• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාව උසාවි කූඩුවට නග්ගන ලලිත් – කුගන්! Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාව උසාවි කූඩුවට නග්ගන ලලිත් – කුගන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජා හා කුගන් මුරුගානන්දන් 2011 වසරේදී අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2025.07.28 වැනි දින ප්‍රකාශයක් ලබාදීම සඳහා ලලිත් වීරරාජාගේ පියා වන ආරුමුගම් වීරරාජා මහතා කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණියේය. එම ප්‍රකාශය ලබාදීමෙන් අනරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස අදහස් දක්වා සිටියේය. Sri Lanka Latest News

‘2011 දෙසැම්බර් මස 10 වැනිදා රාත්‍රියේ, 2011 දෙසැම්බර් 11 වැනිදාට එළිවෙන්න, ලලිත් කුමාර් වීරරාජා සහ කුගන් මුරුගානන්දන් කියන අපේ සහෝදරවරු දෙදෙනාව, යාපනයේ අධිආරක්‍ෂක කලාපයකදී පැහැරගෙන අතුරුදන් කරනු ලැබුවා. මේ දක්වා ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. එතකොට ඔවුන් සිටින තැන දැනුම් දෙන්න කියලා අපි අභියාචනාධිකරණයේ හබයාස් කෝපුස් පෙත්සමකුත් ගොනුකළා. නමුත් අච්චුවේලි පොලීසියට දාපු පැමිණිල්ලේ ඉඳලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූලස්ථානය, පොලිස්පති සහන මැදිරිය ඇතුළු පොලිස් ස්ථාන සහ අනෙකුත් රාජ්‍ය ආයතන ගණනාවකට අපි පැමිණිලි කරලා තියෙනවා. ඒ සම්බන්ධව කිසිදු යුක්තියක් මේ ගෙවිච්ච අවුරුදු දහතුනහමාර ඇතුළේ සිද්ධ වෙලා නැහැ. මේ දෙසැම්බර් මාසෙට අවුරුදු 14ක් වෙනවා ඔවුන් දෙදෙනාව පැහැරගෙන. මේ වෙනකල් කිසිදු ආකාරයක විමර්ශනයක් දියත් වෙලත් නැහැ. අපිට සාධාරණය ඉටුකිරීම සඳහා වන ක්‍රියාමාර්ගයක් අරගෙනත් නැහැ.

ඉතින් මේ තත්ත්වය ඇතුළේ අලුත් ආණ්ඩුව පොරොන්දු වුණා, අලුත් ආණ්ඩුව බලයට ආපු ගමන් මේ සම්බන්ධ විධිමත් විමර්ශන කරනවා කියලා. ඉතින් විමර්ශන කරනවා කියලා කිව්වට අපි මීට කලිනුත් පොලිස් මූලස්ථානයට වාර දෙකක් ගියා. ඒ දෙවතාවෙම මේක සම්බන්ධව කිසිදු ආකාරයක විමර්ශනයකට අපිට කැඳවීමක් ලැබුණේ නැහැ. නමුත් හදිසියේම දැන් ලලිත් කුමාර් වීරරාජ් සහෝදරයාගේ පියා, ආරුමුගම් වීරරාජාට එන්න කියලා තියෙනවා සාක්ෂි ලබාදීම සඳහා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සාක්ෂි ලබාදුන්නා අපි ඒ නිලධාරීන්ට. අපි අපේක්ෂා කරනවා ඒ සාක්ෂිය මත පදනම් වෙලා විමර්ශන ඉදිරියට යයි කියලා.

