• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීට කලිනුත් 5ක් එලොව යවලා! තුවාලකරුවන් මර ලතෝනි දෙද්දී මිනිස්සු වීඩියෝ කරලා! එක වාහනයක්වත් නවත්තලා නෑ! 4ක් මරාගෙන 4ක් ICU යැවූ තෝරයායේ අනතුරේ සාපය බස් එකේද? Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මීට කලිනුත් 5ක් එලොව යවලා! තුවාලකරුවන් මර ලතෝනි දෙද්දී මිනිස්සු වීඩියෝ කරලා! එක වාහනයක්වත් නවත්තලා නෑ! 4ක් මරාගෙන 4ක් ICU යැවූ තෝරයායේ අනතුරේ සාපය බස් එකේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
අපරීක්ෂාකාරී රිය ධාවනය නිසා අපේ රටේ දවසකට මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. තවත් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වෙනවා. ඉන් බොහොමයක් අනතුරු සිදුවන්නේ අනපේක්ෂිත මොහොතකයි. පසුගියදා කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුර නම් රියැදුරන්ගේ අත්වැරැද්දෙන්ම සිදුවූවක් බවයි අනාවරණ වුණේ. Sri Lanka Latest News

පසුගිය 10 වැනිදා කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුර මුළු රටේම දැඩි කතාබහට ලක්වූ සිදුවීමක්. අනතුරෙන් එම ස්ථානයේම පුද්ගලයන් 04 දෙනකු මියගොස් තිබුණා. ඒ අතර කාන්තාවකුත් පිරිමි පුද්ගලයන් තිදෙනකුත් වනවා. මියගිය අය අතර ඉබ්බාගමුවේ පදිංචිව සිටි සචින්ත (28), මැල්සිරිපුර පදිංචිව සිටි සුසන්ත (47), ඉබ්බාගමුවේ පදිංචිව සිටි සමීර (24) සහ මැල්සිරිපුර පදිංචිව සිටි ඉන්දිරා නීලමනී (60) යන වන බවයි හෙළිව ඇත්තේ. මෙම අනතුර සිදුව තිබුණේ එදින අලුයම 4.45ට පමණය. ඒ, මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකට එක ගැටීමෙනි. කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් මගීන් නංවා ගැනීමට නවතා තිබියදී ඒ දිශාවටම ධාවනය වූ තවත් බස් රථයක් පැමිණ නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබුණා. එම බස් රථය මාදුරුඔය සිට කොළඹ බලා මාර්ග අංක 48 යටතේ ධාවනය වූ බස් රථයක්. එම බස් රථය පදවා තිබුණේ ප්‍රදීප් සඳරුවන් නමැති අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අනතුරට මුහුණ දුන් බස් රථයේ සිටි මගීන් 34 දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුරට මුහුණු දුන් බස් රථයේ සිටි පුද්ගලයකු මෙම අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවැන්නක්.
‘බස් දෙකම ස්පීඩ් එකෙන් ආවා. දෙකම රේස් ආවා. මේ බස් එක අපේ බස් එක කඩාගෙන වත්ත ඇතුළට ආවා. බස් එකේ නේවි එකේ අයියා කෙනෙක් හිටියා. එයාගේ බෑග් එකේ ලැප්ටොප් එකක් ෆෝන් තිබ්බා. කරදරයක් වුණාම අපේ අය බලන්නේ ඒවා උස්සන්න. ගොඩාක් අයගේ ෆෝන්, පර්ස්, බෑග් අත්ඔරලෝසු, රත්තරන් බඩු නැතිවෙලා….’
මේ පිළිබඳ දොරටියාව පොලිස් ස්ථානාධිපති සුජීව වීරසේකර මහතා පවසා තිබුණේ මෙය අශීලාචාර සහ කනගාටුදායක ක්‍රියාවක් බවයි.

