උතුරු නැගෙනහිර පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉඩම් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත අනීතිකව නිදහස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහයට එරෙහි වන ලෙස ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය වෙනුවෙන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අස්ගිරි-මල්වතු මහනාහිමිවරු හමුවී ඉල්ලීමක් කොට ඇත.
මෙහිදී ලිඛිත ඉල්ලීමක් කරමින් උන්වහන්සේ මහනායක හිමිවරුන්ට දැනුම් දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා යනු ජනවරමක් නැති ජනාධිපතිවරයකු බවත්, එවැන්නකුට රටේ ජාතික උරුමයට සම්බන්ධ මෙවැනි තීන්දු තීරණ ගැනීමේ සදාචාරාත්මක හැකියාවක් නොමැති බවත්ය.
තනතුරින් ඉවත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද මෙවැනි ක්‍රියාවන්ට එරෙහිවීමේ අයිතියක් ඇති බව කියා සිටි උන්වහන්සේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉවත් කොට මෙවැනි කටයුතු සිදු කිරීමට ගන්නා උත්සාහය වැළැක්වීමට පියවර ගන්නා ලෙසද මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා ඇත.
Medagoda Abhayatissa Thero archaeological lands Director General of Archeology Mahanayake Thero