ඒ වගේම, ලලිත්, කුගන් දෙදෙනා පමණක් නෙවෙයි, තවත් විශාල පිරිසක් අතුරුදන් වෙලා තියෙනවා. අපි මේ නඩුවටත් එවැනි 50 දෙනකුගේ පමණ නම් ඇතුළත් කරලා තියෙනවා. ඒ සියලු දෙනාගේ යුක්තිය ඉටු කරන්න මේ ආණ්ඩුව මැදිහත් විය යුතුයි. මොකද මේ ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් පසුගිය කාලේ සිද්ධ වෙච්ච මිනීමැරුම්, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම් සහ වධ හිංසාවලට අදාළව පියවර ගන්නවා කියන එක. මැක්ස්වෙල් පරණගම කමිටු වාර්තාවට අනුව 25,000ක් පමණ අතුරුදන් වෙලා තියෙනවා. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවට අනුව 35,000ක් පමණ අතුරුදන් වෙලා තියෙනවා. ඒ සියලු දෙනා සම්බන්ධයෙන් යුක්තිය ඉටුවිය යුතුව තියෙනවා.
නමුත් මේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ලලිත් සහ කුගන් දෙදෙනාට අදාළ නඩුව විතරයි දැනට අධිකරණයක විභාග වෙමින් පවතින එකම නඩුව. හැබැයි ඒ නඩුවත් පොලිසිය හෝ නීතිපති දෙපාර්තමේන්තුව දාපු නඩුවක් නෙවෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දාපු නඩුවක් නෙවෙයි. ඒක අපි දාපු හබයාස් කෝපුස් පෙත්සමක් අභියාචනාධිකරණයේ. එතකොට ඒක ජූලි 30 වැනිදා නැවත කැඳවීමට නියමිතව තියෙනවා. ගෝඨාභය රාජපක්ෂට සාක්ෂි ලබාදීම සඳහා 30 වැනිදා වනවිට ඔහු කැමැත්තත් පළකරලා තියෙනවා. ඒ නිසා ඔහුට අධිකරණයට ඇවිල්ලා සාක්ෂි දෙන්නත් වෙනවා. හැබැයි ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. රජය විසින්, පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ කටයුත්තට අදාළ අපරාධ නඩුවක් පවරිය යුතුව තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ඇවිල්ලා සාක්ෂි දෙන්නේ නිකන් අපිව සතුටු කරන්න සාක්කි අරන් වැඩක් නැහැ. ඇත්තටම මේ සම්බන්ධ විමර්ශනයක් කරලා මේ සියලු චූදිතයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමේ වගකීමක් තියෙනවා රජයට.
එතකොට මෙච්චර කල් හිටපු කණ්ඩායම් දෙක, ධනේශ්වර කඳවුරු දෙක, ඒගොල්ලෝ මේ නීතිය ඉටුකිරීමේ ක්‍රියාවලිය කළේ නැතත්, මේ ආණ්ඩුව ඒක කරනවා කියලා පොරොන්දු වුණා. ඒ නිසා ආණ්ඩුවට වගකීමක් තියෙනවා අපරාධ නඩු පවරලා මේ සම්බන්ධ යුක්තිය ඉටුකරන්න සහ මේ පැහැර ගැනීම්, අතුරුදන් කිරීම්, මිනීමැරුම් සහ වධ හිංසාවලට සම්බන්ධ සියලු චූදිතයන්ට දඬුවම් දෙන්න. ඉතින් ඒක කිරීම සඳහා ප්‍රවේශයක් බවට මේක අපි පත්කර ගන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ පිළිබඳ අවදියෙන් ඉන්න. මේ පිළිබඳ අවධානයෙන් ඉන්න. යුක්තිය ඉටුකර ගැනීම සඳහා ක්‍රියාවලිය කෙතරම් කල් පසු වුණත්, කල් පසු වූ යුක්තිය කියන්නේ යුක්තිය ඉටුනොවීම කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. නමුත් කල්පසුවී හෝ මේවාට අදාළ යුක්තිය ඉටුකර ගැනීම සඳහා අපි අරගල කරනවා, අපි සටන් කරනවා. ඒ සමග එකතු වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.’

ලලිත් වීරරාජ්ගේ පියා වන ආරුමුගම් වීරරාජා මහතා ද එහිදී මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස අදහස් දක්වා සිටියේය.
‘අවුරුදු දහතුනහමාරක් වෙනවා, මගේ පුතා ලලිත් සහ කුගන් පුතා අතුරුදන් වෙලා. අද අපි සී.අයි.ඩී. ඇවිල්ලා මම පැමිණිල්ලක් දැම්මා. ගොඩක් වෙලාවක් ඒ පැමිණිල්ල ගැන මගෙන් කටඋත්තර අරගෙන දැන් එළියට ආවා විතරයි. මේකට සාධාරණයක් සී.අයි.ඩී. එකෙන් ලැබෙයි කියලා මම හිතනවා. මේ මාසේ 30 ආයෙමත් නඩුවක් තියෙනවා. ඒ නඩුවෙනුත් අපිට හොඳ දෙයක් හම්බවෙයි කියලා හිතනවා. අපිට අපේ ලලිත්, කුගන් විතරක් නෙවෙයි, තව අතුරුදන් වෙච්ච කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ටත් සාධාරණයක් වෙන්න ඕනේ කියලා තමයි මේ ආණ්ඩුවට අපි කියන්නේ. මේක අනිවාර්යයෙන්ම සිද්ධ වුණොත් ගොඩාක් හොඳයි කියලා තමයි මම හිතන්නේ….’

Front Line Socialist Party

SendShareShare
Previous Post

නිල නිවසින් එළියට දැම්මොත් මහින්දට ගෙවල් දෙන්න 100ක් පෝලිමේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අනතුරු වූ අනතුරු! ගංජ ගහලලු! ටයර් පුපුරලලු! නින්ද ගිහිල්ලලු! සීට් බෙල්ට් දාලද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.