අපේ රටේ ලක්ෂ 17ක් ආබාධිත ප්‍රජාව සිටින බවත් ඔවුන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේ දී අනුගමනය කරන්නේ යල්පැනගිය වැඩසටහනක් බවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව ක්‍රියාත්මක කරන වැඩසටහනක් තිබෙන බැවින් එම වැඩසටහන අධ්‍යයනය කර අපේ රටේ තිබෙන යල්පැනගිය ක්‍රමවේදයේ වෙනසක් සිදු කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති නමුත් එය මේ වන තෙක් ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
මෙවැනි නව ක්‍රමවේදයක් අනුගමනය කිරීම හොඳ දෙයක් වුවත් එය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බැවින් මේ චක්‍රලේඛය සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට මැදිහත්වන ලෙස ප්‍රවාහන අමාත්‍යාවරයාගෙන් ඉල්ලා සිටියේය. එසේ ම මෙම චක්‍රලේඛය නිකුත් කළ පසුත් එය ක්‍රියාත්මක නොකරන ලෙසට පාර්ලිමේන්තවේම සිටින විවිධ පාර්ශ්ව බලපෑම් සිදු කර ඇති බවට වාර්තා වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම චක්‍රලේඛනය ක්‍රියාත්මක කරන බවට සහතිකයක් ලබා දෙන ලෙස යි.










