ගම්පහ- දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබූ පඬුකරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාකය වළදමා ඇති බව කියන ප්‍රදේශයට වහාම ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ(21)පොලීසියට නියෝග කර තිබේ.Sri Lanka Latest News
එම ස්ථානය හඳුනාගෙන ගස ගොඩගැනීමට පියවර ගන්නා ලෙසට ගම්පහ දිසා වන නිලධාරීවරයාටද මෙහිදී නියෝග කර ඇත.
ගස කපා ඉවත්කර ඇති බවට ගම්පහ දිසා වන කාර්යාලය “බී” වාර්තාවක් මගින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
ගස නැවත ගොඩගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සම්පත් දිසා වන කාර්යාලය සතුව නොමැති බව දිසා වන නිලධාරීවරයා අධිකරණයට දන්වා තිබේ.
උදාසීන තත්වයකින් තොරව නියෝග වහා ක්‍රියාත්මක කරන ලෙස එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය දිසා වන නිලධාරීවරයාට නියම කර ඇත.
මෙම ශාඛය කපාදැමිම සඳහා වන යෝජනාවක් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගත් අතර, එම යෝජනාව සම්මත වී පැය කිහිපයක් ඇතුළත ගස කපාදමා තිබිණි.










