සද්දෙ දාපු හරිනි-ටිල්වින්-හඳුන්නෙත්ති හොයාගන්නත් නෑ!
නලින් බණ්ඩාර කියලා තියෙද්දිත් නලින්ද ජයතිස්ස කරපු දේ!
භාෂා කතාවට අනුරගේ හිත රිදිලා! පණිවුඩ රැසක් හුවමාරු වෙයි!
කවුරුත් අවුරුදු නිවාඩුවේ! සජිත් විතරක් වැඩ!
අලුත් අවුරුදු නිවාඩු සමයේ මැති ඇමැතිවරු සිය නිවාඩුව ගතකිරීම සඳහා ගම්බිම්වලට ගොස් තිබීම හේතුවෙන් පසුගිය සති දෙකම වාගේ දේශපාලන ක්ෂේත්‍රය පැවැතියේ ඇල් මැරුණු ස්වාභායකය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 20ක් පමණ මේ දිනවල විදෙස්ගතව සිටියේ කලකට පසු ලැබුණු මෙම දීර්ඝ නිවාඩුව පවුලේ උදවිය සමග විවේක සුවයෙන් ගතකිරීම සඳහාය. ඇතැම් මැති ඇමැතිවරුන්ගේ දරුවන් විදෙස් අධ්‍යාපනය ලැබීම නිසා ඔවුන් සිය දරුවන් බැලීම සඳහා විදෙස්ගතව සිටි ආකාරයක්ද දැකගත හැකි විය. මීට අමතරව නුවරඑළිය මන්ත්‍රීවරුන්ගේ බංගලාව අතුරු සිදුරු නැතිව පිරීගොස් තිබුණේ මෙම නිවාඩු සමය දරුවන් සමග ගතකිරීමට කල් තියාම වෙන්කරගෙන සිටීම නිසාය. මේ හේතුවෙන් ඉකුත් සති දෙක තුළ ලොකු දේශපාලන සාකච්ඡා තැන් තැන්වල නොතිබුණු තරම්ය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා අලුත් අවුරුද්ද ගතකළේද නුවරඑළියේය. සිය හිතවත් මැති ඇමැතිවරුන් සමග නුවරඑළියේ තේ වතු මැදින් ඇවිදිමින්, අලුත් අවුරුදු උත්සවවලට සහභාගි වෙමින්, ජනතාව සමග කතාබහ කරමින් විවේක සුවයෙන් ජනාධිපතිවරයා අවුරුදු සමය ගත කළ අයුරු දැකගත හැකි විය.
නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නම් අලුත් අවුරුදු සමය කියා විවේකයක් තිබුණේ නැත. සජිත් සුපුරුදු පරිදි අලුත් අවුරුදු දින දෙකේ හැරුණු විට අනෙක් සෑම දිනෙකදීම හම්බන්තොට, මොනරාගල දුෂ්කර පළාත්වල පාසල්වල සිසුන්ට ස්මාර්ට් පන්ති කාමර ලබාදෙමින් දරුවන් සමග ගත කළ ආකාරයක් දැකගත හැකි විය.
සජිත්-අනුර විවාදය
මේ ආකාරයට අලුත් අවුරුදු සමය දේශපාලන වශයෙන් ඇල්මැරුණු ස්වභාවයක් පළ කළද එක්තරා මාතෘකාවක් මුල්කරගෙන මාධ්‍ය ඔස්සේ වරින් වර දේශපාලන සංවාදයක් සිදුවන අයුරු රටටම දැකගත හැකි විය. ඒ වෙන මොකක්වත් නොව සජිත් සහ අනුර අතර පැවැත්වීමට නියමිතව තිබූ ආර්ථික විවාදය මුල්කරගෙනය.
මෙම විවාද මාතෘකාව පළමු වතාවට එළියට පැමිණියේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මාලිමාවට කරනු ලැබූ අභියෝගයත් සමගය. නලින් එහිදී කියා සිටියේ මේ වන විට දේශපාලන තරග බිමේ ඉදිරියෙන්ම සිටින සජබ ආර්ථික කමිටුව සහ මාලිමාවේ ආර්ථික කවුන්සිලය අතර රටේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය යුතු යැයි කියාය. ඒ සඳහා සජබ ආර්ථික කමිටුව නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් සූදානම් බව කී නලින් මාලිමාවේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත සහ මහාචාර්ය සීතා බණ්ඩාර එම අභියෝගය භාරගන්නේදැයි ප්‍රසිද්ධියේම ප්‍රශ්න කර සිටියේය.
නලින් මෙම අභියෝගය එල්ල කිරීමත් සමග වහාම මාධ්‍ය හමුවක් කැඳවූ සජබ ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ, ඉරාන්, කබීර් කියා සිටියේ තමන් විවාදයට සූදානම් බවත්, මාලිමාවේ ආර්ථික කවුන්සිලය සූදානම් නම් ඕනෑම තැනකට පැමිණ විවාදය කිරීමට සූදානම් බවත්ය.
