දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් යුතුව ලුණුගම්වෙහෙර ගොවි ජනපදවල කුඹුරු අක්කර 4000කට ජලය සපයන ප්‍රධාන ඇලේ රොන්මඩ ඉවත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර ගොවි ජනතාව විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ පසුගියදා පැවැති කිරිදිඔය ගොවි හමුවේදීය.
ඒ අනුව එහි සමාරම්භක උත්සවය ලබන ඉරිදා (03) උදෑසන 11ට කුඩාගම්මන 6, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලදී පැවැත්වීමට නියමිතය.
එහිදී අදාළ යන්ත්‍රෝපකරණ සහ ඊට අවශ්‍ය ඉන්ධනවල පූර්ණ දායකත්වය විපක්ෂනායකවරයා විසින් දැරීමට නියමිතය.