ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පසුගිය දා සම්මත කර ගන්නා ලද මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව හෙවත් ඔන්ලයින් සේෆ්ටි පනත සම්බන්ධයෙන්, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව මේ වන විට සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබුණද රුසියාව ඊට පක්ෂව අදහස් පළ කර තිබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News
පනත සම්මතකරගත් දිනට පසුදා ම මෙරට ඇමරිකානු තානාපතිනිය විශේෂ ට්වීටර් පණිවිඩයක් තබමින්, මෙම පනත ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායක ලෙස බල පෑ හැකි බවත්, ඉන් නොනැවතී, ඕනෑවටත් වඩා දැඩි සීමා කිරීම් සහිත නව නීති, විදේශ ආයෝජන අධෛර්යමත් කරනු ඇති බවත්, එමෙන්ම මෙම නව නීති, මෙරට ඩිජිටල් ආර්ථිකය බිද වැටීමට හේතු විය හැකි බවටත්, අනතුරු හගවා තිබුණි.
ඇමරිකානු තානාපතිනියගේ එකී ට්වීටර් පණිවිඩය සටහන් කර පැය කිහිපයක් ගිය සැනින්, මෙරට රුසියානු තානාපතිවරයාද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබද පනත සම්බන්ධයෙන් සිය අදහස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, රුසියානු තානාපතිවරයා පවසන්නේ, අන්තර්ජාල ක්ෂේත්‍රයේ රෙගුලාසි තනිකරම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බව යි. එබැවින්, විදේශීය බලවතුන් ඊට මැදිහත් නොවිය යුතු යැයි රුසියානු තානාපතිවරයා පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙන ඔන්ලයින් සේෆ්ටි පනත සම්බන්ධයෙන් මතු වී තිබෙන සංවාදය, රුසියාව නිරීක්ෂණය කරමින් සිටින බවද රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි.