• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝදි රාමසේතුවට ඇවිත් ලංකාව දිහා බලාගෙන විශේෂ පූජාවක් කළේ පාලම හදන්නද? ලංකාවයි ඉන්දියාවයි යා කරන පාලමේ කතාව මෙන්න (Sri Lanka Latest News)

January 27, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මෝදි රාමසේතුවට ඇවිත් ලංකාව දිහා බලාගෙන විශේෂ පූජාවක් කළේ පාලම හදන්නද? ලංකාවයි ඉන්දියාවයි යා කරන පාලමේ කතාව මෙන්න (Sri Lanka Latest News)
Share on WhatsAppShare on Facebook

අහස් කුසෙහි සිට දකින විට මෙම දසුන සැබෑ ලෙසම දෙනෙත් පුදුමයට පත්කරන වශීකෘත දසුනකි. එම දසුනේ සැබෑ සුන්දරත්වය දැකිය හැක්කේද අහස් කුසෙහි සිටම පමණක්ය. එහෙත් එය සජීවී ආකාරයෙන් දැකගන්නට වාසනාව ලැබෙන්නේද අල්පයකට පමණි. එසේ වන්නේ එම විස්මිත දසුන නිසියාකාරව දැකගන්නට නම් වේලාසනින් ලකලැහැස්ති කරගත් කුඩා ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරයකින් හෝ එම අහස් කුස යම් පහත මානයක සිට සිසාරා යායුතු හෙයිනි. (Sri Lanka Latest News)

දැන් එසේ නම් මෙලෙස කියැවෙන විස්මිත දසුන කුමක්ද? මෙම දසුන නිර්මාණය කෙරෙන්නේ අපගේ ශ්‍රී ලංකාවත් යාබද ඉන්දියාවත් එකට එකතු කරගනිමිනි. එම කතාන්දරය නම් වසර දසදහස් ගණනක් ඉපැරැණි ඉතිහාසයකට නෑකම් කියන ‘රාම් සේතු’ පාලමේ වගතුගයි. රාම් සේතු පාලම යනු ආදි ලංකාවත්, මහා භාරතයත් (ඉන්දියාවත්) එකට බද්ධ කර තිබුණේ යැයි පැවැසෙන මහා සාගරය හරහා ඉදිකර තිබුණු පාලමකි. එසේම මෙම පාලම යනු මහා පෞරාණික පුරාවෘත්තයක වගතුගද හෙළිකරන්නකි.

රාමා-සීතා ආදර අන්දරය යනු ලෝක ඉතිහාසයට සහ ලෝක සාහිත්‍යයටද එක්වුණු සුවිශේෂ ප්‍රේම වෘත්තාන්තයකි. එය ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද එකට ඓතිහාසිකව එක්තැන් කරන වගතුගකි. එම කතාවේ වගතුග නැවත මෙම ලිපියෙන් කියන්නට යන්නේ නැත. රාමායනය නමැති ඉපැරැණි ග්‍රන්ථයට අනුව එම වගතුග කියැවෙයි. ක්‍රි.පූ. 500 පමණ කාලයේ ජීවත්වුණු ශ්‍රේෂ්ඨ ඉන්දියානු සාහිත්‍යකරුවකු වන වාල්මිකී විසින් රාමායනය රචනා කර ඇත. මෙය සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇත. මෙම ආදර අන්දරය කෙටියෙන් හැඳින්විය හැක්කේ රාමා සීතා රාවණ ප්‍රේම වෘතාන්තය ලෙසිනි. ආදි ඉතිහාසය තොරතුරුවලට අනුව මොවුන් තිදෙනාම ජීවත්ව ඇත්තේ මහා භාරතයේය. රාම රජුගේ දේවිය වන සීතා පැහැරගෙන යන්නේ රාවණා රජු විසිනි.

එකල රාවණා රජු ලංකාපුරය පාලනයට අධිරාජ්‍යයකු වශයෙන් කටයුතු කර ඇති අතර, සීතා දේවිය රැගෙන ඔහු පලායන්නේ ලංකාවටය. ඒ, තමන්ගේ දඬුමොනරයේ යාත්‍රා කරමිනි. ඉන් පසුව රාම රජු තම දේවිය සොයා ලංකාවට එන්නේ මහා භාරතයත්, ලංකාවත් එකතු කරන සාගරය හරහා ඉදිකෙරෙන පාලමක් මතය. මෙම දිගු පාලම එකල ඔහුට ඉදිකර දෙන්නේ ඔහුගේ ලක්ෂ සංඛ්‍යාත වාන හමුදාව විසිනි. රාම්සේතුව ඉදිකෙරෙන්නේ එලෙසය. නැවත කෙටියෙන් එම පුරාවෘත්තය ඔබට ආවර්ජනය කළෙමි. අද මෙම ලිපියේ ප්‍රධානතම හරය සහ මාතෘකාවද වන්නේ මෙම විස්මිත පාලමයි.