මාලිමාව පස්ස ගහයි
ඒ අනුව ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා වන හිරු, දෙරණ, සිරස වහාම විශේෂ ප්‍රවෘත්තියක් පළකරමින් කියා සිටියේ තම නාලිකා අදාළ රූපවාහිනී විවාදය සඳහා අවශ්‍ය වේදිකාව ලබාදීමට සූදානම් යැයි කියාය. නමුත් ප්‍රශ්නයකට තිබුණේ නලින් බණ්ඩාරත්, සජබ ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ, ඉරාන්, කබීර් යන තිදෙනාත් ප්‍රසිද්ධියේම මාලිමාවේ ආර්ථික කවුන්සිලයට විවාදයකට එන ලෙස අභියෝග කළද එම අභියෝගය බාරගැනීමට මාලිමාවේ ආර්ථික කවුන්සිලය ඉදිරිපත් නොවීමය. අභියෝගය එල්ල වී දින ගණනක් ගතවුවද ඒ සම්බන්ධයෙන් මාලිමාවේ කිසිදු නියෝජිතයකුගෙන් වචනයක් හෝ නිකුත් නොවීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් මාධ්‍ය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මාලිමාවෙන් ප්‍රශ්න කරද්දී හදිසියේම වාගේ මාලිමාවේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති පළමු වතාවට ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරනු දැකගත හැකි විය. එහිදී හඳුන්නෙත්ති කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බැවින් ආර්ථික කමිටු අතර විවාද කොට පලක් නොමැති බවත්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජබයේ සජිත් සහ මාලිමාවේ අනුර අතර විවාදයක් පැවැත්වීම සුදුසු බවත්, ඒ සඳහා සජිත්ට හැකි නම් සහභාගි වන ලෙසට අභියෝග කරන බවත්ය. ඒ අවස්ථාවේදී බොහෝ දෙනා සිතා සිටියේ අනුර සමග විවාද කිරීමට සජිත් ඉදිරිපත් නොවනු ඇති බවට වූ උපකල්පනයේ පිහිටා හඳුන්නෙත්ති මෙම ප්‍රකාශය සිදුකළ බවටත්, එය සජබ සහ මාලිමාවේ ආර්ථික කමිටු අතර වූ විවාදය මඟහැරීමේ අරමුණෙන් සිදුකළ එකක් බවටත්ය. නමුත් හඳුන්නෙත්ති කුමන අරමුණකින් එම ප්‍රකාශය සිදුකළද එයින් සිදුවූයේ ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා හා සමාන සිදුවීමක්ය. ඒ, කිසිවකුත් නොසිතූ පරිදි හඳුන්නෙත්ති එම ප්‍රකාශය සිදුකොට පැය කිහිපයක් යෑමට මත්තෙන් සජිත් විසින් එම අභියෝගය භාරගැනීම හේතුකොට ගෙනය.
සජිත් ලෑස්තියි
හඳුන්නෙත්ති එම ප්‍රකාශය සිදුකරන විට සජිත් සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ සක්වළ වැඩසටහන යටතේ එහි පාසල්වල දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර පිරිනැමීමේ වැඩසටහනට එක්වෙමිනි. සිය හිතවතකු මාර්ගයෙන් හඳුන්නෙත්තිගේ මෙම ප්‍රකාශය දැනගත් සජිත් ඒ මොහොතේම නලින් බණ්ඩාරත්, හර්ෂවත් දුරකතනයට එකවර සම්බන්ධ කරගෙන කියා සිටියේ තමන් හඳුන්නෙත්තිගේ අභියෝගය භාරගැනීමට සූදානම් බවත්, අනුර සමග ආර්ථික විවාදයකට සහභාගි වීමට සූදානම් බවත්, ඕනෑම තැනකදී එම විවාදය පැවැත්වීමට සූදානම් බවත්ය. එය මාධ්‍යයට දැනුම් දෙන ලෙස කියා සිටි සජිත් එතැනින් නොනැවතී මුලතිව්වල සිටම තමන් අනුර සමග විවාද කිරීමට සූදානම් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේය.
මේ ආකාරයට කිසිවකුත් නොසිතූ පරිදි හඳුන්නෙත්තිගේ අභියෝගය භාරගැනීමට සජිත් කටයුතු කිරීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය එක්වර උඩු යටිකුරු වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ සමගම හඳුන්නෙත්ති කළ අභියෝගය අනුරද බාර ගනු ඇති බව රටම සිතා සිටියද සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. සජිත් අභියෝගය භාරගැනීමෙන් පසු අනුර පමණක් නොව හඳුන්නෙත්තිද ඒ පිළිබඳ එකදු වචනයක් හෝ කතා නොකිරීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. ඒ අනුව ආර්ථික විවාදය මුල්කරගෙන හඳුන්නෙත්තිගේ කටින් පැන්න මේ වචන නිසා කුමක් හෝ අර්බුදයක් මාලිමාව ඇතුළේ මතුවී ඇති බවක් වටහා ගැනීමට බොහෝ දෙනාට වැඩි වෙලාවක් ගියේ නැත.
කෙසේ වෙතත් සජබය සහ සජිත් විවාදයට සූදානම් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට දින ගණනාවක් ගතවී තිබියදීත් අනුරගේ පාර්ශ්වයෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටීම මාධ්‍යයටද බරපතළ ප්‍රශ්නයක් වී තිබිණි. ඒ අනුව මාධ්‍යද නිතර ඒ පිළිබඳ ජවිපෙ ප්‍රධානීන්ගෙන් විමසීමක් කළද ඔවුන්ගෙන් ලැබුණේ ලිස්සා යන ආකාරයේ පිළිතුරු වීම නිසා විවාදයට ජවිපෙ බියවී ඇති බවට සජබ පැත්තෙන් ප්‍රකාශ නිකුත් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
එය තහවුරු වූයේ විවාදය සම්බන්ධයෙන් එතෙක් වචනයක් හෝ ප්‍රකාශ නොකළ මාලිමාවේ හරිනි අමරසූරිය ඊට මැදිහත් වීමත් සමගය. එහිදී අලුත්ම තර්කයක් සමග මාධ්‍ය හමුවකට එක්වූ ඇය කියා සිටියේ මෙම විවාදය සජිත් සහ අනුර අතර පමණක් පැවැත්විය යුතු එකක් නොව ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉදිරිපත් වන බැවින් රනිල්ද ඊට සම්බන්ධ විය යුතු යැයි කියාය. නමුත් මේ මොහොත වන තෙක්ම රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් රනිල් විසින් සිදුකොට නොමැති නිසා මෙය විවාදයෙන් පලා යෑමට මාලිමාව දරන උත්සාහයක් බව වටහා ගැනීමට සජබ ප්‍රධානීන්ට වැඩි වේලාවක් ගතවූයේ නැත. අනෙක් අතට විවාදය කඩාකප්පල් කිරීම සඳහාම හරිනි මෙම ප්‍රකාශය සිදුකළ බවත්, විවාදයට රනිල් රැගෙන ඒම හරහා සජිත්ට ප්‍රහාර එල්ල කිරීම එහි සැඟවුණු අරමුණ වූ බවත් සියල්ලන්ටම පැහැදිලි විය. රනිල් ඉදිරියේ තබාගෙන එජාප හා සජබ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවට හරිනි කළ ප්‍රකාශය හරහා ඒ බව තහවුරු වී තිබිණි.
