය ලියන මොහොත වෙද්දි මියගිහිල්ලා. දොඹකරය ධාවනය කරපු පුද්ගලයා කිසිම තැකීමක් නොකර ධාවනය කරපු නිසා, ඔහුගේ පාලනයෙන් දොඹකරය ධාවනයෙන් ගිලිහුණු නිසා තවත් මෝටර් රථ දෙකක් සහ යතුරුපැදි තුනක් අනතුරට ලක්වෙලා තියෙනවා. වයස අවුරුදු 62ක පුද්ගලයෙක් ඒ ස්ථානයේදීම මියගිහිල්ලා තිබුණා. කිසිම කෙනකුට වරදක් නොකරපු පුද්ගලයෙක් මියයන්නත්, හය දෙනකුට බරපතළ තුවාල ලැබෙන්නත් මේ අනතුර හේතු වුණා.

මේ විදිහට අනතුරු විශාල ප්‍රමාණයක් ලංකාවේ වසරක් පාසා, දවසක් පාසා සිද්ධ වෙනවා. වාහන පාලනය කරගන්න බැරිවීම, වාහනවල අමතර උපාංග නිවැරදිව නොයෙදීම, වාහනවල අධික වේගය, වාහන සම්බන්ධව නිවැරදිව නීතිරීති ක්‍රියාත්මක නොවීම, මේ සියල්ලම අනතුරුවලට හේතු වෙනවා.

මේ ආසන්න දවස්වල අධිවේගී මාර්ගයේ සිද්ධ වෙච්ච රිය අනතුර තැතිගන්වනසුලු එකක්. වෑන් රථයේ රෝදේ පුපුරලා ඒකෙ ගිය කාන්තාවන් දෙදෙනෙක් එම ස්ථානයේදීම මියයනවා. මෘත ශරීර මහාපාරේ වැටිලා තියෙන වීඩියෝ පින්තූර සමාජ මාධ්‍ය තුළ එහෙට මෙහෙට වෙනවා අපි දැක්කා.
වාහනයක් ගිහිල්ලා රියැදුරු සහ කුඩා දරුවෝ දෙන්නෙක් මියගිය බව අපි දැක්කා.

මීමුරේදී වාහනයක් ප්‍රපාතයට පෙරළිලා එක්තරා පිරිසක් මියයනවා. විදෙස්ගතව හිටපු පුද්ගලයෝ පිරිසක් ලංකාවට ඇවිල්ලා එම අනතුරෙන්, පුංචි දරුවෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා ඒ දරුවාගේ මවුපියෝ මියයනවා අපි දැක්කා.

අපේ රටේ වාහනවල තත්ත්වය, අපේ රටේ වාහනවල වයස තරාතිරම මේ සියල්ලටම බලපානවා. අපි දන්නවා වාහනයකට නිසි නඩත්තුවක් අවශ්‍යයි. නමුත් ඒ නඩත්තු සඳහා අවශ්‍ය කරන උපාංගවල මිල අතිශය ඉහළ නිසා වාහන නඩත්තුව බොහෝ විට අද කරන්නේ ගෙදරමයි. වාහනේට අවශ්‍ය කරන ඔයිල් ටික, ෆිල්ටර් එක ගෙදර දාගෙන, වාහනය කිසිදු නඩත්තුවකින් තොරව, බ්‍රේක් ටික බලාගන්නේ නැතුව, ටයර්වල පීඩනය බලාගන්නේ නැතුව, වාහනයේ ටයර්වල තත්ත්වය බලාගන්නේ නැතුව වාහන මහා මාර්ගයේ ගමන් කරනවා. කොයිවෙලේ කොතැනදි කොහොම අනතුරක් වෙයිද කියලා දන්නේ නැහැ.

ලංකාවේ තියෙන වාහනවලින් 50%කටත් වඩා ඒවායේ එක්කෝ එයාර් බැලුන් නැහැ. එහෙම නැත්නම් ත්‍රිරෝද රථ, නැත්නම් යතුරුපැදි. ඉන් පස්සේ වෑන් රථ, ලොරි, බස්. මේ සියල්ලම අනාරක්ෂිත තත්ත්වයේ තියෙන වාහන. ඒවා ධාවනය කරන රියැදුරන් එක්කෝ නිදිවර්ජිතව ධාවනය කරනවා, එක්කෝ ඒගොල්ලෝ මත්පැන් බීලා ධාවනය කරනවා, එහෙම නැත්නම් ලෙඩ රෝග තියාගෙන ධාවනය කරනවා. මේ සියල්ලම නිසා තමයි මේ අනතුරු සිද්ධ වෙන්නේ.

