ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කිරීමට අවශ්‍ය අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් ත්‍රිකුණාමලයේ දී අද (15) දින පැවැත්වේ. ඒ සඳහා මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටින අයුරු දැකගත හැකිය.Sri Lanka Latest News
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය කින්ස් නෙල්සන්, නියෝමාල් පෙරේරා, නීතිඥ මොහොමඩ් රිස්වාන් යනාදීන් නියෝජනය කරයි.




ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කිරීමට අවශ්‍ය අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් අද (15) දින කුරුණෑගල සීසන්ස් හෝටලයේදී, දළදාගම පිහිටි ජයන්ත හේරත් මහතාගේ නිවසේදී සහ කුලියාපිටිය මංගල මැදුරේදී දී පැවැත්වේ. ඒ සඳහා මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටින අයුරු දැකගත හැකිය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය කබීර් හෂීම්, නයන වාසලතිලක, සුරංග රත්නායක යනාදීන් මෙන්ම තවත් නීතිඥවරුන් සහ මහාචාර්යවරුන් රැසක් නියෝජනය කරයි.






ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කිරීමට අවශ්‍ය අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් ගාල්ල සහන උත්සව ශාලාවේ දී අද (15) පැවැත්වේ. ඒ සඳහා මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටින අයුරු දැකගත හැකිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉෆ්තිකාර් ජෙමිල්, නීතිඥ සමන්ත උඩුගම්පොළ, නීතිඥ වරුණ බෝගහගේ, නීතිඥ රවී දොඩම්පේ, මහාචාර්ය උපුල් අබේරත්න, ආචාර්ය තුෂාර සිල්වා යනාදීන් නියෝජනය කරයි.



ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කිරීමට අවශ්‍ය අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් දිලිප් වෙදආරච්චි මහතාගේ නිවසේ දී අද (15) දින පැවැත්වේ. ඒ සඳහා මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටින අයුරු දැකගත හැකිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, මහාචාර්ය දර්ශන බණ්ඩාර යනාදීන් නියෝජනය කරයි.














