මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් මුදල් සොරකම් කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ පසුගිය ඔක්තෝබර් මස 8 වන දින එම සැකකරුවන් විසින්ATM යන්ත්‍රයකින් රු 10,549,000ක මුදලක් සොරකම් කර තිබූ බවය.
ඒ අනුව මදුරන්කුලිය පොලීසිය හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව ඊයේ (17) උදෑසන අනුරාධපුර පොලිස් වසමේ දී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන්ගේ ප්‍රකාශ මත ඔවුන් සන්තකයේ තිබී සොරකම් කරන ලද රු 9,277,000ක මුදලක් සොයාගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 28, 32 හා 35 යන වයස්වල පසුවන ගල්ගමුව, වැරැල්ලගම හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් දෙදෙනෙක් ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමට හා රැගෙන ඒම සඳහා යන පෞද්ගලික ආරක්ෂක අංශ සේවකයින් දෙදෙනෙකු වන අතර එක් අයෙක් මෝටර් රථ විදුලි කාර්මික ශිල්පියෙකි.
සැකකරුවන් විසින් අපරාධය සිදුකිරීම සඳහා භාවිත කළ ඇඳුම්, ආරක්ෂිත හිස්වැසුමක්, ආරක්ෂිත කැමරාවට තින්ත ඉසින ලද ස්ප්‍රේ ටින් එකක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මදුරන්කුලිය පොලීසියට භාර දී තිබේ.