කෙසේ වෙතත් හරිනිගේ මෙම ප්‍රකාශයත් සමග සජිත්-අනුර විවාදය කඩාකප්පල් කිරීම සඳහා රනිල්ගේ පවුලේ පුවත්පත් සමූහය වන ලංකාදීප, ඩේලි මිරර් හා සන්ඩේ ටයිම්ස් පුවත්පත් තවත් උප්පරවැට්ටියක් ක්‍රියාත්මක කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ, රනිල්-සජිත්-අනුර විවාදය පැවැත්වෙන්නේ නම් ඊට අවශ්‍ය ඩිජිටල් වේදිකාව සැපයීමට රනිල්ගේ පවුලේ පුවත්පත් සමූහය සූදානම් බවට නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. මේ නිවේදනය පළවීමත් සමග සජබ මන්ත්‍රීවරු කියා සිටියේ සුපුරුදු පරිදි අනුර බේරාගැනීමට රනිල් ඉදිරිපත් වී ඇති බවත්, ඒ හරහා අනුර-රනිල් රහස් ඩීල් එක රටට හෙළිදරව් වන බවත්ය.
හරිනිගේ මෙම කතාවෙන් අනතුරුව ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වාද පළමු වරට සජිත්-අනුර විවාදය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය. එහිදී ටිල්වින්ද කතා කළේ මෙම විවාදය පැවැත්වෙනවාට වඩා නොපවත්වන ස්ථාවරයක සිට බව පැහැදිලිවම දැකගන්නට ලැබිණි. ඒ සිය කතාවේදී ටිල්වින් මීට මාස 15කට පමණ පෙර එනම් 2023 වසරේදී අනුර සජිත්ට විවාදයක් සඳහා පැමිණෙන ලෙස හිරු නාලිකාවේ දේශපාලන වැඩසටහනක් අතරතුරදී ආරාධනා කළ බවත්, තවමත් ඊට සජිත්ගෙන් ප්‍රතිචාර ලැබී නොමැති බවත් කියා සිටීම නිසාය. ඒ මැතිවරණ සමයන්හිදී විවාදවලට පැමිණෙන ලෙසට අභියෝග කළද එම විවාද නොපැවෙත්වන බව ව්‍යංගයෙන් ඉඟි කරමින්ය.
සජිත්-ගෝඨා අභියෝගය
කෙසේ වෙතත් මෙහිදී බොහෝ දෙනා අමතක කොට ඇති කරුණක්ද තිබේ. ඒ, 2019දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා එවක සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කොට තිබීමය. සාමාන්‍යයෙන් ජනාධිපති මැතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එකම වේදිකාවකට පැමිණ සිය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වාද විවාද සිදුකර ගැනීම දියුණු ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ ඇති රටවල බහුලව සිදුවන්නකි. ඒ අනුව යමින් 2019දී සජිත් සිය ප්‍රධාන ප්‍රතිවාදියා වූ ගෝඨාට විවාදයක් සඳහා පැමිණෙන ලෙස ලිඛිතව ආරාධනා කළේය. ඒ අවස්ථාවේදී ගෝඨා සිටියේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේය. නමුත් එදා ගෝඨාට උපදෙස් දුන් වියත් මගේ සිටි ඇතැමුන් කියා තිබුණේ සජිත් සමග විවාදයකට නොයන ලෙසත්, එසේ විවාදයකට ගියහොත් සජිත් රට ඉදිරියේ ලකුණු දමාගනු ඇති බවත්ය. මන්ද ඒ වනවිට සියලු මාධ්‍ය ගෝඨාව අන්දවා තිබුණේ වීරයාගේ චරිතයටය. නමුත් සජිත් සමග විවාද කළහොත් එම විවාදයේදී අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දීගත නොහැකිව මාධ්‍ය මගින් පුම්බා තිබුණු ගෝඨාගේ චරිතයේ හුළං බසිනු ඇති බව එදා ගෝඨා වටේ සිටි සියලු දෙනා දැන සිටියහ. ඒ නිසා එදාත් සජිත්ගේ ලිඛිත අභියෝගය භාර නොගෙන සිටිමට ගෝඨාත්, ගෝඨා වටේ සිටි වියත් මගේ කණ්ඩායමක් පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් මෙවර මාලිමාවටද මෙම විවාදයෙන් පැනයෑමේ වුවමනාවක් තිබෙන බව පැහැදිලිවම දැකගන්නට ලැබුණද එය එකවර කළ නොහැකි නිසා තවත් මෙහෙයුමක් අලුත් අවුරුද්දට දින කිහිපයක් තබා මාලිමාව පැත්තෙන් දියත් විය. ඒ සජිත්-අනුර විවාදය සම්බන්ධීකරණය කිරීම සඳහා මාලිමාව පැත්තෙන් නලින්ද ජයතිස්ස පත් කළ බව ප්‍රකාශ කිරීමය. එම ප්‍රකාශය නිකුත් වූ වහා සජිත් කළේ සජබ පාර්ශ්වයෙන් විවාදය සම්බන්ධීකරණය කිරීම සඳහා නලින් බණ්ඩාරගේ නම යෝජනා කිරීමය. ඒ අනුව අලුත් අවුරුද්දට පෙර අවස්ථා දෙකකදී පමණ නලින් බණ්ඩාරත්, නලින්ද ජයතිස්සත් මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර, අලුත් අවුරුදු නිවාඩු සමයේ දෙදෙනා හමුවීමට පවා වේලාවක් වෙන්කරගෙන තිබිණි. නමුත් හදිසියේම වාගේ නලින් බණ්ඩාරට සිය පවුලේ උදවිය සමග රත්නපුරයේ යෑමට සිදුවූ බැවින් එම හමුව නොපැවැත්විණි. ඒ බව නලින් බණ්ඩාර නලින්ද ජයතිස්සට දැනුම් දීමටද පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත් නලින් කළ මෙම දැනුම්දීම තම පැත්තේ වාසියට හරවාගෙන සජබය විවාදයෙන් පැන යෑමට උත්සාහ කරන බවට වූ ප්‍රකාශයක් මාලිමාව පැත්තෙන් සිදුකිරීමට සැලසුම් කොට ඇති බවක් ‘මව්රට’ට දැනගන්නට ලැබිණි. ඒ අනුව වහාම අප වෙබ් අඩවිය වන අඅඅගප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය ඔස්සේ එදින විශේෂ පුවතක් පළ කළ අප කියා සිටියේ විවාදය සම්බන්ධයෙන් නලින්ද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටිනවා යැයි කියාය. අප එම පුවත පළකොට පැය කිහිපයක් යෑමට මත්තෙන් අප කී පරිදිම මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් නලින්ද කියා සිටියේ විවාදය සඳහා දින නියම කරගැනීමට සජබය සමග හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණද සජබය එම හමුවට නොපැමිණ එය මගහැරියා යැයි කියාය.
