• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ බලන පොලිස්පතිතුමනිමේ ඔබේ අවධානය පිණිසයි: මරු වැඩ කරන පොලිසිය (Sri Lanka Latest News)

January 27, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වැඩ බලන පොලිස්පතිතුමනිමේ ඔබේ අවධානය පිණිසයි: මරු වැඩ කරන පොලිසිය (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

නාරම්මල සිදුවීම සහ මාතර සිදුවීම් දෙකම මේ වෙද්දී සිදුවෙලා අවසන්. මේ සිදුවීම් දෙකෙන්ම පුද්ගලයෝ දෙන්නෙක් ඝාතනයට ලක්වෙලත් ඉවරයි. මේ ඝාතනයට ලක්වෙන පුද්ගලයෝ දෙන්නම නිර්දෝෂී සහ අහිංසක අය බව මේ වන විට සමාජගත වෙලත් ඉවරයි. මේ සිදුවීම් දෙකටම පොලිසියේ නම ගෑවිලත් ඉවරයි. පොලිසියේ නම ගෑවුණු එක ගැන මුලින්ම අපි පැහැදිලි කරගන්න ඕනේ. නාරම්මල සිදුවීමට පොලිසිය ඍජුවම ගෑවෙනවා.

පොලිසිය ඍජුවම ගෑවෙනවා කියලා කියන්නේ මේ වෙඩිතැබීම සිදුකරන්නේ පොලිසිය කියන එක ඉතාම පැහැදිලියි. වෙඩිතැබූ පුද්ගලයාව ඒ අසල සිටි අය හඳුනාගන්නවා, ඔහුව වීඩියෝගත කරගන්නවා. ඔහු පිස්තෝලය අතේ තියාගෙන ඉන්න හැටි පේනවා. ඒ සියල්ල නිසා පොලිසිය මේ වෙද්දී කර මුලටම අහුවෙලා ඉවරයි. ඒ නිසා පොලිසියට මේ සිදුවීමෙන් නම් ගැලවිලා බේරිලා යන්න බැහැ. හැබැයි මේ සිද්ධිය ඇතුළේ හුදෙකලා නිලධාරියෙක් එහෙම නැත්නම් පුද්ගලයෙක් විතරයි ඉන්නේ. එහෙම නැතුව පොලිසිය කියන පොදු නාමයට මේ හරහා චෝදනා කිරීම වැරැදියි.

මොකද මේක පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදුකරපු ඝාතනයක් නෙවෙයි. නොහික්මුණු පුද්ගලයෙක් විසින් සිදුකරපු දෙයක්. පොලිසිය කිව්වත්, මොන ආයතනය කිව්වත්, මොන තනතුර කිව්වත්, විවිධාකාර පුද්ගලයන් ඉන්න බව අපි පිළිගන්න ඕනේ. එහෙම නැතුව පොදුවේ පොලිසියට චෝදනා කරනවාවත්, ඇඟිල්ල දික්කරනවා නෙවෙයි කියන එක ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. මොකද අපි පහුගිය කාලේ පොලිසියට සැලියුට් කියලා ලිපි ලියපු මිනිස්සු. (Sri Lanka Latest News)

අනෙක් සිදුවීම තමයි කොමියුනිකේෂන් එකේ සිදුවීම. මේ සිදුවීමේදී අපිට පැහැදිලිවම පෙනෙන්නේ නෑ කවුද මේ වෙඩිතැබීම සිදුකළේ කියලා. වෙඩිතැබීමක් සිදුවෙලා තියෙනවා, වෙඩිතැබීමට ආපු යතුරුපැදිය පස්සේ හම්බවෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ සිදුවෙනවා. නමුත් මේක ඇතුළේ අපට නොපෙනන භයානක කතාවක් තියෙනවා. ඒ තමයි පොලිසිය මේ කතාවට ගෑවීම. ඒ ගෑවෙන්නේ කොහොමද කියලා ඒ පුද්ගලයා පැහැදිලිවම කියනවා. ඔහු කියනවා කලින් කතාවක මට පහරදීමක් සිදුවුණා.

