• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන වෙනස ගැන කතාකරන අස්සෙ – මත් පෙති ගෙන පන්නන්නේ කවුද ළමයි පස්සේ ! Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අධ්‍යාපන වෙනස ගැන කතාකරන අස්සෙ – මත් පෙති ගෙන පන්නන්නේ කවුද ළමයි පස්සේ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේක අපේ රටේ අධ්‍යාපනය ගැන වැඩියෙන් කතාවෙන කාලයක්. අධ්‍යාපනය වෙනස් කරන්න, පාසල් කාලය වැඩිකරන්න, ටියුෂන් නැතිකරන්න, පාසල් අධ්‍යාපනයට තියෙන කාලච්ඡේදවල ප්‍රමාණය වැඩිකරන්න, විෂය නිර්දේශ වෙනස් කරන්න, ඒ වගේම විෂයන් එකතු කරන්න, අඩුකරන්න, වැඩිකරන්න, බෙදන්න, මේ සියල්ලම දැන් කතාබහට ලක්වෙලා තියෙන කාලයක්. අධ්‍යාපනය සම්බන්ධව රටේ ඉන්න පොදු මහජනතාවත් විවිධ අදහස් ඉදිරිපත් කරමින් තියෙනවා. මේ අතරතුරේදී, අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියන එක ගැන දැන් සාකච්ඡා වියයුතු බවයි අපිට හිතෙන්නේ. මොකද, අපි හැමෝම හිතනවා අධ්‍යාපනය කියලා කියන්නේ විෂය නිර්දේශයට කියලා. පාසලක කාලච්ඡේද ඇතුළේ පන්ති කාමරයේ උගන්වන විෂයටද අධ්‍යාපනය කියලා කියන්නේ? එහෙම නැත්නම් ඊට වඩා වෙනස්, පුළුල්, විශාල එකකටද අධ්‍යාපනය කියලා කියන්නේ? අධ්‍යාපනය ලබාදීම සඳහා ගුරුවරුන් විශේෂයෙන් පුහුණු වෙන්න ඕනේ ඇයි? අධ්‍යාපනය කියන එක ඇතුළේ දරුවාට ලබාදෙන්නේ විභාගවලට ලියන එකේ පූර්ව පුහුණුව විතරද? මේ ගැන අපි ටිකක් වෙනම කතාකරන්න තීරණය කළා. ඒකට හේතුව, පහුගිය දවසක කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යාවන් මත්පෙති අරගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ලක්වීම සිද්ධියත් එක්ක. Sri Lanka Latest News

අපි දන්නවානේ, ලංකාවේ ඈත පිටිසර ඉස්කෝලෙක මොනවා හරි දෙයක් වුණා නම්, ඉස්කෝලේ නම, ලිපිනය, ඒකට අදාළ ශිෂ්‍යයාගේ, ශිෂ්‍යාවගේ අම්මගේ, අප්පගේ පින්තූරත් එක්ක දරුවාගේ පින්තූර, පවුලේ අයගේ සමූහ ඡායාරූපයක්, නිවස, නිවසට යාබද නිවසේ ඉන්න පුද්ගලයන්ගේ ඒ පිළිබඳ අදහස් ඇතුළු සියල්ලම පළවෙනවා. ඇත්තටම මේ පාසලේ ඒක වළක්වන්න උත්සාහ කරපු, නොකරපු, ඒ පාසලේ ඒකට සම්බන්ධ, සම්බන්ධ නැති, ඒ වෙලාවේ ළඟින් ගිය, ඒ වෙලාවේ ඈතින් ගිය, ළඟට එන්න හිටපු, පන්තියේ කාලච්ඡේදය උගන්නපු, ඊළඟ කාලච්ඡේදය උගන්වන්න ඉන්න, එදා නිවාඩු දාපු, ඊට කලින් සතියේ නිවාඩු දාපු, ඊට කලින් මඟුල් ගෙදරක් තියෙන, ඉස්කෝලේ ඉන්න පිරිමි ගුරුවරු, ගෑනු ගුරුවරු, සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන ගජරාමෙට වැඩ. හැබැයි කොළඹ ඉස්කෝලෙක එහෙම දෙයක් වුණාට පස්සේ අපි හැමෝම ඉන්නේ සද්ද වහලා. මොකද නම කියන්න හොඳ නෑ, ඉස්කෝලේ ගැන හෙළිකරන්න හොඳ නෑ, ගුරුවරුන්ට හොඳ නෑ, ළමයින්ට හොඳ නෑ, ළමයින්ගේ බාප්පලාට හොඳ නෑ, පුංචි අම්මලාට හොඳ නෑ, කිරි තාත්තලාට හොඳ නෑ, ළමයින්ගේ ගෙවල්වල ඉන්න බල්ලට හොඳ නෑ, පූසට හොඳ නෑ, මේ ඔක්කොම අපිට මතක් වෙන්නේ ඊට පස්සේ. දැන් මේ පාරත් අපිට ඕකම තමයි මතක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැන් නමක් ගමක් මුකුත් නැතුව තමයි මේ කතන්දරය කියන්නේ. මොකද, අපි කොහොමත් මේක නමක් ගමක් නැතුව කියන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් රටේ මාධ්‍ය ලිපිනයත් එක්කම දානවා. අපි කතාව කියන්නම්කෝ. අපිට වැඩක් නෑ නම ගම.