මේ අනතුරුවලින් මියයන්නේ අනතුර කරන්නට, අනතුරට වැරදිකාරයා ලෙස පෙනෙන්න ඉන්න පුද්ගලයා නෙමෙයි. පාරේ හිටපු කිසි දෙයක් නොදන්න මිනිස්සු. රැයක් එළිවෙලා, දවසක් උදාවෙලා, උදේ වැඩට ගිය වැඩිහිටියෝ ආපහු ගෙදරට එන්නේ මෘත ශරීරයක් වෙලා, පෙට්ටියක දාලා. සතුටින් ගියපු ටි්‍රප් එක නිමාවෙන්නේ මළ සිරුරු දෙකක් ගෙදරට ගෙනෙන ගමන් ඉතින්. ඒ නිසාම නෝනාවරුනි මහත්වරුනි, දැන් අපි මේ නීතිරීති කියලා බයිලා ගහන්නේ නැතුව, මිනිස්සුන්ව හරියට චෙක් කරන්න පුළුවන් විදියේ සිස්ටම් එකක් හදමු. හැමදාම පොලීසියට ඇඟිල්ල දික් කළාට අපි දැක්කා මේ අනතුරු අස්සේ වැඩි හරියක් වෙහෙසෙන්නේ පොලිසිය. රෝගීන්ව පටවන්නේ පොලිස් ජීප් එකට. රෝගීන්ව උස්සන්නේ පොලිස් නිලධාරීන්. ඒ මිනිස්සුත් මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ රැකියාවේ වෘත්තීයේ කොටස් නෙවෙයි ඒවා. ඒත් ඒ කිසි දෙයක් නොතකා වැඩකරන පොලිසියට අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනෙ. ඒත් මේ වෙලාවේ ආයෙත් අපිට ඇඟිල්ල දික්කරන්න වෙන්නේ පොලිසියටම තමයි.

අපි දන්නවා නීතිරීති හදන කට්ටිය හදිසියේ ප්‍රදර්ශනයට අවශ්‍ය කරන පින්තූර එල්ලනවා වගේ, එක එක කතන්දර හදලා නීතිරීති නිර්මාණය කරගන්නවා. ඒත් ඒවායින් අවසාන ප්‍රතිඵල විදියට ලැබෙන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නෙවෙයි. අපිට ඕනේ දඩකොළ නෙමෙයි. අපිට ඕනේ සල්ලි නෙමෙයි. අපිට ඕනේ වැරදිකාරයෝ හොයලා ඒකෙන් ආතල් එකක් ගන්න නෙමෙයි. අපිට ඕනෙ කරන්නේ මාර්ගයේ අනතුරු අවම කිරීම.

අධිවේගී මාර්ගයේ අනතුරු ප්‍රමාණය අතිශය ඉහළ ගිහිල්ලා තියෙන මොහොතකයි අපි මේ කතාකරන්නේ. අධිවේගී මාර්ගය අනාරක්ෂිත නම්, ලංකාවේ අතුරු මාර්ගවල නිතර ගැටෙන වාහන තියෙන පාරවල්වල අනතුරු ගැන ආයේ අහන්න, කරන්න, කියන්න දෙයක් නෑ.

ඒ නිසා මේ තත්ත්වයේ තියෙන භයානකකම හරියට අවබෝධ කරගෙන රටේ නීතිරීති හදනවා නම් වඩා හොඳයි. ඊටත් වඩා හොඳයි රට ගැන දැනගෙන, මහපාර ගැන දැනගෙන, වාහන එළවනවා නම්. පළමුවැනි තැන දෙන්න ඕනේ අන්න ඒකට.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨාව උසාවි කූඩුවට නග්ගන ලලිත් – කුගන්! Sri Lanka Latest News

Next Post

අධ්‍යාපන වෙනස ගැන කතාකරන අස්සෙ – මත් පෙති ගෙන පන්නන්නේ කවුද ළමයි පස්සේ ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.