මම බොහෝ කාලයක් ඇඳට වෙලා හිටියා. ඒ පහරදීම සම්බන්ධයෙන් මම නඩු දැම්මා. මානව හිමිකම් එකට ගියා. ඒක අයින් කරගන්න කිව්වා. අයින් කරගත්තේ නැත්නම් උඹට වෙඩි තියනවා කියලා කිව්වා. උඹට යහතින් නම් ඉන්න දෙන්නේ නෑ කියන තර්ජනය ඇතුළත් කාරණා කිහිපයක් කිව්වා. ඒ නිසා අපට සාධාරණ සැකයක් ඇතිවෙනවා මේ සිදුවීමටත් පොලිසිය සම්බන්ධයිද කියලා.

පොලිසියට පුළුවන්ද මේ විදියට තුවක්කු මානන්න? පොලිසියට පුළුවන්ද මෙහෙම චෝදනා ලබන්න? ඇයි, පොලිසිය කියන්නේ රට රකින්න ඉන්න, නීතිය ආරක්ෂා කරන්න ඉන්න මිනිස්සු. මේ වෙලාවෙත් අපට යන්න පුළුවන් පොලිසියට. ඒ පුද්ගලයාව පොලිස් භාරයට අරගෙන තමයි ආරක්ෂා කරන්නේ. අපි දකිනවා සමහර සිදුවීම්වලදී පොලිසිය තමයි ඒ පුද්ගලයාව ආරක්ෂා කරන්නේ. ඔහුට තර්ජන තියෙනවා. වෙඩිතැබීමෙන් මියයන්නේ වෙන කෙනෙක්. ඔහු 100%ක් නිර්දෝෂී මනුස්සයෙක්. අහිංසක කොල්ලෙක්.

හැබැයි ඒ කොල්ලා මරණයට පත්වෙන්නේ පොලිසිය හා සම්බන්ධ වෙච්ච ආරවුලකට මැදිවෙච්ච මනුස්සයෙක්ගේ කොමියුනිකේෂන් එකේ ඉද්දී. එතකොට ඔහු කියනවා මට මේකට පොලිසිය සැකයි කියලා. නාරම්මලට යන පොලිස්පතිතුමා මිලියනයක් දීලා වැඩේ බේරගන්නවා. හැබැයි ඒක තාමත් ඉවර නෑ. කොහොම වෙතත් මේ විදියට මිනිස්සුන්ට වෙඩිතියන්න පොලිසියට පුළුවන්ද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕනේ. මොකද පොලිසිය මේ වගේ සිදුවීම් යටගහනවා, ඒවායෙදී උපක්‍රමශීලී වෙනවා කියලා එහෙන් මෙහෙන් කයි කතන්දර අපි අහලා තියෙන නිසා.

අපට මතකයි දිවුලපිටියෙදී එක පුද්ගලයෙක්ව වෙඩිතියලා මරලා දැම්මා. ඔහු මානසික ලෙඩක් තියෙන පුද්ගලයෙක් බවත්, ආයුධයක් අරගෙන ආ බවත් කිව්වා. පස්යාලේදී යතුරුපැදියකින් ආපු පුද්ගලයෙක්ට වෙඩිතැබීමක් සිදුවුණා. රතුපස්වලදී වෙඩිතැබීම් සිදුවුණා. එහිදී තුන්දෙනෙක් මියගියා. ඒ වෙඩිතැබීම්වලට අගක් මුලක් නෑ. කටුනායකදී රොෂේන් චානකව ඝාතනය වුණා. ඒ වගේම දකුණු පළාතේ ශිෂ්‍යයෙක් ත්‍රිරෝද රථයකින් යනකොට ඔහුගේ හිසට පිස්තෝලය තියලා, ඒක වැරැදීමකින් ක්‍රියාත්මක වෙලා ඒ සිසුවා මියගියා. මේ විදියේ වෙඩිතැබීම් ගණනාවක්ම අපට මෑත කාලයේදී වාර්තා වුණා.