නලින්ද මෙම ප්‍රකාශය සිදුකරන විට නලින් බණ්ඩාර සිටියේ සිය පවුලේ උදවිය සමග රත්නපුරයේ ගොස්ය. අවුරුද්දෙන් පසු හමුවීම සඳහා කටයුතු සැලසුම් කර සිටියදී නලින්ද කළ මේ ප්‍රකාශය හේතුවෙන් නලින්ට යකා වැහී තිබිණි. ඒ අනුව රත්නපුරයේ සිටම ප්‍රකාශයක් කළ නලින් කියා සිටියේ නලින්දගේ මෙම හැසිරීම සදාචාර විරෝධී බවත්, තමන් සදාචාරාත්මක හේතු මත පෙළක් කරුණු මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ කතා නොකරන බවත්ය.
භාෂා ප්‍රශ්නයක්
මේ අතරවාරයේ අනුර – සජිත් විවාදය සම්බන්ධයෙන් තවත් විශේෂ සිදුවීමක්ද අවුරුදු සතියේ සිදුවිය. ඒ, සජිත් කළ ප්‍රකාශයක් මුල්කරගෙනය. මෙහිදී සක්වළ වැඩසටහන යටතේ හම්බන්තොට පාසලක දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර පිරිනැමීමෙන් අනතුරුව සජිත් කියා සිටියේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම දරුවන්ට පමණක් නොව දේශපාලන නායකයන්ටද ඉතා වැදගත් යැයි කියාය. නමක් ගමක් සඳහන් නොකළද සජිත්ගේ මේ කතාවට අනුරගේ හිත තරමක් පෑරී තිබීම නිසා විවිධ පාර්ශ්ව හරහා අනුරගෙන් සජිත්ටත්, සජිත්ගෙන් අනුරටත් පණිවුඩ කිහිපයක් එහා මෙහා ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී සජිත් දැනුම් දී තිබුණේ
තමන් එවැන්නක් ඉඟි කොට එම ප්‍රකාශය සිදු නොකළ බවත්, දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම සහ තොරතුරු තාක්ෂණ දැනුම පිළිබඳ සිතා එවැනි ප්‍රකාශයක් සිදුකළ බවත්ය.මේ පසුබිම යටතේ සජිත් අනුර විවාදයද පවතින්නේ 2019 ගෝඨා-සජිත් විවාදය මෙන්ම සිදුවනවාට වඩා සිදු නොවන මට්ටමකය. නමුත් හොඳම වැඩේ කියන්නේ විවාදය පිළිබඳ සජබය දිගින් දිගටම හඬ නැගුවත් මේ වන විට මාලිමාව පැත්තෙන් ඊට පිළිතුරු දුන් සුනිල් හඳුන්නෙත්ති, හරිනි අමරසූරිය, ටිල්වින් සිල්වා වැනි අය හොයාගන්නටවත් නොහැකි වීමය.
ණය වැඩේ හබක්
පසුගිය මාසයේදී පළමු වතාවට අතිවිශේෂ අනාවරණයක් කරමින් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කියා සිටියේ අප්‍රේල් 12 වැනිදා ලංකාවට ඉතා තීරණාත්මක දිනයක් යැයි කියාය. ඊට හේතුව ලෙස අප පෙන්වා දුන්නේ වසර 02ක කාලයක් සඳහා ණය නොගෙවා සිටීමට චීනය අප රටට දුන් සහන කාලය අප්‍රේල් 12 වැනි දිනට අවසන් වන බවත්, ඉන් අනතුරුව ලංකාවට චීනයේ ණය වාරික ගෙවීමට සිදුවනු ඇති බවත්ය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හදිසි චීන සංචාරයක නිරත වෙමින් මෙම ණය ගෙවීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගත් බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.
ණය ගැන තීන්දුවක් ගනී
අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලබන අප්‍රේල් 12 වැනිදා සිට නැවත ණය ගෙවීම ආරම්භ කරන ලෙසට චීනය ලංකාවට දැනුම් දීමට මීට පෙරාතුව කටයුතු කොට ඇතැයි කියාය. 2022 වසරේදී කොරෝනා වසංගතය සහ ආර්ථික අවපාතය හේතුකොට ගෙන චීනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහනයක් වශයෙන් ණය වාරික සහ පොලිය ගෙවීම වසරකට කල් දැමීමට පියවර ගත්තේය. එමෙන්ම ගෝඨාගෙන් පසු රනිල් ජනාධිපති පුටුවේ අසුන්ගත් විටද චීනය තවත් වසරකින් එම ණය ගෙවීම කල් දමමින් 2024 දක්වා එම සහනය දීර්ඝ කිරීමට පියවර ගත්තේය. එම ණය සහනයේ කාලසීමාව අවසන් වන්නේ ලබන 12 වැනි දිනය. ඒ අනුව චීනය මේ වන විට ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලබන 12 වැනිදායින් පසු චීනයට හිඟ ණය මුදල වන ඩොලර් බිලියන 26.4ක ණය මුදලෙහි වාරික ගෙවීම ආරම්භ කරන ලෙසටය.