අපගේ ශ්‍රී ලංකාවේ උතුරුකරයට වන්නට තිබෙන මන්නාරම නගරය පසුකළ විට තවත් කිලෝමීටර් 30ක් පමණ මුහුදු තීරය දෙසට ගිය විට හමුවන තලෙයිමන්නාරම් තොට මෙම කතාවේ එක් කෙළවරකි. එසේ නම් අනෙක් කෙළවර වන්නේ ඉන්දියාවේ ධනුස්කොඩි සාගර තීරයයි. දෙරටක් එකට යාකරමින් එදා ගොඩනැගී තිබුණා යැයි කියන විස්මිත පාලම මෙම කතාන්දරයේ උච්චස්ථානයයි. රාම්සේතු පාලම, හනුමාන් පාලම, ආදම්ගේ පාලම යන විවිධ නාමයන්ගෙන් හැඳින්වූ මෙම පාලම අද අපට දැකිය හැකිද? නැත, නැත.

දැනට එවැන්නක් වසර සිය ගණනක සිටවත් දක්නට නැත. එහෙත් අතිශය අපූරු දසුන නම් එවැන්නක් තිබුණේ යැයි විශ්වාස කළ හැකි දීර්ඝ වැලි කොරල් පරයක් ශ්‍රී ලංකාවේ සිට මහා භාරතය දක්වාම සාගර තීරයේ පිහිටා තිබීමය. මෙය සැබැවින්ම විස්මිත මෙන්ම ඉතා අද්භූත දසුනක් ලෙසද සැලකිය හැකිය. හරියටම රටවල් දෙකෙහිම කෙළවර දෙකක ඇති නගර දෙකක් එකට යාකරන මෙම විශාල වැලි පරය කුමක්ද? එසේ වැලි පරයක් මුහුදෙහි පිහිටා තිබුණේ නම් එය අනෙක් ස්ථානවල නොමැත්තේද ඇයි? හරියටම රේඛාවක ස්වරූපයකින් මෙම විශාල වැලිපර සාගරය පතුලේ පිහිටා තිබීම සැබෑ ලෙසම විස්මයජනකය. දැන් ඔබට මෙම විෂයේ වටපිටාව හොඳින්ම පැහැදිලි වනු ඇත. එතැනින් එපිටට මෙම කතාවේ පිටු පෙරළෙන්නේ කුමන අතටද?

ලෝක ඉහිතාසයත්, ඓතිහාසික ජන පුරාණයත් මගින් කියැවෙන ආදි ලංකාවත් මහා භාරතයත් එකට යාකෙරුණේ යැයි පැවැසෙන කිලෝමීටර් 48ක් දිග මහා රාම්සේතු පාලම හෝ ආදම්ගේ පාලම යන කනාන්දරය සත්‍යයක්ද? මේ පිළිබඳ මෙතෙක් ස්ථිර පිළිතුරක් නැත. එහෙත් අදටත් එම පාලම තිබුණා යැයි පැවැසෙන සමුද්‍රීය ප්‍රදේශයේ දසුන් දකින විට අපට දෙනෙත් අදහාගත නොහැකිය. එම වගතුග මෙම ලිපියෙන් ඔබට ලියා ඇත. මෙවැනි දෙරටක් යාකෙරෙන මහා විශ්වකර්ම නිර්මාණයක් නැවත ගොඩනගන්නේ කෙසේදැයි සිතාගැනීමටත් නොහැකිය. එසේ වුවත් පසුගිය 2015 වසරේදී මෙවැනි ව්‍යාපෘතියක් සිදුකළ යුතු යැයි ඉන්දීය රජය යම් ප්‍රකාශයක් සිදුකර තිබිණි. එහෙත් මේ සඳහා වැයවන ධනස්කන්ධය ගැන අදහාගත නොහැකිය. එසේ වුවත් එවැන්නක් සඳහා ඉන්දියාවට ධනවත්කම නැතුවාද නොවේ.

