• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මනතුංගගේ ඉල්ලා අස්වීමට හතරවටෙන් විරෝධය! ජනාධිපතිගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න බැරිව එතුමා ඉල්ලා අස්වුණා! දෙමළ සන්ධානයත් බොරු කියන්නේ! ගම්මන්පිල පළමු වෙඩි මුරය තියයි! විමල්ගේ ජනිපෙත් එකතු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 14, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මනතුංගගේ ඉල්ලා අස්වීමට හතරවටෙන් විරෝධය! ජනාධිපතිගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න බැරිව එතුමා  ඉල්ලා අස්වුණා! දෙමළ සන්ධානයත් බොරු කියන්නේ! ගම්මන්පිල පළමු වෙඩි මුරය තියයි! විමල්ගේ ජනිපෙත් එකතු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් මහචාර්ය අනුර මනතුංග මහතා කොන්ද පණ තිබෙන නිලධාරියෙකු ලෙසින් ජනාධිපතිවරයාගේ නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපතිතුමා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට ඉතිහාසය පිළිබඳ පාඩම් කියාදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල වේගයෙන් සැරිසරනවා.

ජනාධිපතිතුමා කියන ආකාරයෙන් ඇමති මණ්ඩල තීන්දු පමණක් ක්‍රියාත්මක කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික වගකීම පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කරන්න. නමුත් ජනාධිපතිවරයා පුරාවිද්‍යා කොමසාරිස්ට උපදෙස් දෙනවා කුරින්දි විහාර භූමියට අක්කර 275ක් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් බවට තීරණය කරන්න එපා. එච්චර වැඩියි කියලා. යම් ස්ථානයක අක්කර කීයක් පුරාවිද්‍යාත්මකව වැදගත් ද කියලා ජනාධිපතිටවත් ඇමති මණ්ඩලයටවත් තීරණය කරන්න බෑ. ඒක පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පුරාවිද්‍යාඥයන් කළ යුතු වැඩක්. ඒ නිසා ඒ නියෝගය නීති විරෝධියි.නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කරලා අමාරුවේ වැටෙන්න බැරි නිසයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා තමන්ගේ ඉල්ලා අස්වීම බාර දීලා තියෙන්නේ.

ජනාධිපතිතුමා එතැන දී ඉතිහාසය පිළිබඳ තම දන්නා කම ප්‍රදර්ශනය කරන්න ගිහින් නොදන්නාකම ප්‍රදර්ශනය කරනවා. එතුමාට අනුව නම් කුරුන්දි විහාරය ඉදි කරල තියෙන්නෙ දමිළ බෞද්ධයන් විසින්. කුරින්දි විහාරය දෙමළ බෞද්ධයින්ගේ ඉදි කිරීමක් නොවේ. මහවංශයට අනුව ක්‍රිස්තු පූර්ව 110 සිට 103 දක්වා රජකම් කළ ඛල්ලාටනාග රජතුමා තමයි කුරින්දි විහාරය ඉදි කලේ. මේ පිරිවෙනේ තමයි කුරින්දි සිංහල අට්ඨ කතා රචනා කලේ. ඒ වගේම ලංකාවේ ඇති පද්මාකාර එකම දාගැබ තිබෙන්නෙත් මේ විහාරයේ.

1977 මැතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන නායකයා වුණු සිරිල් මැතිව් ඇමතිතුමා විසින් 1983 දී යුනෙස්කෝ සංවිධානයට යැවූ අභියාචනයේ දීත් අන්තවාදින් විසින් විනාශ කරන පුරාවිද්‍යා ස්ථානයක් ලෙස කුරින්දි විහාරය සඳහන් වෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන ගුරුවරයා විසින් මේ සම්බන්ධයෙන් රචිත පොත පත කියවා බලන්න මා ජනාධිපති වරයාට ආරාධනා කරනවා.