මේකෙ තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි පිස්තෝලයක් පාවිච්චි කරන හැටි පොලිස් නිලධාරීන් දන්නේ නැද්ද කියන එක. නිර්දෝෂී මිනිස්සු ඉස්සරහදී ඇයි මේක ලෝඩ් කරලා තියාගන්නේ? වැරැදීමකින් ඒ ආයුධවල කොකා ගැස්සෙනවා නම් ඒක ඉතාම භයානක තත්ත්වයක්. අපි දැක්කා බෙලිඅත්තේ පුද්ගලයෝ පස්දෙනෙක් මියගිය වෙඩිතැබීමේ සිදුවීමේදී ඒ ඝාතකයා කොච්චර දක්ෂ විදියට වෙඩිතැබීම් සිදුකරලා තිබ්බද කියන එක. ඒ විදියට ගිනි අවි භාවිත කිරීමේ සුපිරි හැකියාවක් තියෙන අය තමයි අපරාධකාරයෝ බවට අද පත්වෙලා තියෙන්නේ. අපරාධකාරයෝ තමන්ගේ ගිනි අවිය ඉතා දක්ෂ විදියට භාවිත කරනකොට, අපරාධකාරයෝ අල්ලන්න ඉන්න පොලිස් නිලධාරීන් ඉවක්බවක් නැතුව ගිනි අවි භාවිත කරන බව අපට දැන් පැහැදිලිව පේන්න තියෙනවා

පොලිස්පතිතුමෙක් අපට දැන් නෑ. පොලිස්පතිතුමා වෙනුවට තාම ඉන්නේ වැඩබලන පොලිස්පතිතුමෙක්. වැඩබලන පොලිස්පතිතුමා මේ වෙනකොට වැඩ ටිකක් කරගෙන යනවා. හැබැයි ඔහුට දැන් බලන්න වෙලා තියෙන්නේ මෙන්න මේ වැඩ. සමහර විට වැඩබලන පොලිස්පතිතුමාටත් මේ වැඩ දැකලා ඇතිවෙලා ඇති කියලත් අපට හිතෙනවා. ඒ නිසා මේ වගේ වැඩ බලන්න නම් පොලිසියට සිදුවෙන්නේ ඒක භයානක තත්ත්වයක්.

පොලිසියට මේවායින් බේරෙන්න විවිධ උපක්‍රම තියෙන බවත් අපි හොඳාකාරවම දන්නවා. නමුත් මේ සිදුවීම්වලදී නම් එහෙම ලේසියෙන් ගැලවෙන්න බෑ, මොකද ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝ සාක්ෂි තියෙන නිසා. කොහොම නමුත් අපට තවදුරටත් කියන්න තියෙන්නේ පොලිසියේ මේ විදියේ හැසිරීම් ගැන නම් ලේසියෙන් තකන්න එපා. අපි දැක්කා එක අවස්ථාවක පොලිස් නිලධාරියෙක් විසින් තවත් පොලිස් නිලධාරියෙක්ව ඝාතනය කරනවා. මේ වගේ සිදුවීම් ගොඩක් වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා හැමෝම කල්පනාවෙන්, අවධානයෙන් ඉන්න සිද්ධ වෙනවා සාමාන්‍ය ජනතාව විදියට. මොකද පොලිසිය කරන මේ සෙල්ලම අපට නම් සෙල්ලමක් නෙවෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමෙන් ඓතිහාසික වැඩක්! පළමු වතාවට පෞද්ගලික අංශයේ අයකු අල්ලස් ඉල්ලුවාට අල්ලයි! කැකිරාවේ HR මැනේජර් කෙනෙක් සේවය ස්ථිර කරලා පඩි වැඩි කරන්න ලිංගික අල්ලස් ඉල්ලලා!  I Sri Lanka Latest News

Next Post

ඒක ලංකාවේ ප්‍රශ්නයක්! අනෙක් අය මැදිහත් වෙන්න ඕන නෑ! ඔන්ලයින් පනත ගැන රුසියානු තානාපතිවරයාගෙන් ලංකාවට පක්ෂව නිවේදනයක්!  I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.