රාම්සේතු පාලමේ හෝ හනුමාන් පාලමේ මෙම වගතුග අද ඔබට ලියා තබන්නට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී මහා භාරතය (ඉන්දියාව) තුළ සිදුවූ සුවිශේෂ වගතුගකි. මෙම රාම්සේතු පාලමේ ඉන්දියාවේ කෙළවර වූ ධනුස්කොඩිය වෙත පසුගියදා පැමිණියේ සුවිශේෂ පුද්ගලයෙකි. ඔහු නම් වෙනත් කිසිවකු නොව, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාය. අගමැතිවරයා මෙම සුවිශේෂ ඓතිහාසික ස්ථානය වෙත පැමිණ පැය කිහිපයක්ම ගතකළේ කුමන හේතුවක් නිසාද?

ඔහු මෙම ස්ථානයට පැමිණ තිබුණේ දීර්ඝ කාලයකට පසුව බවද කරුණු හෙළිවිය. ඔහු ඉන්දියාවේ අගැමැතිවරයා වශයෙන් නොයෙකුත් කටයුතු සඳහා දකුණු ඉන්දියානු ප්‍රදේශය වෙත බොහෝ අවස්ථාවල පැමිණ තිබුණද මෙලෙස තමන්ගේ රටෙහි ඇති රාම්සේතුවේ කෙළවරට පැමිණියේ ඇයි? නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා මෙසේ පැමිණි සංචාරයේ සුවිශේෂ කැමරා දසුන් රැසක් පසුගියදා මාධ්‍ය තුළින් දක්නට ලැබිණි. ඒවා සැබෑ ලෙසම අපූරු රසවත් කතාන්දරයක් මවාපාන්නේය. ඒ වගතුග සොයා බලමු.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙලෙස පසුගිය ජනවාරි 20 දා දකුණු ඉන්දියාව තුළ සිදුකළ සංචාරය දින දෙකක් පුරා ගතවුණු දීර්ඝ එකක් වන අතර, එය අවසානයට පත්වූයේ ජනවාරි 22 දාය. ඔහුගේ මෙම සුවිශේෂ සංචාරය කිසිදු දේශපාලනික වටපිටාවක එකක් නොවූ අතර, එය සම්පූර්ණයෙන්ම ආගමික සහ සංස්කෘතිකමය වටපිටාවක් මත සිදුකෙරුණු එකක් විය. මුලින්ම අගමැතිවරයා දකුණු ඉන්දියාවේ පිහිටා තිබෙන ඉපැරැණි හින්දු ශිව කෝවිල් දෙකක් වන තිරුචිරාප්පලෙයිහි පිහිටි ශ්‍රී රංගම් කෝවිලත්, දෙවැනුවට රාමනාතපුරම්හි පිහිටි රාමේශ්වරම් කෝවිලත් වන්දනාමාන කළේය. ඉන් පසුව සංචාරයේ දෙවැනි දිනයේදී ඔහුගේ සුවිශේෂ ගමනාන්තය වැටී තිබුණේය.

මුලින් ඔහු අයෝධ්‍යාවේ පිහිටි රාම කෝවිල වන්දනාමාන කරගත් අතර, එතැනින් පිටත්ව රාම්සේතුව කරා පැමිණියේය. එහිදී ඔහු රාම්සේතුවේ පිහිටා තිබෙන කොතන්ඩරාමස්වාමි කෝවිල වන්දනාමාන කළ අතර, එහි පූසාරිවරුන් සමග දීර්ඝ පූජාවකටද සහභාගි විය. එතැනින් පසුව ඔහු තම ගමනේ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යය වෙත පැමිණියේය. එනම් අගමැතිවරයා එතැන සිට රාම්සේතුවේ ආරම්භක ස්ථානය වන අරිචාල් මුනෙයි වෙත පැමිණියේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේ ඓතිහාසික පූජා ක්‍රියාවලිය ඇරැඹෙන්නේ මෙතැන් සිටය. එනම් ඔහු පමණක් තනිව සහභාගි වන සුවිශේෂ හින්දු පූජාවක් රාම්සේතුවේ කෙළවරෙහිදී පැවැත්වෙයි. මෙය සිදුවන්නේ ඉන්දියාවේ රාම්සේතුවේ කෙළවරදී ශ්‍රී ලංකාව පෙනෙන මායිමක සිටය. තවත් අයුරකින් පැහැදිලි කළහොත් ඈත අතීතයේදී පැවතුණේ යැයි පැවසෙන රාම්සේතු පාලමේ හෝ ආදම්ගේ පාලම හෝ දෙකෙළවර පෙනෙන මායිමේය.