මේ පාසලේ දරුවෝ, මේ කතන්දරයත් එක්ක එළියට එනවා අපූරු කතාවක්. ඒ තමයි ඔවුන් දවස් තුනක් තිස්සේ මේ මත්පෙති පානය කළා කියලා. මේක ආකිමිඩිස්ගේ හොයාගැනීම වගේ, නැත්නම් ගැලීලියෝ ගැලීලිගේ හොයාගැනීමක් වගේ මහා විශාල, අද්විතීය, දැවැන්ත හොයාගැනීමක් නෙවෙයි. අපි දන්නවා මේක මේ රටේ මීට කලින් ඕනෙ තරම් වෙලා තියෙන දෙයක්. මොකක්ද මේ වෙන්නේ? දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. අපි ආණ්ඩු කීපයක් එන යනතුරු මේ කතාව කිව්වා. අපේ රටේ ආපු ආණ්ඩු ටැබ් දෙන්න හැදුවා, අධ්‍යාපනය වැඩිදියුණු කරන්න හැදුවා, විෂයන් එකතු කළා, විෂයන් අඩු කළා, ඉස්කෝලේ කාලය වැඩි කළා, ගුරුවරුන්ට පඩි වැඩි කළා, අඩු කළා, ගුරුවරු උද්ඝෝෂණය කළා, පාසල් ඇතුළේ විවිධ වැඩපිළිවෙළවල් නිර්මාණය කළා. මේ සියල්ලම කළාට, මේ කාරණාව ගැන අවධානය යොමුකළේ නෑ. ඇත්තටම සිද්ධියක් වුණාට පස්සේ, ඒ සිද්ධිය පිටිපස්සේ පන්නලා, පන්නලා, පන්නලා, පන්නලා, කවුරු හරි අත්අඩංගුවට අරගෙන, මාසයක් දෙකක්, සතියක් දෙකක් තියන් ඉඳලා, ඒ මනුස්සයාව පස්සේ නිදහස් කරලා යවලා, ඒ මනුස්සයාගේ සනුහරේටම අපහාස වෙන විදිහට වැඩකරලා, කතන්දරේ ඉවර කරනවට වඩා හොඳයි, බුදු හාමුදුරුවෝ කිව්වා වගේ, දුක නැති කිරීමේ මග හොයාගන්න එක. දුකට හේතුව හොයාගන්න එක. දුකට හේතුව හොයාගත්තමයි දුක නැති කරන්න පුළුවන් වෙන්නේ. ඇත්ත කතාව තමයි, මේ පාසල් අධ්‍යාපනය ඇතුළේ දරුවන්ට ලබාදීලා තියෙන්නේ බරපතළ පීඩනයක්.

