ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හානිදායක වන අයුරින් හැසිරෙන බවට චෝදනා කරමින් එම කොමසාරිස්වරුන් තිදෙනකුට එරෙහිව කොමිසමේ කාර්ය මණ්ඩලය ඊයේ (26) දහවල් එම කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.
මෙම කොමසාරිස්වරුන් තිදෙනා එහි වත්මන් සභාපතිනියගේ ක්‍රියා ක්‍රියාකලාපයට විරුද්ධව , ඇය ඉවත් කිරීමට කටයුතු කරන බවත්, කොමිසමේ අභ්‍යන්තර ගැටළු සාකච්ඡා මගින් විසදා ගැනීමට ක්‍රම තිබියදී, ඒවා මාධ්‍ය හමුවට ලබාදෙමින් කොමිසමේ ගරුත්වයට හානි කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මාධ්‍ය වෙත ලබා දි තිබූ තොරතුරක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කාර්ය මණ්ඩලය මෙම කොමසාරිස්වරුන් තිදෙනාගෙන් දැනුම් දීමක් කර ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කාර්යමණ්ඩල සාමාජිකයන් සමඟ බහින්බස් වීමක් සිදුකරගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.