2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමදාල් ජයසේකර( චොකා මල්ලි )ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) අවසර ලබාදුන්නා. Sri Lanka Latest News
මෙම සිද්ධියෙන් අගතියට පාර්ශවය විසින් අදාල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තිබුණා.
මෙම පෙත්සම ඉදිරිපත් කළ අගතියට පත් පාර්ශවය සඳහන් කර සිටින්නේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවයි.
ඒ අනුව එම තීන්දුව බල රහිතකර විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය මගින් පනවන ලද මරණීය දණ්ඩනය යළි නියම කරන ලෙසත් එම අභියාචනාවලින් ඉල්ලා තිබෙනවා.










