අම්පිටිය ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවෙකු ගේ ශරීරයට භූමිතලේ දමා ගිනි තැබීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ සැකකාර මැරයා 04 සවස බන්ධනාගාර නිලධාරීන්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් තිබේ. (Sri Lanka Latest News)
අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් කලක පටන් ක්‍රියාත්මක වූ මැර කල්ලියක ප්‍රබල සාමාජිකයකු වූ මෙම අපරාධකරු අම්පිටිය මී කණුව ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින් කම්පම් ගනිමින් අපරාධ කරමින් එළිපිට කල් ගෙවූවෙකි. දරුවාට ගිනි තබා තිබුණේත් කප්පම් සිද්ධියක් මුල් කරගෙන බව පැවසිනි.
සිය පියා ඉදිරියේ දරුවාට ගිනි තැබූ ආන්දෝලනාත්මක අපරාධයෙන් පසු මෙම මැරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.
බන්ධනාගාරයේ සිටිය දී ඇති වූ අසනීප තත්ත්වයක් සඳහා මහනුවර ජාතික රෝහලේ 24 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බව මේ පිළිබඳව කළ විමසීමක දී පොලිිසිය පැවසුවේය.
2022 වසරේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සමාර්ථ හයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු තම ප්‍රතිපලය ඥාතියෙකුට දැනුම් දීමට 2022 නොවැම්බර් 26 වැනි දින පියා සමඟ යමින් සිටිය දී මෙම මැරයා විසින් දරුවාගේ ඇඟට භූමි තෙල් දමා පියා ඉදිරියේ දරුවාට ගිනි තබා තිබිණි.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකු වූ සැකකරු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පළාගියේය. පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව සිද්ධියෙන් දින ගණනකට පසු ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේය.
භූමිතෙල් ගිනිගෙන දැවීම නිසා සිසුවාගේ ගෙළ ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී තිබිණි. බරපතල තත්ත්වයේ සිටි ඔහු සැත්කම් කිහිපකට ද මුහුණ දෙමින් මාසයකට ආසන්න කාලයක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවේය.
lankasara










