• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ මර්මස්ථාන කඩන් වැටෙනවා! රාජ්‍ය තන්ත්‍රය බිඳ වැටෙනවා! මන්ත්‍රීවරුන් ගැන මහජන අප්‍රසාදය වැඩිවෙනවා! 2022 ගැන ‘වරහමිහිරාව’ ඇසුරෙන් කරන ජ්‍යොතිෂ විග්‍රහය!

December 27, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
රටේ මර්මස්ථාන කඩන් වැටෙනවා! රාජ්‍ය තන්ත්‍රය බිඳ වැටෙනවා! මන්ත්‍රීවරුන් ගැන මහජන අප්‍රසාදය වැඩිවෙනවා! 2022 ගැන ‘වරහමිහිරාව’ ඇසුරෙන් කරන ජ්‍යොතිෂ විග්‍රහය!
Share on WhatsAppShare on Facebook

දිනෙන් දිනම අපේ රටෙන් අහන්න දකින්න ලැබෙන්නේ ජනතාව පීඩාවට පත්වන ආකාරයේ පුවත්. ජීවන වියදම දරාගත නොහැකි තරමටම ජනතාවගේ හිස මත පැටවිලා. මේ පීඩාකාරී තත්ත්වය ඇතිවෙන්න හේතුව ජ්‍යොතිෂයට අනුව විග්‍රහ කරද්දි සඳහන් වෙන්නේ ග්‍රහයන්ගේ විවිධ හැසිරීම් ඊට බලපාන බවයි. පසුගිය 04 වැනිදා සිදුවූ සූර්යග්‍රහණය හේතුවෙන් අපේ රටට, අපේ රටේ ජනතාවට අදටත් වඩා දැඩි පීඩනයක් එල්ලවිය හැකි බව එක්තරා ජ්‍යොතිෂවේදිනයක් සඳහන් කරනවා. කල්‍යාණි හේරත් මැණිකේ නම් වූ ඇය, ඉපැරැණි ග්‍රන්ථවල සඳහන් ජ්‍යොතිෂ සිද්ධාන්ත ඔස්සේ අපේ රටේ ඉදිරි කාලය පිළිබඳ ප්‍රබල අනාවැකි කිහිපයක්ම ඉදිරිපත් කරනවා. ඇගේ මේ ජ්‍යොතිෂමය පැහැදිලි කිරීම අප උපුටාගත්තේ ‘සක්වළ අඩවිය’ යූටියුබ් නාලිකාවෙන්.

2021 වර්ෂය ග්‍රහණ හතරකින් සමන්විත වර්ෂයක්. මේ අවස්ථාවන වන විට නොවැම්බර් 19 වැනිදාත් ග්‍රහණයක් සිදුවුණා. චන්ද්‍රග්‍රහණ දෙකක් සහ වළයාකාර සූර්යග්‍රහණයක් සහ පූර්ණ සූර්යග්‍රහණයක් සහිතව ග්‍රහණ හතරකින් සමන්විත වුණු කාලසීමාවක් තමයි මේ 2021 වර්ෂයෙන් පෙන්නුම් කළේ. මේ අවස්ථාවන වන විට මේ ග්‍රහණ තුනක්ම සිදුවෙලා තියෙන්නවා. ළඟදීම සිදුවෙච්ච ග්‍රහණය තමයි නොවැම්බර් 19 වැනිදා සිදුවුණු චන්ද්‍රග්‍රහණය. එහි ප්‍රතිඵල තවම සිදුවෙමින් පවතිනවා. ඒ අතරවාරයේ දෙසැම්බර් 04 වැනිදා සිද්ධ වෙනවා පූර්ණ සූර්යග්‍රහණයක්. මේ සූර්යග්‍රහණය ප්‍රතිඵල ඇත්ත වශයෙන්ම වසරක් පුරා පවතින කියන එක තමයි අපට ‘වරහ මිහිර සංහිතාවෙත්’, ‘දෛවඥ කාමධේනුව’ වැනි පැරැණි ග්‍රන්ථවලත් ඊට අමතරව ‘සූර්ය සිද්ධාන්තය’ වැනි පොත්පත්වල කියැවිලා තියෙන්නේ.

