කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිය අමාත්‍යංශයට ලේකම්වරයකු පත් කර ගත්තද එය මේ වනවිට අසාර්ථක වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
තමන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් හමුදා නිලධාරියකු පත්කළද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊට අකැමැති වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හේතුවෙන් අමාත්‍යවරයාටම ලේකම්වරයකු සොයාගන්නා ලෙස දැනුම් දුන් බවද කියා සිටියේය.
නමුත් අමාත්‍යවරයා විසින් සොයාගත් ලේකම්වරයාද අසාර්ථක වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා න්‍යාය මත පමණක් හිද කෘෂිකර්මාන්තය කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.
ඔවුන් ප්‍රායෝගික වශයෙන් කල්පනා කොට මේ පිළිබචදව සොයා බැලිය යුතු බවත්, කිසිවක් තනිවම කළ නොහැකි බවත් කී ජනාධිපතිවරයා එසේ කරන්නට ගොස් එය අසාර්ථක වූ බවද පෙන්වා දුන්නේය.
අද දින පුවත්පත් කතුවරුන් සමග පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේය.