ආණ්ඩුවන් ඉල්ලීමක්
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තවදුරටත් ණය සහන කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, ඊට චීනයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්ිරාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. චීනය එහිදී දැනුම් දී ඇත්තේ යම් හෙයකින් ලංකවට පමණක් එවැනි ණය සහනයක් ලබාදුනහොත් ඩොලර් බිලියන 600ක පමණ ණයගැතිභාවයකින් යුත් අනෙකුත් රටවල්ද චීනයෙන් එම ණය සහනය ඉල්ලා සිටිනු ඇතැයි කියාය. ඒ අනුව, පළමුව ණය ගෙවීම ආරම්භ කරන ලෙසත්, ඉන් අනතුරුව යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් චීනය එහිදී ආණ්ඩුවට දැනුම්දී ඇති බවක්ද ආරංචිය.
ණය වැඩෙත් අවුලක වගේ
මීට අමතරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපතිවරයා බර තබා තිබූ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අතිවිශේෂ හෙළිදරව්වක් මෙවර ‘රාජ්‍ය රහස්‘ තීරය මගින් හෙළිකිරීමට අප සූදානම්ය. ජනාධිපතිවරයා සූදානමින් සිටියේ කෙසේ හෝ ජූලි මාසය අග වන විට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කොට එය විශාල ජයග්‍රහණයක් ලෙස රටට පෙන්වා ජනාධිපතිවරණය සඳහා ලොකු ගැම්මක් ගැනීමටය. ඒ අනුව පසුගිය සතියේ මේ පිළිබඳ කළ අනාවරණයෙන් පසු අපද විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අලුත්ම තත්ත්වය පිළිබඳ සොයා බැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ තවමත් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවකි. අගමැති දිනේෂ් ගුණවර්ධන මතා හදිසියේම චීනය බලා පිටත්ව ගියේත් මේ සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහාය. නමුත් එම චීන ගමනේදී ගිවිසුම් 13කට අස්සන් තැබීමට නියමිතව තිබුණද අවසානයේදී අස්සන් තබා තිබුණේ ගිවිසුම් 9කට පමණි. ඉතිරි ගිවිසුම් 4 අස්සන් නොකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් හෝ චීනය පැත්තෙන් මෙතෙක් කිසිදු අනාවරණයක් සිදුකොට නොතිබීම විශේෂය.
මාර්තු 31 රාජ්‍ය රහස්
ඒ අනුව පසුගිය සති දෙකේම අප පැහැදිලිවම පෙන්වා දුන්නේ මෙම ණය ගෙවීමේ සහන කාලය යළි දීර්ඝ කරගැනීමේ අඩු සම්භාවිතාවක් පවතිනවා යැයි කියාය. අප කී සියයට සියයක්ම නිවැරදි වී ඇත්තේ චීනය අප්‍රේල් 12 වැනි දිනට පසු ණය නොගෙවා සිටීම නැවත වතාවක් දීර්ඝ කර නොමැති බවට වාර්තා වීමත් සමගය. ඒ අනුව, ගිවිසුම ප්‍රකාරව අප්‍රේල් 18 වැනි දින ලංකාව චීනයේ ණය යළි ගෙවීම ආරම්භ කරමින් පළමු ණය වාරිකය ගෙවිය යුතුය. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුව එවැනි කිසිදු ගෙවීමක් චීනයට සිදුකර නොමැති බවකි. නොඑසේ නම් නැවත වතාවක් ණය ගෙවීම පැහැරහැර ඇති බවකි.
කෙසේ වෙතත් ආණ්ඩුව පසුගිය කාලය පුරාම මහා පම්පෝරියක් ගසමින් කියා සිටියේ මේ වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 05 දක්වා ඉහළ නැංවී ඇතැයි කියාය. දැන් රටේ ආර්ථික අර්බුදයක් නැතැයි කියාය. ඩොලර් ලැබෙනවා යැයි කියාය. එසේ නම් ආණ්ඩුවට ණය ගෙවීමේ ගැටලුවක්ද නැත. අර්බුදයක් නැත්නම් ණය ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. නමුත් මෙතෙක් චීන ණය වාරිකය ගෙවීමට ආණ්ඩුව කටයුතු කොට නැත්තේ එවැනි පුරසාරම් කතා කියන පසුබිමකය. කනගාටුවට කරුණ වන්නේ රටම දැනගත යුතු මෙවැනි කාරණා අවම වශයෙන් විපක්ෂයේ සිටින ආර්ථික විශේෂඥයන් හෝ ජනතාව හමුවේ තැබීමට කටයුතු නොකිරීමය.
ලොක්කෙක් එනවා
මෙවැනි වාතාවරණයක් හමුවේ ලබන 23 වැනි දින චීනයේ ඉතා ප්‍රබල තනතුරක් හොබවන තැනැත්තෙකු ලංකාවට පැමිණීමට නියමිතය. ඇය නමින් සුන් හයියෑන්ය. ඇය චීන කොමියුනිස්ට් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කරන අතර, චීන මධ්‍යම කාරකසභාවද නියෝජනය කරන ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි. ඇය පසුගිය වසර වන තෙක්ම සිංගප්පූරුවේ චීන තානාපතිවරිය ලෙස කටයුතු කළ අතර, ආර්ථික අර්බුදයන්හිදී ඉතා තීරණාත්මක භූමිකාවක් රඟදැක්වූ තැනැත්තියක ලෙසද ප්‍රකටය.
