සිය මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර, සිරුර කැළයක් වෙත ඇදගෙන ගොස් දැමූ බව කියන 24 හැවිරිදි මුණුබුරෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසනවා.
ඝාතනයට ලක් වූ තැනැත්තිය බදුරලිය, හැඩිගල්ල ජනපදය, බොල්ලුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ලීලාවතී වික්‍රමසිංහ නැමැති 57 හැවිරිදි කාන්තවක් බවයි පොලිසිය පැවසුවේ.
අදාළ කාන්තාව සැකකරු පදිංචි නිවසේ පදිංචිව සිට ඇති අතර, ඇය විසින් තම මවට කරදර කරන බව පවසා සැකකාර මුණුබුරා මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට ලක් වූ කාන්තාව රෝහල්ගතව සිට ඊයේ (26) දින නිවසට පැමිණ ඇති අතර, ඇයගේ ප්‍රතිකාර සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
මංගල උත්සවයකට සහභාගි වී මත්පැන් පානය කර නිවසට පැමිණ තිබූ සැකකරු, නිවස තුළ සිටි මිත්තණියට පිහියකින් පහර දී අනතුරුව අසල කැළයක් වෙත ඇදගෙන ගොස් දමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු ඝාතනයට යොදාගත් තියුණු ආයුධය ද පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
dasathalankanew