ශ්‍රී ලංකාවේ පරිගණක ආයතනය සහ විදුලි සංදේශ නියාමන කොමිසම සමග ෆේස්බුක් youtube, google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා බිඳවට්ටන බව එම සමාගම් විසින් රජයට දැනුම් දී තිබෙනවා. (Sri Lanka Latest News)
දැනටමත් විදුලි සංදේශන නියාමන කොමිසමේ ෆේස්බුක් සබඳතාව ක්‍රියා විරහත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ online ආරක්ෂක පනත සම්මත වීමෙන් පසු මෙම නිල සම්බන්ධතාවල අවශ්‍යතාවක් නැතැයි එම සමාගම් රජයට දැනුම් දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම සමාගම් ආණ්ඩුවේ මෙම පනතට සිය විරෝධය දෙවරක්ම ප්‍රකාශ කර තිබුණා.
hirunews