ඇය ලබන 23 වැනිදා සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරයේදී ආණ්ඩුවේ ඉහළ පෙළ නිලධාරීන් හමුවීමට නියමිතව ඇති අතර, මෙම චීන ණය ගෙවීම සම්බන්ධයෙන්ද බොහෝ දුරට සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ. එමෙන්ම ඇය ලංකාවට පැමිණෙන්නේද චීන නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා නොදී ඇති පසුබිමක සහ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අර්බුදයකට ගොස් ඇති මොහොතකය.
ඒ අනුව සුන් හයියෑන්ගේ මෙම ලංකා සංචාරයේදී බොහෝ දුරට විය හැකි සිදුවීම් දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ පවත්වන සාකච්ඡාවලදී ලංකාවට අදාළ ණය වාරික ගෙවීම සඳහා තවත් සහන කාලයක් ලබාදීමට ඉඩකඩ තිබීමය. එය බොහෝ දුරට ආණ්ඩුව ඉල්ලන පරිදි මාස 06ක් විය හැකිය. එසේ වුවහොත් චීනයට අනෙක් ණයගැතියන්ටද ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සිදුවනු ඇත. එය එක්තරා ආකාරයක අර්බූදයකි.
අනෙක් සිදුවීමවිය හැක්කේ වහාම ණය ගෙවීම ආරම්භ කරන ලෙසට ආණ්ඩුවට දැනුම් දීමය. එසේ වුවහොත් එය ආණ්ඩුව පැත්තෙන් බරපතළ තත්ත්වයකට මුහුණ දීමක් හා සමාන වනවා නිසැකය.
මීට අමතරව ලබන මැයි 31 තවත් විශේෂ සිදුවීමක්ද සිදුවීමට නියමිතව ඇත. ඒ, ඇමෙරිකානු හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ෆෙඩරල් අධිකරණයේ ලංකාවට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට තීරණය කොට තිබීමය. හැමිල්ටන් රිසර්ව් බැංකුව ඩොලර් මිලියන 250ක බැඳුම්කර මිලදී ගෙන ඇති අතර, ලංකාව බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීම නිසා ඊට අදාළ ණය පොලී ගෙවීම නවතා දමා තිබිණි. ඊට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබූ අතර, එහි තීන්දුව මීට පෙර ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත එය කල්දැමීමට පියවර ගෙන තිබිණි. ඊට හේතුවී තිබුණේ ආණ්ඩුව සමග එකල ඇමෙරිකානු රජය යහපත් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය නිසාය. නමුත් මේ වන විට එම සම්බන්ධතා ඇත්තේ යම් යම් ගැටලුසහගත තත්ත්වයකය. එම නිසා බොහෝ දුරට එම නඩු තීන්දුව මගින් ලංකාවට අවාසිසහගත තීන්දුවක් ලැබුණහොත් ඒ හරහා ඉතා බරපතළ අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
මෙන්න හරිගිය අනාවැකිය
පැරිස් සමාජයත් දෙගිඩියාවෙන්
මේ ආකාරයට චීන ණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොමැති පසුබිමක පැරිස් සමාජය සහ ඇමෙරිකාවද ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිටින්නේ තරමක දෙගිඩියාවකය.ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සාකච්ඡා බොහෝදුරට ඔක්තෝබර් මාසය දක්වා ඇදී යනු ඇති බවත්, ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවත්ය. ඒ වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව ඇති නිසා ජනාධිපතිවරයා සතුව ඇති ලොකු තුරුම්පුවක් නිශ්ක්‍රීය වන ආකාරයක් දැකගන්නට පුළුවන.
චීනයත් සැකයෙන්
මේ අතර, චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී චීනය, ඉන්දියාව හා ලංකාව අතර පැවැතියේ සීතල යුද්ධයකි. චීන පර්යේෂණ නෞකා ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා අවසර ලබාදුන් හැම වතාවකදීම ඉන්දියාව ලංකාවටත්, චීනයටත් දැඩි විරෝධයක් පළකිරීම ඊට හේතුව විය. ඒ අනුව මෙවර අප චීන නැව් සම්බන්ධයෙන්ද කොළඹින් චීනයට ගිය විශේෂ පණිවුඩයක් පිළිබඳ තොරතුරුිරාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිකිරීමට සූදානම්ය. කොළඹින් චීනයට ගිය මෙම පණිවුඩයකින් කියවී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් චීන නෞකා සඳහා ලංකාවට පැමි”මට අවසර ලබාදිය නොහැකි බවත්, ඉන්දීය මැතිවරණය අවසන් වීමෙන් පසු ඒ සඳහා අවසර ලබාදිය හැකි බවත්ය. කොළඹින් මෙවැනි ආකාරයේ පණිවුඩයක් පැමිණියද ඒ සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් චීනය පැත්තෙන් තබා නොමති බවක් ‘රාජ්‍ය රහස්‘ තීරයට දැනගන්නට තිබේ. චීනය ගණන් හදා ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය එකඟ කරවා ගැනීම සඳහා මෙවැනි ආකාරයේ පණිවුඩයක් කොළඹින් ලැබී ඇතැයි කියාය. ලබන ජුනි මාසය වන විට ඉන්දියාවේ මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇති අතර, ඒ වන විට ලංකාවේ ජනාධිපතිවරණයද ප්‍රකාශයට පත්කර තිබීම නිසා ඒ ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව චීනයේ ගණන් හැදීම වී තිබේ. ඒ අනුව, බොහෝ දුරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන චීන ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීම ඔක්තෝබර් මාසය දක්වා ඇදීයන ආකාරයක් මේ වන විට දැකගන්නට ලැබේ.