පහුගිය දවසක අපිට හම්බවුණා එක ශිෂ්‍යාවක්. ඒ ශිෂ්‍යාව එයාගේ සහෝදරයෙක්ට දැනුම් දෙනවා, නින්ද යන්නැතුව ඉන්න පුළුවන් පෙත්තක් තියෙනවලු රෑට, ඒක ගෙනත් දෙන්න කියලා. ඔහු ඒ ගැන මවුපියන්ට දැනුවත් කළාම, මේ කතාව එළියට එන්නේ. එතැනදී ඇයට මේ පණිවුඩය දීලා තියෙන්නේ, මත්පෙති සම්බන්ධව දැනුම තියෙන ශිෂ්‍යාවක්. එයාලා පුරුදු වෙලා තියෙනවලු රාත්‍රී කාලයේදී විවිධ මත්පෙති පානය කරන්න. මත්පෙති පානය කළාම ඔවුන්ගේ අදහසක් තියෙනවා, රාත්‍රියට නිදිමත එන්නේ නැහැ, පාඩම් කරන්න පුළුවන් වෙනවා කියලා. ඇත්තටම ඔවුන් මේ මත්වෙන අදහසකින්වත්, වෙන නරක දෙයක් ගැන අදහසකින්වත් මේ මත්පෙති පානය කළාද නැද්ද කියන එක අපි දන්නේ නෑ. හැබැයි සමහර ශිෂ්‍යාවෝ පානය කරන්නේ එහෙම නෙමෙයි.

අපිට මතකයි පහුගිය කාලෙක, මීට අවුරුදු පහකට විතර කලින්, එක්තරා පන්තියක් ගැන රටේ කතාවක් ඇතිවුණා. ඒ පන්තියට එන හැම ළමයටම පොඩි පෙත්තක් දෙනවලු. ඒ පෙත්ත බිව්වට පස්සේ ළමයා බොහොම සතුටින්, බොහොම විනෝදෙන්, කිසිම කලබගෑනියකින් තොරව පන්තියේ ඉන්නවා කියලා. ඉතින් මේ පෙත්ත ගන්නම, ලොකු පවුල්වල දෙමාපියෝ දරුවන් එක්කගෙන මේ පන්තියට ගියාලු කියලා. මේ වගේ කතන්දර රට ඇතුළේ ඕනෙ තරම් සිද්ධ වෙලා තියෙනවා. අපි තාම විෂය නිර්දේශ පස්සේ පන්නනවා කියන ඒක තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා, දැනුමටත් වඩා ආකල්ප, ඒ වගේම විනය, දරුවන්ගේ ශික්ෂණය, දරුවන්ට අවශ්‍ය කරන බාහිර දැනුම සහිත අධ්‍යාපන ක්‍රමයක් රට ඇතුළේ නිර්මාණය වෙන්න ඕනේ කියලා.

