• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් හොරු කෝ? සීනි හොරු කෝ? ගල් අඟුරු හොරු කෝ? අසූචි පොහොර හොරු කෝ? මේ හොරුන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනවාද? ආණ්ඩුව හරියට හොරු ඇල්ලුවා නම් වැට් ගහලා ජනතාව පීඩාවට පත්කරන්න ඕන නෑ! අදත් සජිත් පාර්ලිමේන්තුවේදී හොරු ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

January 24, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවට පත් කර රටේ ජනතාවට අන්ත දුක්ඛිත අනාගතයක් උරුම කර දුන් පාර්ශ්ව පිළිබඳ පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවෙන් පිළිබිඹු වූ බවත් එසේ හදුනා ගත් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩු කබ්රාල්, එස්. ආර්. ආටිගල, පී.බී. ජයසුන්දර, ඩබ්. ඩී ලක්ෂ්මන් හා සමන්ත කුමාරසිංහ යනාදීන්ට අමතරව තවත් වගකිවයුත්තන් එම ආණ්ඩුව තුළ සිටියේද සහ ඔවුන්ගේ දූෂණ හා වංචනික ක්‍රියාමාර්ගයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත්ද යන්න බදු බරින් මිරිකුණු ජනතාව ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වැට් එක ගහනවා වෙනුවට හොරකම් කළ හොරුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම හොරුන්ව නීතිය හමුවට ගෙනවිත් සියලු දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදී ගෑස්, සීනි, නැනෝ නයිට්‍රජන්, ගල් අගුරු, අසූචි පොහොර වංචා සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ ස්ථාවර නියෝග 27 (2) යටතේ රජයෙන් ප්‍රශ්න කරමිනි.

ගෑස්, සීනි, නැනෝ නයිට්‍රජන්, ගල් අගුරු, අසූචි පොහොර ආදී සෑම හොරකමකටමට විරුද්ධ පරීක්ෂණ ඉබි ගමනින් ගියත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පරාටේ නීතිය ගෙනවිත් ඔවුන්ගේ දේපල වෙන්දේසි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම 2019-2022 කාලය තුළ සිදුවූ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධ විශේෂ විගණන විමසුම් සම්බන්ධ ගැටලු ගණනාවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වෙන වෙනම ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

සීනි බදු වංචනිකයන්ට ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?

ඒ අනුව 2020 ආණ්ඩුව සීනි කි.ග්‍රෑම් 1 සදහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බදු රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරිම නිසා පාරිභෝගික ජනතාව වෙත සහනයක් නොලැබුණත් රජයට රු. මිලියන 16707ක් පාඩු වූ බව 2022.3.23 දින නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ සදහන් බවත් එම වාර්තාව කෝපා වෙත යොමු කිරීමෙන් අනතුරුව ආදායම් නොලැබී යාමට වගකිව යුතු පාශ්වය හදුනා ගැනීමට සී.අයි.ඩී. වෙත 2022 ජුනි 21 දින යොමු කර මාස 19ක් ගත වී ඇති බවත් ඒ සඳහා වගකිව යුතු පාර්ශ්ව කවුරුන්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම නිසා රු.මි. 10000ක් පාඩුයි

එසේම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තර්කානුකූල පදනමකින් තොරව අතරමග නැවතීම නිසා රු. මි. 10000ක පාඩුවක් සිදුවූ බව 2022.11.23 නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ සඳහන් බවත් මෙම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මාස 13ක් ගත වී ඇතත් කෝප් හෝ කෝපා හමුවේ සලකා නොබැලීමට හේතු කවරේද කියා ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම මේ අමනෝඥ මෝඩ තීන්දුව නිසා ජපන් රට අදටත් අප රටත් සමඟ අමනාපයකින් සිටින බවත් ඒ නිසා සිදුවූ පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

කාබනික පොහොර මගඩිය නිසා සිදුවූ පාඩුව ගණනය කරලත් නැහැ

2021-2022 කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක ප්‍රසම්පාදනය නිසා රජයට ඇ. ඩොලර් 69000ක පාඩුවක් හා ගණනය කර නොමැති විශාල පාඩුවක් සිදුව ඇති බව 2022.8.26 වැනි දින විගණන විශේෂ වාර්තාවේ සදහන් ඇති බවත් මෙය නිකුත් වී මාස 16ක් ගත වී ඇතත් තවම කෝප් හෝ කෝපා කමිටුවල සලකා නොබලා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.