අප්‍රේල් 07 රාජ්‍ය රහස්
මේ, මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අප කළ අනාවරණයය. එහිදී අප පැහැදිලිවම පෙන්වා දුන්නේ ආණ්ඩුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉතා ධනාත්මක තැනක හිඳ අදහස් දක්වන නමුත් ආණ්ඩුවට හිතනවාට වඩා බරපතළ අර්බුදයක් එම සාකච්ඡා අභ්‍යන්තරයේ ඇති බවය. එමෙන්ම ආණ්ඩුව සැලසුම් කර තිබුණේද විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකොට ගෙන එය ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස රටට පෙන්වා ජනාධිපතිවරණයේ ප්‍රධාන තුරුම්පුවක් ලෙස එය භාවිත කිරීමටය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා පසුගිය සතියේ පැවැත්වුණු නමුත් එය අවසන්ව තිබුණේ අප මුලින් අනාවරණ කළ පරිදිම අවසන් තීන්දුවකින් තොරවය. නොඑසේ නම් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අසාර්ථකවය. මුලින් මේ සම්බන්ධයෙන් කයිවාරු ගැසූ ආණ්ඩුවේ නායකයන් පසුව මේ පිළිබඳ වචනයක් හෝ නොකියා මුනිවත රකිද්දී එය පළමුවෙන්ම රටට අනාවරණ කළේ වෙන කවුරුවත් නොව, ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වූ සාගල රත්නායක මහතාය. මාධ්‍ය හමුවකට එක්වෙමින් සාගල කියා සිටියේ කොන්දේසි දෙකක් ඉටුකිරීමට නොහැකි වීම හේතුකොට ගෙන විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අසාර්ථක වූවා යැයි කියාය. නමුත් ඒ කොන්දේසි මොනවාද යන්න ඒ මොහොතේ විස්තරාත්මකව ඉදිරිපත් වූයේ නැත.
මෙම කොන්දේසි මොනවාද යන්න පසු අවස්ථාවකදී රටට හෙළි කළේ වෙරිටේ රිසර්ච් ආයතනයය. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර සිටියේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් ආණ්ඩුව වංචා දූෂණ සිදුකිරීමේ ඉඩකඩ වසාදැමිය යුතු බවට කොන්දේසියක් පනවා අති බවත්, ආණ්ඩුව ඊට එකඟ නොවීම හේතුවෙන් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අසාර්ථක වී ඇති බවත්ය.
මෙන්න කොන්දේසි
මේ සම්බන්ධයෙන් පසුව රටට අනාවරණය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. වෙරිටේ රිසර්ච් නම් පර්යේෂණ ආයතනය නැවුම් ප්‍රතිපත්තිමය උපකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ආයතනයේ නියෝජිතයන් අප රටේ බැඳුම්කර හිමියන් සමග සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අප රටේ ණයවල පොළි අනුපාතය කොන්දේසි සහිතව කපා හරින්නට බැඳුම්කර හිමියන් සමග යම්කිසි එකඟතාවට පැමිණ ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කොට තිබිණ.
එහිදී බැඳුම්කර හිමියන් ඉදිරිපත් කළ කොන්දේසි අතර ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වීම, දූෂණය පිටුදැකීමේ යාන්ත්‍රණය ශක්තිමත්ව කාලසටහනක් සහිතව ක්‍රියාත්මක කළ යුතු බවත් රජයට මේ අවස්ථාවේ තමන්ගේ විනිවිදභාවය සහ පාරදෘශ්‍යභාවය ඔප්පු කිරිමට අවස්ථාව උදාවී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කොට තිබිණ.
එසේම දූෂණ විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට හැකි නමුත් රජයේ අරමුණ බංකොලොත් රටක හොරකමට ඉඩදී ජාතික දේපොළ හා සම්පත් කොල්ලකන අල්ලස්වලින් පිරුණු දූෂිත දේශපාලන සංස්කෘතිය නඩත්තු කිරීමට නම් බැඳුම්කර හිමියන්ගෙන් සහනයක් නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා තිබිණ.
මීට අමතරව පසුගිය සතියේදී ලංකාවට මේ වන විට ආධාර ලබාදීම ආරම්භ කොට ඇති ආසියානු සංවර්ධන බැංකුවද ලංකාව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයේ සඳහන් වූයේ මැතිවරණය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුකොට ගෙන රට විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවකි.
එසේම ජර්මානු වාණිජ හා කර්මාන්ත නියෝජිත පිරිසේ ප්‍රධානී මාරි ඇන්ටෝනියෝ මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කිය සිටියේ දූෂණය සහ අකාර්යක්ෂමතාව හේතුවෙන්, ආයෝජකයන් ලංකාව තෝරා නොගන්නා බවකි. දූෂණයට එරෙහි නීති සම්මත කරගෙන තිබුණද, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ගැටලුසහගත තත්ත්වයක් පවතින බව කී මාරි ඇන්ටෝනියෝ මේ හේතුව මත, ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටවල් කරා ඇදී යන බව එහිදී පවසා තිබිණ.
මැයි රැලි ගැටුමක්
අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව රටේ සියලු දේශපාලන පක්ෂ යළි වැඩ ආරම්භ කොට ඇත්තේ මැයි පෙළපාළි මුල්කරගෙනය. ඒ අනුව මේ දිනවල සියලු පක්ෂ අවුරුදු නිවාඩුවෙන් පසුව මැයි දින රැලි පැවැත්වීමට අදාළව තැන් තැන්වල සාකච්ඡා පවත්වමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. මෙහිදී යම් ගැටලුකාරී තත්ත්වයක් පැනනැගුණේ සමගි ජන බලවේගයට සිය මැයි පෙළපාළිය පැවැත්වීමට ලබාදෙන ස්ථානය පිළිබඳ ඇතිවූ මත ගැටුමක් හේතුකොට ගෙනය.
