• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලසන්තව සභා ඇතුළේදීම මරා දැමූ සැකකරු මහපාරේදීම සියල්ල වමාරයි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ඩුබායි රජිත! ඔක්කොම මිදිගම රුවන්ගේ මිදිගම චූටිගේ ගෝලයෝ! ගාණ ලක්ෂ 15යි! VIDEO I Sri Lanka Latest News

October 27, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ලසන්තව සභා ඇතුළේදීම මරා දැමූ සැකකරු මහපාරේදීම සියල්ල වමාරයි! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ඩුබායි රජිත! ඔක්කොම මිදිගම රුවන්ගේ මිදිගම චූටිගේ ගෝලයෝ! ගාණ ලක්ෂ 15යි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර මහ­තාගේ ඝාත­නයේ වෙඩි­ක්කරු, යතු­රු­පැදි කරු, වෙඩි­ක්ක­රුගේ බිරිඳ ඇතුළු සැක­ක­රු­වන් 5 දෙනෙක් ඊයේ (26) සවස් වන විට අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලී­සිය සමත් විය.Sri Lanka Latest News

මහ­ර­ගම, නාවින්න ප්‍රදේ­ශ­යේදී සිදු කළ විශේෂ මෙහෙ­යු­ම­කින් වෙඩි­ක්කරු කොටු කර ගත් බව පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා ප්‍රකාශ කළේය.

මෙම වෙඩි­ක්කරු තවත් වෙඩි තැබීම් 6කට පමණ සම්බන්ධ බවට පොලී­සි­යට තොර­තුරු ලැබී තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් තව­දු­ර­ටත් විම­ර්ශන පැවැ­ත්වෙන බවද පොලි­ස්ප­ති­ව­රයා කීවේය.

මේ වෙඩි­ක්ක­රුට ඩුබායි හී සිටින රජිත නමැ­ත්තෙකු විසින් රුපි­යල් ලක්ෂ 15කට ලබා දුන් කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව ඝාත­නය සිදු කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනා­ව­ර­ණය වී තිබේ.

රජිත නමැත්තා මිදි­ගම රුවන් සහ මිදි­ගම චූටි නමැති අය­ව­ළුන් සමඟ සම්බ­න්ධ­කම් පව­ත්ව­න්නෙකු බව­ටද තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ. ඔවුන් දෙදෙ­නාම හරක් කටාගේ ප්‍රධාන ගෝල­යන්ය. මිදි­ගම රුවන් බූස්ස බන්ධ­නා­ග­කා­රයේ රඳවා තිබෙන අතර මිදි­ගම චූටි පසු­ගිය කාලයේ ඕමාන් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව තිබිණි.

ඩුබායි හී රැඳී සිටින රජිත නමැත්තා වෙඩි­ක්ක­රුව සම්පූ­ර්ණ­යෙන් මෙහෙ­යවා තිබෙන බවත් ඔහුට පලා යන මාර්ග පවා සඳ­හන් කර ඇති බවත් ප්‍රශ්න කිරී­ම්ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

වෙඩි­ක්කරු දේශීය වශ­යෙන් නිෂ්පා­දන කළ ගිනි අවි­ය­කින් ඉල­ක්ක­යට වෙඩි තැබී­මට තමා විසින්ම පුරුදු පුහුණු වූ අයෙකු බවත් ඔහු පහ ශ්‍රේණිය තෙක් අධ්‍යා­ප­නය ලද අයකු බවද ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වී ඇත.

මෙසේ අත්අ­ඩංං­ගු­වට ගෙන ඇත්තේ කොන්ත­පෙන, බැඳි­පිට, අඟු­ළු­ගම පදිං­චි­ක­රු­වෙක් වන සැක­කරු හක්මන පරණ ලිය­නගේ නුවන් තාරක නමැ­ත්තෙ­කුය.

මෙම සැක­කරු කැකි­රාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේ­ශයේ සැඟව සිටින බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­යක් ඔස්සේ කළ විම­ර්ශ­න­ය­කින් හෙළි­කර ගෙන ඔහුව කොටු­කර ගැනී­මට විශේෂ මෙහෙ­යු­මක්ද ඊයේ (26) අලු­යම් කාල­යේදී දියත් කරනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බළ­කාය, යුද හමු­දාව සහ අනු­රා­ධ­පුර කොට්ඨා­සයේ නිල­ධා­රී­න්ගේද සහය ඇතිව කළ ඒම මෙහෙ­යු­මේදී සැක­ක­රුගේ බිරිය ඇතුළු තිදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට ගැනී­ම­ට ද පොලී­සිය සමත්ව ඇත. යතු­රු­පැ­දි­කරු ද සිට ඇත්තේ එම ස්ථාන­යේය.

