ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගත් කතාව සම්පූර්ණ අසත්‍ය බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් රුසියානු තානාපති ධුරය සල්ලිවලට විකුණා දමා ඇතැයිද හෙතෙම පවසයි.
අද ජනාධිපති පමණක් නොව ලේකම්ලාද ෆේල් වී ඇතැයිද ඔහු පවසයි.
ඔහු මේ බව පවසන්නේ අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමිනි.
සතියකට ඩොලර් ලක්ෂ 12ක් ලැබුනු රුසියානු ගුවන් යානා ඇමරිකානු ගැති ජනාධිපතිවරයා විසින් නතර කර ඇතැයි ද ඔහු චෝදනා කරයි.
තෙල් ගේන්න රුසියාවට ගිය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ගියේ තෙල් ගෙන ඒම කෙසේ වෙතත් තෙල් මාරු කරගෙන එනු ඇතැයි ඔහු එහිදී සඳහන් කළේය.
රුසියාවේ ඉන්ධන ගෙන්වීම තමනට භාර දුන්නොත් තමන් එය සිදු කර පෙන්වීමට සූදානම් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.