එහෙත් කිලෝමීටර් 48ක දිගකින් යුත් මෙම සාගර තීරයේ මුහුදු කෙළවර බැලූ බැල්මට පෙනෙන්නේ නැත. එසේ වුවද බලගතු දුර දක්නයකින් බැලූ කල එම දේශාන්තර සීමා යම් අයුරකින් දක්නට හැකිය. ඉන්දීය අගමැතිවරයාද එහිදී බලගතු හමුදා දුර දක්නයක් භාවිත කරමින් සමුදුර කෙළවර නිරීක්ෂණය කරන ආකාරයද දක්නට හැකිය. මෙම සිදුවීම ඇතිවන දිනයේදී ඉතා පැහැදිලි නිල්වන් අහසක් ඇති දේශගුණයක් තිබී ඇත. එහෙයින් එම රාම්සේතු මුහුදු කෙළවර ඉතා සුන්දරත්වයකින් පැවතී ඇත.

ඉන්දීය අගමැතිවරයාට මෙම සුවිශේෂ පූජාව සිදුකිරීම සඳහා අවශ්‍ය සියලු පූජා භාණ්ඩ එතැන මුහුදු තීරය මත සකස් කරදී තිබිණි. ඔහු එම පූජාව සිදුකරන ආකාරයත්, රාම්සේතුවේ ජලය දෙඅතට ගෙන දෝවනය කරන ආකාරයත් දක්නට ලැබිණි. එසේම ඔහු කුඩා අසුනක හිඳගනිමින් රාම්සේතුවේ ශ්‍රී ලංකාවේ කෙළවර දෙස බලමින් ප්‍රාණයාම අභ්‍යාසයක් සිදුකරන ආකාරයද දක්නට හැකි විය. එහිදී ඔහුගේ පැතුම වී ඇත්තේ හැකි ඉක්මනින් යම් දවසක නැවත මහාභාරතයත් ශ්‍රී ලංකාවත් එකතු කරන රාම්සේතු පාලම ඉදිකරන්නට හැකි වේවා යැයි යන්නය. ඒ සඳහා තමන්ගේ කැපකිරීම උපරිම අයුරින් සිදුකිරීමට ඔහු නොපෙනෙන ආගමික බලවේගවලට තම යාඥාවන් සිදුකර ඇත. එම ප්‍රාර්ථනාවන් මනසේ තබා ගනිමින් බොහෝ සැහැල්ලුව රාම්සේතු මුහුදු තීරයේ තනිවම සක්මන් කරන ආකාරයද දක්නට හැකි විය. ඉන්දීය අගමැතිවරයා පැයකට පමණ ආසන්න කාලයක් රාම්සේතුවේ ගතකර ඇතැයි වාර්තා විය.

එහෙත් එම කිසිදු පූජා කටයුත්තකට කිසිදු වෙනත් පුද්ගලයකු සහභාගි වී නැත. අඩුම තරමින් එම පූජාවට හින්දු පූසාරිවරයකු හෝ සහභාගි වී නැත. අගමැතිවරයා සමග ගිය පිරිස එම ස්ථානයෙහි ඈත දුරකින් පමණක් සිදුවීම නිරීක්ෂණය කරමින් අනෙක් පරිවාර පිරිස රැඳී සිටිමින් ඇත. ඒ අනුව බලන කල අපගේ ශ්‍රීලංකාවටද සම්බන්ධයක් ඇති කරමින් ඉහත සිදුකෙරුණු ඉන්දීය අගමැතිවරයාගේ පූජෝපහාරය අපගේ රටටද අමතක කළ හැක්කක් නොවේ.

SendShareShare
Previous Post

ඒක ලංකාවේ ප්‍රශ්නයක්! අනෙක් අය මැදිහත් වෙන්න ඕන නෑ! ඔන්ලයින් පනත ගැන රුසියානු තානාපතිවරයාගෙන් ලංකාවට පක්ෂව නිවේදනයක්!  I Sri Lanka Latest News

Next Post

නිදහස් දින උළෙලේ පෙරහුරුවට කොළඹ මාර්ග කිහිපයක් වසාදැමේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.