වෙඩි­ක්කරු එම අව­ස්ථා­වේදී පොලිස් නිල­ධාරීන් සමඟ පොර බැඳ පලා­ගොස් තිබේ. ‍‍

ඩුබායි සිට රජිත විසින් ලබා දුන් උප­දෙස්වලට අනුව සැක­කරු කැකි­රාවේ සිට බස් රථ කිහි­ප­ය­කට මාරු වෙමින් කොළඹ කොටු­වට ඊයේ (26) දහ­වල් වන විට පැමිණ තිබේ. ඒ පැමි­ණෙන විට ඔහුට දැඩිව අයිස් භාවිත කිරීමේ අව­ශ්‍ය­තා­වක් තිබී ඇති අතර පිට­කො­ටුවේ සිට අයිස් මත්ද්‍රව්‍ය සොයා ගෙන බොරැල්ල සහසපුර­ටද ගොස් ඇතැයි තොර­තුරු හෙළිව තිබේ.

ඒ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් තාක්ෂ­ණික මෙහෙ­යු­මක් ඔස්සේ ඔහුව නිරී­ක්ෂ­ණය කර­මින් සිට ඇත. ඔහු පිට කොටුව හා කොටුව ප්‍රදේශ ආශ්‍රි­තව සැල­කිය යුතු කාල­යක් ඊයේ (26) ගත කර තිබිණි. ඒ අනුව ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඒ ප්‍රදේශ ආශ්‍රි­තව විශේෂ මෙහෙ­යු­මක්ද පොලී­සිය ආරම්භ කර තිබිණි. ඒ මෙහෙ­යුම සිදු වන විට සැක­කරු කොටුවේ සිට බස් ර­ථ­යක් නැඟි කොට්ටා­වට ගමන් කර ඇති අතර කොට්ටාවේ සිට මහ­ර­ග­මට පැමිණ තිබේ. සැක­කරු තමන්ගේ දුර­ක­ත­නය ඉවත් කර වෙනත් දුර­ක­ත­න­යක් ගැනී­මට මහ­ර­ගම දුර­ක­තන අලෙ­වි­ස­ල­කට ගොස් ඇත. ඒ දුර­ක­තන අලෙ­වි­ස­ලෙන් එළි­යට එන විට රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට රාජ­කාරී නිම වී සිටි­යදී සැක­ක­රුව නීරී­ක්ෂණ වී ඇත. ඒ අව­ස්ථා­වේදී ඔහු සැක­කරු ඇල්ලී­මට පස්සෙන් පන්නා ඇති අතර එවිට දුර­ක­ත­න­යක් සොර­කම් කර ඇතැයි සිතු පාරේ ගමන් කරන අයද සැක­කරු පසු­පස පන්නා අල්ලා ගෙන තිබේ. එවිට මෙහෙ­යුමේ සිටි නිල­ධා­රීන්ද එහි පැමිණ සැක­කරු අල්ලා ගෙන තිබේ.

වැලි­ගම සභා­ප­තිට වෙඩි තැබී­මෙන් පසුව කැකි­රා­වට පලා ආ වෙඩි­ක්කරු ඔහුගේ බිරි­යත්, යතු­රු­පැදිකරුත් රැඳී සිටින ස්ථානය තාක්ෂ­ණික මෙහෙ­යු­ම­කින් හඳු­නා­ගත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රින් කම­තක් ලෙස භාවිත කරන ලද අත්හැර දමන ලද නි‍ෙව­සක් සහිත ඉඩ­මත් වටලා පරීක්ෂා කර මුලින්ම සැක­ක­රු­වෙක් සහ සැක­කා­රි­යක් අත්අ­ඩං­ගු­වට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක උදය කුමාර වුඩ්ලර් මහතා පැව­සීය. එම කාන්තාව වෙඩි­ක්කරු බවට සැක­ක­රන පුද්ග­ල­යාගේ බිරි­ඳය.