සජබය මුලින්ම මැයි රැලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙවර ලක්ෂයකට අධික ජනකායක් කොළඹට ගෙනැවිත් එතෙක් මෙතෙක් ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම මැයි රැලිය පැවැත්වීමට කටයුතු කරනවා යැයි කියාය. ඒ අනුව එම සෙනග ගොනුකිරීම සඳහා කල් තියාම සජබය කොළඹ මහ නගර සභා බලධාරීන්ට දැනුම් දී තිබුණේ කොළඹ මහ නගර සභාව ඉදිරිපිට ඇති එෆ්.ආර්. සේනානායක මාර්ගය ඒ සඳහා අවශ්‍ය යැයි කියාය. පසුගිය වසරේ එම මාර්ගය ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය පැවැත්වීමට ලබාදී තිබූ නිසා කල්තියාම ඊට අදාළ ලිපි ලේඛන නගර සභා බලධාරීන්ට ලබාදීමට සජබ ප්‍රධානීන් පියවර ගෙන තිබීමද විශේෂ සිදුවීමක් විය. මුල් අවස්ථාවේදී නගර සභා බලධාරීන්ගෙන් ඊට කොළ එළියක්ද දැල්වී තිබිණි.
පසුව ජවිපෙද සිය මැයි රැලිය පැවැත්වීම සඳහා එෆ්.ආර්. සේනානායක මාවත ලබාදෙන ලෙස නගර සභා බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි. පොහොට්ටුව කැම්බල් පිටියද, එජාපය නිදහස් චතුරස්‍රයද ඒ සඳහා ලබාදෙන ලෙස මුලින්ම ඉල්ලීම් කොට තිබිණි. නමුත් යම් ප්‍රශ්නයක් හේතුකොට ගෙන පසුව එජාපය සිය මැයි රැලිය පංචිකාවත්තේ පවත්වන බවට අදාළ බලධාරීන්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
නමුත් ප්‍රශ්නය පැනනැගුණේ සජබය මෙන්ම ජවිපෙද එෆ්.ආර්. සේනානායක මාවත ඉල්ලා තිබීම හේතුවෙනි. සාමාන්‍යයෙන් මුලින්ම ඉල්ලීම කර තිබුණේ සජබය නිසා එම මාර්ගය සජබයට ලබාදිය යුතුව තිබුණත් පසුව නාගරික කොමසාරිස්වරියගෙන් සජබයටත්, ජවිපෙටත් දැනුම් දීමක් කෙරුණේ අදාළ මාර්ගය ලබාදිය නොහැකි බවත්, ඒ සඳහා විකල්ප ස්ථාන තුනක් නම්කර එවන ලෙසත්ය. එමෙන්ම එම ස්ථානවලට පැමිණෙන මාර්ග දැනුම් දෙන ලෙසද එම ලිපියෙන් දැනුම් දී තිබූ අතර, අදාළ මාර්ග නිදහස් කළ හැක්කේ ඊට පෙර දින රාත්‍රී 8ට බවත්, ඉන් අනතුරුව අවශ්‍ය සැරසිලි සිදුකරන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දීමක් සිදුකර තිබිණි. ඒ අනුව සජබයත්, ජවිපෙත් විකල්ප ස්ථාන 3 බැගින් නම්කොට එවීමට පියවර ගෙන තිබිණි. නමුත් එහිදී සජබය නගර සභා බලධාරීන්ගෙන් ප්‍රශ්න කොට සිටියේ පසුගිය වසරේ එෆ්.ආර්. සේනානායක මාවත ජවිපෙට ලබාදීමට කටයුතු කර තිබුණේ නම් මෙවර එය සජබයට ලබාදීමට නොහැකි මන්දැයි කියාය. කෙසේ වෙතත් මේ ආකාරයට විකල්ප ස්ථාන නම්කොට එවන ලෙස කළ දැනුම්දීම හරහා යම් යම් තැන්වල යම් යම් රහස් සාකච්ඡා සිදුව ඇති බවට සැකයක් සජබයට ඇති නොවුණා නොවේ.
කෙසේ වෙතත් පසුව නගර සභා බලධාරීන් සජබයට දැනුම් දී තිබුණේ මැයි පළමුවැනිදා රැලි හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා ගුණසිංහපුර මාවත ලබාදිය හැකි යැයි කියාය. ජවිපෙට මේට්ලන්ඩ් ක්‍රසන්ට් මාර්ගය ලබාදිය හැකි බවද දැනුම් දීමක් කොට තිබිණි. නමුත් එම ස්ථාන දෙකටම අදාළ පක්ෂ විරෝධය පළකිරීමත් සමග සජබයට ඩී.ආර්. විජයවර්ධන මාවත ලබාදීමට නගර සභා බලධාරීන් කටයුතු කොට තිබිණි. ජවිපෙට ලබාදීමට පියවර ගෙන තිබුණේ ලිප්ටන් වටරවුමය. මෙහිදී ලිප්ටන් වටරවුම ජවිපෙට ලබාදීම සම්බන්ධයෙන්ද සජබයට යම් ගැටලුවක් තිබිණි. ඒ, සාමාන්‍යයෙන් ලිප්ටන් වටරවුමේ සෙනග 5000ත් 10000ත් අතර ප්‍රමාණයක් රැස්කළ හැකි නිසා මුළු කොළඹම මාර්ග ඒ හේතුවෙන් අවහිර වීමක් සිදුවන නිසාය. එසේ තිබියදී ජවිපෙට ලිප්ටන් වටරවුම ලබාදීමද සජබයට යම් ගැටලුවක් මතු කොට තිබිණි. ඒ අනුව මේ ආකාරයට අසාධාරණ ලෙස මැයි රැලි පැවැත්වීමට ස්ථාන ලබාදීමට කටයුතු කිරීම මුල් කරගෙන නාගරික කොමසාරිස්වරියට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට සජබය පසුගිය සතියේ කටයුතු කොට තිබිණි. එහිදී ඔවුන් සාකච්ඡා වී තිබුණේ මෙවර මැයි රැලියට ලක්ෂයකට අධික ජනකායක් කොළඹට පැමිණීමට නියමිත නිසා එය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ඉහළ තැන්වල උපදෙස්වලට අනුව මේ ආකාරයට ස්ථාන ලබාදීම සිදුකොට ඇති බවකි.