මේ ග්‍රහණය සිදුවෙන නැකැත ඒ කුමන ග්‍රහයාගේ නැකැතකද, ඒක අනුව සිදුවන ප්‍රතිවිපාක මොනවද කියලා අපිට හඳුනාගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ සූර්යග්‍රහණය දෙසැම්බර් 04 වැනිදා සිදුවුණාම සමස්තය ලෝකය කෙසේ වෙතත් මේක ලංකාවට පේන්නේ නැහැයි කියන මට්ටමක තියෙන්නේ. නමුත් මේ ග්‍රහණය සිදුවීමෙන් ඇතිවූ කිරණ මිහිතලයට පතිතවනවා. ඒ පතිත වෙනකොට මේක ලංකාවේ, ඉන්දියාවේ වෙනත් රටක කියලා විශේෂත්වයක් වෙන්නෙ නෑ. කොයි කාටත් බලපාන්නේ එකහා සමානව තමයි. එය පෙනෙන රටවලට සමීපත්වය වැඩි නිසා අපල උපද්‍රව ටිකක් වැඩිපුර ඇතිවෙන්න පුළුවන්. නමුත් ලංකාවට යම් ආකාරයක බලපෑමක් සිදුවෙනවාය කියන එක පැහැදිලි කරන්න පුළුවන්.

‘දෛවඥ කාමධේනුව’ කියන ග්‍රන්ථයේ මෙන්න මේ විදියට සඳහන් වෙනවා. මේ ග්‍රහණය සිදුවන විට ඒ ග්‍රහණය කොයි ආකාරයේ ග්‍රහණයක්ද, කුමන නැකැතකද සිදුවෙන්නේ, එහෙම වුණාම කුමක්ද සිදුවෙන්නේ කියලා.

‘සව්‍යෙන චලනං රාහුස්චෞර භෞව්‍යා භයමාවහේ
අපසව්‍යෙන චලනං ශේමකුද්භූරි වාරිදා’

මේකෙන් කියන්නේ සූර්යග්‍රහණය සෞව්‍ය නැකැතක සව්‍යන් හෙවත් වයඹ දිශාවක සිද්ධ වුණොත් මංකොල්ලකෑම්, සොර බිය වගේ බොහෝ භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. අපසව්‍ය, එහෙම නැත්නම් නිරිත දෙසින් එය සිදුවුණොත් බොහෝ වැසි ඇතිවෙනවා කියන එකයි මේකෙන් කියැවෙන්නේ. මේ සව්‍ය කියලා කියන්නේ වයඹ දිශාවට. අපසව්‍ය කියලා කියන්නේ නිරිත දිශාවට. මේ ග්‍රහණය ගැන කතා කළොත් මේ සූර්යග්‍රහණය දෙසැම්බර් 04 වැනිදා සිදුවුණේ වෘශ්චික රාශියේ. මේ වෘශ්චික රාශියේ ග්‍රහණය හතරවැනිදා සිදුවුණාට පස්සේ, ඊට පසු දින (05 වැනිදා) අඟහරුවාද 08 වැනි රාශියට පැමිණෙනවා ලෝකායන කේන්දරයේ. ඒ කියන්නේ මේෂ රාශියේ 08 වැන්නට පැමිණෙනවා. ඒ කියන්නේ වෘශ්චික රාශියේ මේක සිදුවෙනකොට මේ 08 වැන්නට පැමිණීමක් සිදුවෙනවා අඟහරු ග්‍රහයා. ඒ කියන්නේ වෘශ්චික රාශියෙ අධිපති ග්‍රහයා. ඒ බලපෑම ඉතා නරකයි. ඒ බලපෑම තුළ හදිසි මරණ විපත් අනතුරු මාර්ග අනතුරු ගිනිගැනීම් ගිනිකඳු කඩාවැටීම් වගේ දේවල් ගුවන් යානා පිපිරීම්, දුම්රිය අනතුරු වගේ භයානක සිදුවීම් ලෝකයේ සිදුවෙන්න පුළුවන්.

ලෝකය දිහා බලද්දි එවැනි තත්ත්වයක් නිර්මාණය වෙද්දී මේ ග්‍රහණයේ බලපෑමෙන් අපි බලමු ලංකාවට ඒක කොහොමද බලපාන්නේ කියලා.