අනතුර සම්බන්ධයෙන් තවත් මගියෙක් ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.
‘මං හිතන්නේ මිනිස්සු තුන් හතර දෙනෙක් විතර හුස්ම ඇද ඇද හිටියේ. ඇම්බියුලන්ස් එකට කෝල් කළාම ඒක ආවේ පැය භාගයකට විතර පස්සේ. අපිට හිතට දුක පාරේ යන එක වාහනයක්වත් නැවැත්තුවේ නැහැ. තුවාල ලබපු අය රෝහලට ගෙනියන්න මට විකල්පයක් තිබුණේ නෑ. ඒ නිසා යකඩ පොල්ලක් අරගෙන බය කරලා ලොරියක් නවත්තලා තමයි ලෙඩ්ඩු ටික දාලා හොස්පිට්ල් එකට යැව්වේ. දහයක් විතර බස් එක අස්සේ හිරවෙලා හිටියා. ඇම්බියුලන්ස් එක ආවේ පැය භාගයක් පරක්කු වෙලා. ඇම්බියුලන්ස් එක කියනවා තුවාල වෙච්ච අයගේ ලේ තියෙනවා ගෙනියන්න බෑලු. එතකොට අපි යකඩ පොල්ල අරන් තමයි දාලා යැව්වේ. අපිට මනුස්සකමක් කියලා දෙයක් තියෙනවා. ඒ වුණාට උස්සන්න එකෙක් නැහැ. ඔක්කොම වීඩියෝ කරනවා. ඉස්සෙල්ලාම මේ ෆෝන් නැති කරන්න ඕනෙ…’

මේ අතර, අනතුරෙන් තුවාල ලැබූ තම ආදරණීයයන්ගේ සුවදුක් විමසීමට බොහෝ පිරිසක් කුරුණෑගල රෝහලට පැමිණ සිටියා.

අනතුර සිදුවූ ස්ථානයේ ජීවත්වන අසල්වැසියෙක් පවසා සිටියේ මෙවැන්නකි.
‘අපි නිදාගෙන හිටියේ. එතකොට ලොකු සද්දයක් ආවා. ඒ සද්දේ නම් කියන්න තේරෙන්නේ නැහැ ඒ තරම් ලොකු සද්දයක්. ප්‍රයිවට් බස් නම් හරිම ඩේන්ජරස්. බස් එකකවත් යන්න බැහැ. අපි එළියට ඇවිත් බැලුවා. කට්ටියක් මැරිලා හිටියා. ගොඩාක් තුවාල වෙච්ච කට්ටිය තමයි හිටියේ. ඉතින් අපි පුළුවන් අයට උදව් කළා. බස් එකේ ගොඩාක් සෙනඟ හිටියා. ගෑනු අයගේ පොඩි ළමයින්ගේ කකුල් කැඩිලා තිබුණා. ඔළුව වැදිලා ලේ පැනලා තිබුණු අය හිටියා. බස් එකට නගින්න හිටපු කෙනෙක්ගේ කකුල් දෙකම කැඩිලා හිරවෙලා. බස් එකේ තව හතර පස් දෙනෙක් හිටියා තුවාල වෙච්ච අය.