මහ විහාරයට වඩා කුරින්දි විහාරය විශාල වෙන්න බෑ කියලා ජනාධිපති ප්‍රකාශ කරනවා. කුරින්දි විහාරය කියන්නේ ප්‍රාදේශීය විහාර සංකීර්ණයක් සහ පිරිවෙනක්. මහ විහාරය කියන්නේ අනුරාධපුර අගනුවර මැද ඉදිවුණු නාගරික විහාරයක්. අද වුණත් කෙතරම් වැදගත් වුණත් නගර මැද තිබෙන නාගරික විහාර ඉඩමේ වපසරියෙන් ග්‍රාමිය විහාර වලට වඩා පොඩියි. ඒ නිසා කුරින්දි විහාර සංකීර්ණය මහ විහාරයට වඩා විශාල වෙන්න පුළුවන්. ඒ වගේම කුරින්දි කියන්නේ විහාරයක් පිරිවෙනක් විතරක් නොවේ. විහාර සංකීර්ණයක්. ඒ නිසා ඒක කොහොමත් මහ විහාරයට වඩා විශාලයි.

තුන් වෙනුව අනුරාධපුරයේ මහ විහාරය කියන්නේ පුරාවිද්‍යා ගවේශන බොහෝ දුරට සම්පූර්ණ කළ තැනක්. ඒ නිසා පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කළ යුතු ප්‍රදේශය කුමක්ද නිදහස් කළ හැකි ප්‍රදේශය කුමක්ද කියා තීරණය කරන්න පුළුවන්. කුරින්දි ප්‍රදේශයේ අක්කර 275ක් පුරා නටබුන් හමු වුණු නිසා තමයි ඒ ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස මායිම් ගල් දාලා තිබෙන්නේ. කුරින්දියේ පුරාවිද්‍යා කැනීම් තවමත් නිසි ලෙස සිදු වෙලා නෑ. ගවේශනය අවසන් කළාට පස්සේ තමයි ඉඩම් නිදහස් කිරීම කරන්න පුළුවන්. ඊට කලින් ඉඩම් නිදහස් කලොත් වසර දහස් ගණනක් පරණ ලෝක උරුමයන් සදහටම විනාශ වෙන්න පුළුවන්. 1976 ජූලි 29 දා වසර දෙදහසක් පැරණි උතුරේ කිලවෙඩ්ඩි බෝධිය කළ විධියට මේ පුරාවස්තු විනාශ නොකරාවි කියන සහතිකය ජනාධිපතිට දෙන්න පුළුවන් ද?

ඒ වගේම වසර සීයකට ආසන්න කාලයක් මේ ප්‍රදේශයේ ජනතාව කුඹුරු කළා කියලා දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන් පට්ටපල් බොරු කියන විට ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කිසිම විමසීමක් නැතිව ඒ බොරු පිලිගන්නවා.

ජනාධිපතිතුමා ඉතාම ආඩම්බරයෙන් ඇත්ත කියලා හිතාගෙන බොරු වැලක් කියාගෙන ගියේ කුරුන්දි විහාරය පිළිබඳ වැරදි පොත් කියවා තිබෙන නිසා වෙන්න ඕනෑ. ඒ නිසා පුරාවිද්‍යා සාක්ෂි පිලිබඳ මෑතකාලින සොයා ගැනීම් අඩංගු “කුරුන්දි බෞද්ධ උරුමය” කියන මේ පොත කියවන මෙන් මම ජනාධිපතිතුමාට ආරාධනා කරනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය කොළඹ දිසා සංවිධායක ශිරන්ත ජයලත් මැද කොළඹ ආසන සංවිධායක මේනක නිරංජන් යන මහත්වරුන්ද සහභාගි විය.

මේ අතර මාධ්‍ය හමුවක් කැදවමින් ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර මහතාද මෙම සිද්ධිය හෙළා දැකීමට පියවර ගත්තේය.

Ugaya Gammanpila

SendShareShare
Previous Post

නෙදර්ලන්තය 214යි! ලංකාව 214 ගහන්න කඩුලු 7ක් දැවී යයි! ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ පළමු පුහුණු තරගයේ ප්‍රතිපලය!

Next Post

උතුරේ පුරාවිද්‍යා ඉඩම් බෙදාදීම සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉවත් වීමේ ප්‍රශ්නය මැදගොඩ අභයතිස්ස හිමියන් මහනායක හිමිවරු හමුවට අරන් යයි! වහාම මැදිහත් වෙන්න ඉල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.