අරණායක, පොල්අඹේගොඩ, ගොඩිගමුව අම්බලමක මියගොස් සිටියදී ඊයේ (06) සොයාගත් පියා සහ දරු දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ මෙම පියා සහ දරු දෙදෙනා කලක සිට ඔවුන්ගේ මව සමඟ කිසියම් ආරවුලක් ඇතිකරගෙන සිට ඇති බවට කරුණු අනාවරණ වී ඇති බවයි.
අදාළ කාන්තාව විදේශ ගතවීමට උත්සාහ කිරීමේ දී සැමියා ඊට විරුද්ධ වීම හේතුවෙන් දෙදෙනා අතර ආරවුලක් තිබූ බවට තොරතුරු අනාවරණය තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අදාළ පුද්ගලයා බිරිඳව නිවසට කැඳවා ගැනීමට උත්සාකර ඇති අතර, එය ඇය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව මෙම පුද්ගලයා ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක ගෙළවැලලාගෙන ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.
ඊට පෙර තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
පියාගේ සිරුර අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලෙමින් තිබූ අතර, දරුවන් දෙදෙනාගේ සිරුරු පියා එල්ලී සිටි ස්ථානයේ බිම තිබී සොයාගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මූලික පරීක්ෂණ සිදුකර ඇති අතර, කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද එම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.
මූලික පරීක්ෂණ පැවැත් වූ මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණ පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
dasathalankanews