පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබූ පරිදි හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපතිවරයා බවට පත්කිරීමට සිලින්ඩරය යෝජනා කරන බවට සහ සිලින්ඩරේ කණ්ඩායම් නායක ලෙස අනුරාධ ජයරත්න පත් කොට ඇති බවට වූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සිලින්ඩරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මව්රටට සදහන් කර සිටියේය.Sri Lanka Latest News
මව්රට නිව්ස් වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, එම ව්‍යාජ පුවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මල්වත්ත පාරේ පිහිටි කාර්යාලයෙන් මාධ්‍යවලට ලබා දෙන අසත්‍ය පුවත් බවය.
මෙවැනි පුවත් එම පාර්ශ්වයෙන් පළකරන්නේ සජබය ඇතුළේ යම් යම් ගැටුම් ඇති කිරීමට බව පෙන්වා දුන් එම ප්‍රකාශකයා සිලින්ඩරේ නියෝජිතයන් රැස්වී එවැනි ආකාරයේ කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවද කීය.
සිලින්ඩරයේ මහලේකම්වරියගේ සහභාගීත්වයෙන් එවැනි නිල මට්ටමේ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත්, එවැනි සාකච්ඡාවක් පැවතියේ නම් ඇය විසින් එය නිල වශයෙන් රටට දැනුම් දෙනු ඇති බවත් එම ප්‍රකාශකයා තවදුරටත් සදහන් කර සිටියේය.