අපි පහුගිය කාලේ දැක්කා පාසල් ඇතුළේ ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන විවිධ කතාබහවල් නිර්මාණය වුණා. ලිංගික අධ්‍යාපනය පරද්දලා, අපේ රටේ පිරිස දිනුවා. ලිංගික අධ්‍යාපනය දෙන එක නතර වුණා. ‘හතේ අපේ පොත’ වගේ පොත් සම්පූර්ණයෙන් තහනම් වුණා. හැබැයි ලෝකේ අනිත් රටවල්වල මේක රූප සටහන් සහිතව පෙන්නනවා. ඉතින් අපි හිතනවා අපේ ළමයින්ට මේක පෙන්නපුවාම, අපේ ළමයි මේ වැඩේට පුරුදු වෙයි කියලා. අපි තාම හිතන් ඉන්නේ අටේ පන්තියේ ළමයට කියලා දෙන්න, දරුවෝ ගේන්නේ රෝස කැලෙන් කියලා. හැබැයි දරුවෝ රෝස කැලෙන් ගේන කතාව කිය කියා ඉද්දි, වැඩිහිටියෝ දරුවන්ව රහසෙන්ම රෝස කැලේට එක්කගෙන යනවා. එතකොට, ලංකාවේ ගැබිනි මවුවරුන් පාසල් ඇතුළෙන්ම බිහිවෙන බව ගිය සතියේ අපි ලිව්වා. ඒ නිසා පාසල් අධ්‍යාපනය ගැන මේ කතාවෙන මොහොතේ, අපිත් මතක් කරනවා, අගමැතිතුමියනි, අධ්‍යාපන ඇමැතිතුමියනි, මෙන්න ඉස්කෝලවල ළමයි මත්පෙති ගන්නවා. අපි ඔබතුමියට චෝදනා කරනවාවත්, ඔබතුමියගේ ආණ්ඩුවට මොකක්වත් කියනවාවත් නෙමෙයි මේ. අපි දන්නවා මේ ආණ්ඩුව පත්වෙලා අවුරුද්දකින් ලංකාවේ ළමයි මත්පෙති ගන්න පුරුදු වුණා නෙමෙයි කියලා. ලංකාවේ ඕනෙ තරම්, මේක මීට අවුරුදු ගානක් තිස්සේ තිබුණා. ලංකාවේ විශිෂ්ටතම අධ්‍යාපන ඇමැති කියලා කියපු, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිටපු කාලෙත් මේක තිබ්බා. ගෝඨාභයලා, මහින්දලා, මේ හැමෝම මේ රට කරන කාලේ මේ ප්‍රශ්න අපේ රටේ තිබ්බා. හැබැයි, ප්‍රශ්නේ තියෙන්නේ මේ කවුරුත් මේවට නිශ්චිත විසඳුමක් හෙව්වේ නෑ. විසඳුමක් හොයනවා කියලා කියන්නේ, මත්ද්‍රව්‍ය කාර්යාංශයට මේක පවරලා, වටලන්න කියලා, අත්අඩංගුවට ගන්න කියලා, හිරේ දාන්න කියලා, මත්කුඩු මහා ජාවාරම්කාරයින්ට නිදහසේ ඉඳගෙන දේශපාලනයම කරගෙන ආතල් එකක් ගන්න ඉඩ දීලා, ගමේ විවෘත කරන ෆාමසිය වටලන එකට නෙමෙයි. මේකට නිශ්චිත ක්‍රමයක් ඕනේ. එහෙම ක්‍රමයක් හදලා, විශේෂයෙන්ම කරන්න ඕනේ, මත්පෙති විකුණන තැන් නතර කරන එක නෙමෙයි, දරුවෝ මත්පෙති ගන්න එක නතර කරන එක. ඒකට දැනුම ලබාදෙන එක. මේ පිළිබඳ හඳුන්වා දෙන එක. මත්පෙත්තක් කියන්නේ මොකක්ද? ඒකෙන් වෙන්න පුළුවන් හානිය මොකක්ද? සමහර මත්ද්‍රව්‍යවලින් දීර්ඝකාලීනව සිද්ධවෙන හානිය මොන වගේද කියලා, පෙන්නලා, ඒවාට දේශන වැඩසටහන් සංවිධාන කරලා ඒ සියල්ල කරන්න ඕනේ. කරන්න කෙනෙක් නැත්නම් අපි හරි කරලා දෙන්නම්. වැඩේ පටන් අරගන්න. ඒක තමයි වැදගත්ම දේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනතුරු වූ අනතුරු! ගංජ ගහලලු! ටයර් පුපුරලලු! නින්ද ගිහිල්ලලු! සීට් බෙල්ට් දාලද? Sri Lanka Latest News

Next Post

මාලිමාවෙන් ගම ගැලවෙන්න පටන් අරගෙනද? පැල්මඩුල්ල සමූපාකාරයේ බලය සජබයෙන් අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.