මේ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථා­වේදී ඔවුන් සමඟ සිටි තවත් පුද්ග­ල­යන් කිහිප දෙනෙකු පොලිස් නිල­ධා­රීන් සමඟ පොර­බැ­දී­මක් ද සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා පැව­සීය. එහිදී පොලිස් නිල­ධා­රි­යෙක් තුවාල ලබා ඇති බව ද සඳ­හන්ය. වෙඩි­ක්කරු පලා­ගොස් ඇත්තේ මේ පොර­බැ­දීම් අත­ර­තු­ර­දීය. මේ සම්බ­න්ධ­යෙන් ද සැක­ක­රු­වෙක් පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඔහුට එල්ලවී ඇති චෝද­නාව වන්නේ වෙඩි­ක්කරුට පහ­සු­කම් සලසා දීමයි. එම පුද්ග­ලයා කැකි­රාව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි.

වෙඩි­ක්ක­රුගේ බිරිය බව කියන සැක­කා­රිය සතුව තිබී රුපි­යල් ලක්ෂ 12කට අධික මුද­ලක් ද පොලී­සිය සොයා­ගෙන ඇත. පලා­ගිය සැක­කරු මාතර සිට කැකි­රා­වට සිය බිරිය සමඟ පැමි­ණී­මට යොදා ගත් යතු­රු­පැ­දිය ද එහි තිබී පොලී­සිය සොයා­ගෙන තිබේ. හෙරො­යින් සහ අයිස් මත්ද්‍රව්‍ය ද, ඒවා භාවි­ත­යට යොදා ගන්නා උප­ක­රණ ද සැක­ක­රු­වන් රැඳී සිටි නිවෙසේ තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා සඳ­හන් කළේය.

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කරගේ ඝාත­කයා දින දෙක තුනක් ඇතු­ළත නීතියේ රැහැ­නට හසු­කර ගන්නා බව මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී සඳ­හන් කළේ පසු­ගිය 23 වැනි­දාය. ඒ සම්බ­න්ධ­යෙන් වැද­ගත් තොර­තුරු ද ලැබී ඇති බව ඇමැ­ති­ව­රයා පැව­සීය.

ඇමැති ආනන්ද විජේ­පාල, එම අමා­ත්‍යාං­ශයේ ලේකම්, විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න මහ­ත්ව­රුන්ගේ මඟ­පෙ­න්වීම මත පොලි­ස්පති, නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණ­යෙන් වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් වූ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ විම­ර්ශන සිදු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති, නීතිඥ අසංක කර­විට මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති කිත්සිරි ජය­ලත් මහ­තාගේ ඍජු අධී­ක්ෂ­ණ­යෙන් පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක් මේ සම්බ­න්ධ­යෙන් කඩි­න­මින් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බව ද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.

ඒ අනුව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ අධී­ක්ෂ­ණ­යෙන් ක්‍රියා­ත්මක මාතර කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශ­යට පැමිණ භාර වූ පුද්ග­ල‍යෙක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

වැලි­ගම පොලී­සියේ නිල­ධා­රීන් විසින් ද එක් සැක­ක­රු­වෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. එම සැක­කරු ප්‍රාදේ­ශීය සභා සභා­ප­ති­ව­ර­යාගේ ඝාත­නය සිදු වූ දිනට පෙර දින, ඝාත­නය සිදු වූ දින සහ ඝාත­න­යෙන් පසු­දින ප්‍රධාන සැක­කරු, ඔහුගේ සහා­ය­කයා හා ප්‍රධාන සැක­ක­රුගේ බිරිය සමඟ ඇඳුම් පැල­ඳුම් හෙල්මට් ආදිය මිලදී ගැනී­මට ගාල්ල ඇතුළු ප්‍රදේ­ශ­ව­ලට ගමන් බිමන් ගිය ත්‍රිරෝද රථයේ රියැ­දුරු ලෙස කට­යුතු කර ඇති තැනැ­ත්තාය. ඔහු ගාල්ල, හියාරේ ප්‍රදේ­ශයේ පදිංචි 56 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

මේ වෙඩි තැබීම සිදු වූ අව­ස්ථාවේ සිටම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති අසංක කර­විට මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් තාක්ෂ­ණික මෙහෙ­යු­මක නිර­තව සිට ඇත්තේ වෙඩි­ක්කරුගේ ජංගම දුර­ක­තන අංකය ඔස්සේය. එම අංකය හඳු­නා­ගෙන ඇත්තේ ද තාක්ෂ­ණික ක්‍රම­වේ­ද­යක් ඔස්සේය.