මූලික විමර්ශනවලින් පවා අනාවරණ වුණේ පසුපසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම රිය අනතුරට හේතුවූ බවයි. මාදුරුඔය සිට කොළඹ බලා ගමන් කළ බස් රථයේ රියැදුරු අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, මගීන් අනතුරේ දැමීම සහ වේග සීමා ඉක්මවමින් ධාවනයේ යෙදීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණා. අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නැති බවයි දැනගන්නට ලැබුණේ. ඔහු මේ මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ අනතුරින් ජීවිතය හැරගිය පුද්ගලයන් කඩිනමින් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා නම් ඇතැම් විට ඔවුන්ගේ ජීවිත රැකගන්නට තිබුණා. අනතුර සිදුවූ ස්ථානයේ සිටි පුද්ගලයන් පවසා සිටියේ එහි සිටි ඇතැමුන් ඉතා ආත්මාර්ථකාමී අයුරින් හැසිරුණු බවයි. කෙනකුට කරදරයක් වූ වහාම බහුතරයක් දෙනා බලන්නේ අපිට මේකෙන් ගන්න පුළුවන් ලාභ ප්‍රයෝජන මොනවද කියලයි. අනතුරට ලක්වූ බොහෝ දෙනකුගේ ගමන් මලු, ජංගම දුරකතන ඇතුළු වටිනා දෑ පවා අතුරුදන් වී තිබුණා. අනතුර සිදුවූ ස්ථානයේ තුවාලකරුවන් රැගෙන යාමට වාහන කිසිවක් නොනැවැත්වීම හේතුවෙන් එතන සිටි පුද්ගලයන්ට යකඩ පොලු පවා අරගෙන වාහන නවත්වන්න සිදුව තිබුණා. එසේම තුවාලකරුවන් රැගෙන යෑමට ගිලන් රථයක් පැමිණීමට පැය භාගයකට ආසන්න කාලයක් ගතවීමද මරණ සංඛ්‍යාව ඉහළ යෑමට බලපා ඇති බවයි පැවැසෙන්නේ.
කෙනෙකුගේ ජීවිතය වෙනස් වන්නට එක තත්පර කිහිපයක් ඇති. අනතුර සිදුවූ අවස්ථාවේ මගීන් හිරවෙලා එළියට ඒමට නොහැකිව කෑගසමින් සිට තිබුණා. ඒත් බොහෝ දෙනකු තුවාල ලැබූවන් බේරාගැනීමට උත්සාහ දරන්නේ නැතිව ජංගම දුරකතනවලින් සිද්ධිය වීඩියෝගත කරමින් සිටි බවයි සිද්ධිය දුටුවන් පවසා තිබුණේ.
මේ රිය අනතුර දුටු ඕනෑම කෙනකුගේ හිතට දැනෙන්නේ බස් රථයේ පිටුපස සිටින මගීන්ට මොකද වුණේ යන්නයි. ඒ තරමටම බස් රථයේ පිටුපස කුඩුපට්ටම් වී තිබුණා. පිටුපසින් වේගයෙන් ආ බස් රථයේ ඉදිරිපස කොටස කෑලි කෑලිවලට වෙන්ව තිබුණා. මේ බස් රථය මීට පෙරද 2005 වසරේදී පස්යාලේ සිදුවූ අනතුරකින් තිදෙනෙකුට මරු කැඳවා තිබූ අතර, 2014 වසරේදී පස්යාලේදී අනතුරට ලක්වී ජීවිත දෙකක් බිලිගෙන තිබූ බවයි වාර්තා වී තිබුණේ. පසුගිය සිදුවීම්වලදීද එම රියැදුරු අතින් ජීවිත පහක් අවසන් හුස්ම හෙළා තිබුණත් පසුව ඔහුට රිය ධාවනයට නැවතත් අවසර ලැබීම තුළින් මෙම අනතුරු සිදුව ඇති බව මනාව ඔප්පු වෙන කාරණාවක්. මුල් අවස්ථාවේදීම රියැදුරුට දැඩි දඬුවමක් පැනවූවා නම් මේ වටිනා ජීවිත හතර අද මරණයෙන් බේරීමට ඉඩ තිබූ බවයි බොහෝ දෙනකුගේ අදහස වුණේ.

අපි මේවා දැක්කාම නිවන් සුව පතලා ඇස් කන් වහගෙන ඉන්නවා. ඒත් මේවාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේ නැතිකමින් අහිංසක ජීවිතවලට වන්දි ගෙවන්නට සිදුවනවා. ජීවිතයක් නැති වුණාම ඒ අඩුව දැනෙන්නේ ඒ අයගේ පවුලේ බිරිඳට ස්වාමියාට දරුවන්ට සහෝදර සහෝදරියන්ට පමණයි. අපි හැම වෙලේම සිතිය යුත්තේ තමන්ගේ ජීවිතය තමන්ට වටිනවා වගේම අනෙක් කෙනාගේ ජීවිතයත් ඔහුට වටිනා බවයි. මිනිස්සු වගකීමක් නැතිව කටයුතු කිරීම කොයි තරම් ජීවිතවලට බලපානවාද? අපි මෙවැනි අනතුරක් සිදුවුණාම හැම අවස්ථාවේම ජීවිත රැකගන්න මුල්තැන දිය යුතුයි. සමාජය හරිම පහත් තත්ත්වයකට වැටිලා. සෙල් ෆෝන් අරගෙන වීඩියෝ කරන්න ඉස්සෙල්ලා ලෙඩෙක්ව ඉස්පිරිතාලයකට ගෙනියන්නයි කටයුතු කරන්නට තිබුණේ.

