ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවට අද දින සියලුම මාධ්‍ය වාර්තා කර තිබුණද අද පැවැති පුවත්පත් කර්තෘවරුන්ගේ රැස්වීමේදී ජනාධිපතිවරයා පී.බී. ජයසුන්දර මහතා ආරක්ෂා කරමින් අදහස් ප්‍රකාශ කිරීම විශේෂ සිදුවිමකි.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ සියලුම තීන්දු පී.බී. ජයසුන්දර මහතා විසින් තනිවම ගත් ඒවා නොවන බවත්, ඒවා කැබිනට් මණ්ඩලය විසින් සහ අමාත්‍යවරුන් විසින් ගනු ලැබූ සාමූහික තීරණ බවත්ය.
එමනිසා පී.බී. ජයසුන්දර මහතාට පමණක් ප්‍රහාර එල්ල කිරීම අතිශය පෞද්ගලික බව කී ජනාධිපතිවරයා එය පිළිගත නොහැකි එකක් බවද එහිදී සදහන් කොට ඇත.