ඒ අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශන නිල­ධා­රීන්ට පෙනී ගොස් ඇත්තේ සභා­ප­ති­ව­ර­යාට වෙඩි තැබී­මෙන් අන­තු­රුව වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දි­කරු යතු­රු­පැදි දෙක­කින් මාතර සිට ඌව පළා­තට පැමිණ ඇති බවයි. ඒ අතර සිටින වෙඩි­ක්ක­රුත්, පැදි­ක­රුත් මාතර සිට කැකි­රාව දක්වා පලා­ගොස් ඇත්තේ කත­ර­ගම, තණ­ම­ල්විල, වැල්ල­වාය, රිදී­මා­ලි­යද්ද , මහි­යං­ග­ණය ඔස්සේය. ඒ යන අත­ර­තුර ස්ථාන කිහි­ප­ය­කම නවා­තැන් ගනි­මින් ගොස් ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ. වැලි­ගම සභා­ප­ති­ව­ර­යාට වෙඩි තැබී­මෙන් පසු කැකි­රාව දක්වා කිලෝ­මී­ටර් 500ක පමණ දුරක් වෙඩි­ක්කරු යතු­රු­පැ­දි­යෙන් ගමන් කර ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. පැදි­කරු යතු­රු­පැ­දිය ඌව පළාතේ යම් ස්ථාන­යක සඟවා ඇතැයි ලද තොර­තු­ර­කට අනුව එම යතු­රු­පැ­දිය ද සිය භාර­යට ගැනී­මට පොලිස් කණ්ඩා­ය­මක් ඊයේ මෙහෙ­යු­මක නිර­තව සිටි­යහ. ඌව පළාතේ යම් තැනක පැදි­කරු යතු­රු­පැ­දිය සැඟ­වී­මෙන් පසු ඔහු ද වෙඩි­ක්කරු පැදවූ යතු­රු­පැ­දියේ නැඟී කැකි­රාව බලා ගමන් කර ඇත. එම යතුරු පැදියේ වෙඩි­ක්ක­රුත්, පැදි­ක­රු­වත්, වෙඩි­ක්ක­රුගේ බිරි­යත් ගමන් කර ඇති බව සඳ­හන්ය. ඔවුන් බක­මූණ ප්‍රදේ­ශයේ හෝට­ල­ය­කින් එදින සවස කෑම ගෙන ඇති බවත් පෙනී ගොස් ඇත. මේ තිදෙ­නාම ඌව සිට කැකි­රා­වට යතු­රු­පැ­දි­යෙන් පොලිස් ආර­ක්ෂාව මඟ­හැර ගමන් කළේ කෙසේ දැයි යන්න ද සීසී­ටීවී කැම­රා­ව­ලින් සොයා බල­මින් සිටින බව ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

සැක­කරු‍ගේ දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රී­සි­යෙන් ANURADA ‍ද වම් අතේ ‘හිතු­මතේ ජීවිතේ’ ලෙස පච්ච­යක් සල­කුණු කර ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ, ගන්දර සමූහ – ජය­සිරි පේදු­රු­ආ­රච්චි

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර මහ­තාගේ දේහය පිළි­බඳ අව­සන් කට­යුතු මිදි­ගම පවුලේ සුසාන භූමි­යේදී ඊයේ (26) සවස සිදු කළ අව­ස්ථා­වේ ඥාතීන් පැන් වඩන අයු­රු.

SendShareShare
Previous Post

විපක්ෂනායක සජිත් වැලිගම සභාපති ලසන්තට අවසන් ගෞරව දක්වන්න නිවසට යයි! මේක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරුපහරක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

දඹුල්ල පන්සලෙන් සංවර්ධනයට දීපු ඉඩම් බදු දීපු ජනාධිපති කාර්යාලයේ ඉන්න බලවතා කව්ද? නාගරික සංවර්ධන අධිකාරියට එහෙම බලයක් දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Load More
දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන මුදල ඔන්න දැන් අපි ගණන් බලලා තියෙනවා. රුපියල් 17,000කින් මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න පුළුවන්....

Read more
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.