මේ රිය අනතුර නිසා පවුල් කීයක් අසරණභාවයට පත්වෙනවාද? පොඩ්ඩක්වත් ඔබ සිතුවාද ගෙදර ස්වාමි පුරුෂයෙක් මරණයට පත්වුණාම ඒ ගෙදර කී දෙනෙක් පීඩාවට පත්වෙනවද කියලා. ගෙදරට හරිහම්බ කරන්නේ ඔහු නම් පුංචි දරුවන් බිරිඳ ගෙදර අසරණ වෙනවා. ඔවුන් කොහොම ජීවිතය ගෙනයාවිද?

මේ අනතුරින් මියගිය සචින්තගේ මවද හඬාවැටෙමින් පවසා තිබුණේ නොහික්මුණු රියැදුරන් නිසා තමන්ගේ දරුවා අහිමි වූ බවයි. ඔවුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවුණේ නොහික්මුණු රියැදුරකුගේ ක්‍රියාකාරකම් නිසයි. මේ රටේ රිය අනතුරුවලට තදින් නීතිය ක්‍රියාත්මක කරනවා නම් මෙවැනි අනතුරු බොහොමයක් වළක්වා ගන්නට අපට පුළුවන්. මේ රටේ නීතිය වන්නේ රිය අනතුරක් වූ වහාම අදාළ රියැදුරාව දින 14ක් රිමාන්ඩ් භාරයේ තියලා ඇප ලබාදීමයි. එහෙම නැත්නම් බලපුළුවන්කාරකමකට ඇඳුනුම්කමකට නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවන අවස්ථා ගැනද විටින් විට අසන්නට ලැබෙනවා. රටක නීතිය හැම දෙනාටම සමාන විය යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම මෙවැනි රිය අනතුරුවලදී නීතිය තදින් ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යයි.

සමහර මගීන් බස්වල පාපුවරුවේ එල්ලීගෙන ගමන් කරනවා. මෙහි බරපතළකම බොහෝ මගීන් හිතන්නේ නැහැ. බස් රථවල පමණක් නොවෙයි දුම්රියේ පවා පාපුවරුවේ ගමන් කරන්නේ අනේ මට ගෙදර යන්න පරක්කු වෙනවා රස්සාවට යන්න පරක්කු වෙනවා කියලා හිතලයි. ඒත් බස් එකක් දුම්රියක් ගියොත් තව බස් එකක් දුම්රියක් එනවා. හැබැයි අපිට ජීවිතය නැතිවුණොත් ජීවිතය දෙන්න කවුරුත් නැහැ. හැමෝම ජීවිතවලට වටිනාකමක් දෙනවා නම් බොහොමයක් මෙවැනි අනතුරු වළක්වාගත හැකි වෙනවා. මේ අනතුර සිදුවූ අවස්ථාවේ දෙවිවරු වගේ මිනිස්සු අතරේ තිරිසන් ගතිවලින් යුක්ත මනුෂ්‍යයන්ද දැකගන්නට ලැබුණා. අපි ජීවත් වෙන ටික කාලේ මනුස්යෙක් වගේ කටයුතු කළොත් අපේ ජීවිතවලට ස්වභාවධර්මය ආශීර්වාද කරනවා. ඒක නිසා අපි තිරිසනෙක් නොවී මනුස්සයෙක් විදියට ජීවත් වෙමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සජබ-යූඑන්පී එකට පුංචි ඡන්දෙට අපේක්ෂකයෝ තෝරන කතාව පට්ටපල් බොරුවක්! සජබෙ සියලුම දිස්ත්‍රික්කවලට අපේක්ෂකයෝ තෝරන්න නාමයෝජනා මණ්ඩල පත්කරයි! මෙන්න ඒ ලයිස්තුව! I Sri Lanka Latest News

Next Post

කාටත් කලින් සජබය පුංචි ඡන්දෙදි ගම අල්ලන සටනට ලෑස්ති වෙයි! මෙන්න දිස්ත්‍රික්ක රැසකම නාමයෝජනා මණ්ඩල රැස්වෙලා! සජබෙන් ඡන්දෙ ඉල්ලන්න අපේක්ෂකයෝ පෝලිමේ ඇවිත්! මෙන්න පින්තූර! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.