ජනාධිපතිවරයාගෙන් ලද ආරාධනාවකට අනුව දෙමළ ජාතික සන්ධානය අද සවස ජනාධිපතිවරයා හමුවීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
එහිදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
ඒ මහතා කියා සිටියේ මෙම සාකච්ඡාවලදී උතුරු-නැගෙනහිර පළාත් එක ඒකකයක් සේ සළකා සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කොන්දේසියක් ලෙස ඉල්ලීමට සූදානමින් සිටින බවකි.