නැනෝ නයිට්‍රජන් වංචාව කෝප් සහ කෝපා වෙත ඉදිරිපත් කරලත් නැහැ

නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතලයක් ඇ. ඩො. 5.25කට ලබා ගත හැකියාවක් තිබුණත් ඇ. ඩො. 12.45ක් හා 10ක් යටතේ මිල දී ගැනිමට රු.මිලියන 711ක පිරිවැයක් දරා ඇති බව 2023.12.13 දින විශේෂ විගණන වාර්තාවේ සඳහන් බවත් මේ නිසා රජයට සිදුවූ පාඩුව කවරේද මෙන්ම මෙම වාර්තාව කෝප් හෝ කෝපා හමුවේ සලකා බලන්නේ කවදාද කියා විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ගල් අගුරු වංචාවේ සිදුවූ පාඩුව පියවා ගන්නේ කවදාද?

ගල්අගුරු සමගාම විසින්. රු. බි. 500කින් යුත් ප්‍රසම්පාදනයක් සුදුසුකම් රහිත සැපයුම්කරුවකුට ලබා දීමට එකග වීමට පෙර නිතිපතිගෙන් උපදෙස් ලබා ගෙන නොමැති බවත් එහිදී ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණ ඇගයුම් කමිටුව එම කාර්ය හරියට සිදුකර නොමැති බවට 2022.9.30 දින විශේෂ විගණන වාර්තාවේ සදහන් බවත් එම වාර්තාවේ නිර්දේශ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද අනුමත කර ඇති මොහොතක රජයට සිදුවූ පාඩුව මෙන්ම එම පාඩුව පියවා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා ප්‍රශ්න කර සිටියේය.

ගෑස් වංචාවේ වගකිවයුත්තන් කවරේද?

එල්.පී.ජී. ප්‍රසම්පාදනයේදී අඩුමිලක් යටතේ සියාම් ගෑස් ටේ්‍රඩීන් වෙතින් මිලදී නොගෙන ඕකියුම් ටේ්‍රඩින් වෙතින් ඉහළ මිලකට මිලදී ගැනිම නිසා රජයට රු. මි. 1138ක අමතර වැයක් දැරීමට සිදුව ඇති බවත් නිසි පරිදි මුදල් ඇස්තමේන්තුවකින් හෝ අරමුදල් සම්පාදනය පිළිබඳ තහවුරුවකින් තොරව ගෑස් ඇනුවුම් කිරීම නිසා නැව් පවා ගාස්තු වශයෙන් රු.මි. 210ක මුදලක් මාස 5ක කාලයක් තුළ අමතරව ගෙවීමට සිදුව බව 2022.12.11 දින විශේෂ විගණන වාර්තාවේ සදහන් බවත් මෙම වාර්තාව කෝප් හෝ කෝපා හමුවේ සලකා නොබලා ඇති බවත් ඒ සඳහා වගකිවයුත්තන් කවරේද කියා ද ප්‍රශ්න කර සිටියේය.

ආණ්ඩුව හාල්මැස්සෝ අල්ලා තෝරු මෝරු ආරක්ෂා කරනවා

හෙට අනිද්දා පාර්ලිමේන්තුව කල් දමන බවට ආරංචි වුවත් තමා ඇසු ප්‍රශ්නවලට හරියාකාර පිළිතුරු නොමැති බවත් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධික ණය බරින් සිටින ව්‍යාපාරිකයන් 10 දෙනා නම් කරන ලෙස ඉල්ලා සිටියත් අදටත් ඒ සඳහා පිළිතුරු නොමැති බවත් මාධ්‍ය ඉදිරියේ හාල්මැස්සෝ ඇල්ලුවට ණය ගත්ත ගජමිතුරන් ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

තංගල්ලේදී ‘සමන් පෙරේරා’ ඇතුලු 5ක් මරා දැමු සිද්ධියට ‘සමන් කුමාර’ අල්ලයි! ජිප් එකත් ඇල්ලුවා! I Sri Lanka Latest News

Next Post

ෆේස්බුක් පාලනය කරන විවාදය පාර්ලිමේන්තුවේ යද්දී විදුලි සංදේශ නියාමන කොමිසමේ ෆේස්බුක් බිදවැටෙයි! ෆේස්බුක් එකත් දැන්මම උත්තර දෙන්න පටන් අරගෙන වගේ! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.