ලංකා කේන්දරය කුම්භ ලග්නයෙන් හඳුන්වන්නේ. කුම්භ ලග්නය තමයි ලංකාවේ ලග්නය විදියට හඳුන්වන්නේ. ලංකා කේන්දරයේ මේ ග්‍රහණය සිදුවෙන්නේ 10 වැනි භාවයේ. මේ 10 වැන්න නියෝජනය කරන්නේ කවුද? 10 වැන්න නියෝජනය කරන්නේ රටේ පවතින රජය. එහෙම නැත්නම් ආණ්ඩුව. එහි තේජෝ ගුණය තියෙන ගිනිකාරක ගතිය තියෙන රවි ග්‍රහයා මේ අවස්ථාවේදි වෘශ්චික රාශියේ ගමන් කරන්නේ මේ හතරවැනිදා. 10 වැන්න ආණ්ඩුව නියෝජනය කරනවා. සඳු පාපපීඩිත වෙලා ඉන්නේ. රාජ්‍යය බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට තියෙන ප්‍රවණතාව හුඟක් වැඩියි මේ සූර්යග්‍රහණය සිදුවුණාට පස්සේ. පැරැණි පොතපතේ සඳහන් වෙනවා මෙහි බලපෑම වසරක් පුරා පවතිනවයි කියලා. මේ ග්‍රහණයේ ප්‍රතිඵල වසරක් දක්වා පවතිනවා. එහෙම නම් අපිට මේ ග්‍රහණය සිදුවීමෙන් ඇතිවන ප්‍රතිවිපාකවලට අවුරුද්දක් පුරාම මුහුණ දෙන්නට සිදුවේද කියන ගැටලුව ඔබට මතුවෙන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය මත රජයේ උසස් නිලධාරීන් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග ගැටීම් ඔවුන් කෙරෙහි තම අප්‍රසාදය පළකිරීම නිසා රාජ්‍යයේ විශේෂ ස්ථාන, මර්මස්ථාන රටට බලපාන ප්‍රබල තැන් කඩාවැටීමකට නැත්නම් සෝදාපාළුවකට ලක්වෙන්න පුළුවන්. ඒ තත්ත්වය මහජනතාවට කොයි විදියටද බලපාන්නේ? අන්න එතැන තමයි ගැටලුව තියෙන්නේ. මහජනතාව තුළ පාලක පන්තිය කෙරෙහි ඇති ගෞරවනීය බව අවම වෙන්න පටන්ගන්නවා. මෙහි බලපෑමෙන් බිඳවැටීම සිදුවෙන්නෙ රාජ්‍ය තන්ත්‍රය තුළයි. රජය අපකීර්තියට පත්වෙනවා. උසස් කාන්තාවන්ට හිරිහැර අපවාද අභූත චෝදනා එල්ලවීමේ ප්‍රවණතාවක් මේ සූර්යග්‍රහණයෙන් පස්සේ සිද්ධ වෙන්න පුළුවන්. කාන්තාවන්ට හිරිහැර පීඩා සිදුවෙන කාලසීමක් විදියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. මෙම ග්‍රහණයේ පලවිපාක අනුව සිකුරු ග්‍රහයා කේතු ග්‍රහයගෙන් පීඩාවට පත්වීම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි මහජනතාව අප්‍රසාදයට පත්වෙනවා. මෙවැනි අවස්ථාවක දැනට රටේ නිර්මාණය වෙලා තිබෙන ඉන්ධන ප්‍රශ්නය අර්බුදයක් බවටම පත්වෙලා තව කාලයක් පවතීවි. ඒ තත්ත්වය මහජනතාවට දරාගන්න බැරි මට්ටමකට පත්වෙන ලකුණු මේ සූර්යග්‍රහණය තුළින් නිර්මාණය වන බව මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. පැරැණි පතපොතේ සඳහන් වන සිද්ධාන්තවලට අනුව විශ්ලේෂණය කරලා බලද්දි මෙවැනි තත්ත්වයක් ඉදිරියේදී රට තුළ නිර්මාණය වන බව තමයි මට සඳහන් කරන්න වෙන්නේ.

සකස් කළේ චානක ලියනගේ

SendShareShare
Previous Post

ජනපති පත්කරපු ලේකම්ව මහින්දානන්ද ගෙදර යවපු හේතුව හෙළිවෙයි!

Next Post

දේශපාලකයන් කියන්නේ මංකොල්ලකාරයෝ! නිළියො කියන්නේ එයාලට බඩුවක්!

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.