• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටින් බතල හිටවපු ජනාධිපති උපදේශකයෝ! නෂීඩ් පරාදයි! එරික් හොයාගන්නත් නෑ…!

February 7, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
කටින් බතල හිටවපු ජනාධිපති උපදේශකයෝ! නෂීඩ් පරාදයි! එරික් හොයාගන්නත් නෑ…!
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදියා
ඔබ මේ ඡන්දය ජයග්‍රහණය කරයි කියලා විශ්වාසයක් තිබෙනවද?

ඡන්ද අපේක්ෂකයා
ඔව්. මම ජයග්‍රහණය ලබාගන්නවා කියලා පැහැදිලි විශ්වාසයකයි පසුවන්නේ. නැතිනම් මම මේ තරගයට එන්නේ නැහැ. මම මේ මැතිවරණයෙන් පරදින්නේ නැහැ. මම එහෙම දෙයක් කිසි විටෙකදිවත් දකින්නෙත් නැහැ. එසේම මැතිවරණය මට ප්‍රශ්නයක් කියලා මම කිසි විටෙකදිවත් විශ්වාස කරන්නෙත් නැහැ.

මාධ්‍යවේදියා
හොඳයි ඔබ එහෙම විශ්වාසයක ඉන්නවා. ඒත් අපි කියමු යම් හෙයකින් ඔබ පැරැදුණා කියලා. එහෙම වුණොත් එබ හිතන්නේ කුමක්ද? එවිට පරාජය පිළිගන්නවද?

ඡන්ද අපේක්ෂකයා
මම ජයග්‍රහණය කරනවා කියලා නොසිතනවා නම් මම කිසි විටෙකදිවත් මේ ඡන්දෙට ඉදිරිපත් වන්නේ නැහැ. එසේම මම කිසි විටෙකදිවත් හිතන්නේ නැහැ ජනාධිපති ඊබ්‍රාහිම් සෝලි මේ මැතිවරණය දිනයි කියලා. මට ඒක හිතාගන්නවත් බැහැ. ඒක කවදාවත් සිදුවෙන්නෙත් නැහැ.

මාධ්‍යවේදියා
ඔබ දිනනවා කියලා පුදුම ස්ථාවරයක ඉන්න බව පේනවා. හොඳයි යම් හෙයකින් ඔබ මැතිවරණය පරාජය වුණොත් ජනාධිපති සෝලි සමග එකට කටයුතු කිරීමට කැමැතිද?

ඡන්ද අපේක්ෂකයා
එහෙම කරන්නට මම පරාජය වන්නේ නැහැනේ. ජනාධිපති ඊබ්‍රාහිම් සෝලි තමාගේ පක්ෂයෙන් සාමාජිකයන් විශාල ප්‍රමාණයක් නෙරපා හැරියා. මේ නිසා ඔහුට අනිවාර්යෙන්ම ඡන්ද දහස් ගණනක් අහිමි වෙනවා. ඔහුගේ සමීප සගයන්ගේ ඡන්දෙවත් ඔහුට හිමිවන්නේ නැහැ. දැන් අපේ පක්ෂය දෙකඩවෙලා තියෙන්නේ. පක්ෂ අභ්‍යන්තර එදිරිවාදිකම් එයට හේතු වුණා.

මාධ්‍යවේදියා
ඔබ මේ ප්‍රාථමික පක්ෂ මැතිවරණය ජයග්‍රහණය කළොත් එම අර්බුද සමථයකට පත්කරනවද?

ඡන්ද අපේක්ෂකයා
ඔව් පැහැදිලිවම. මගේ ජයග්‍රහණයෙන් පසුව අපේ පක්ෂයේ සමගිය සම්පූර්ණයෙන්ම ඇතිකරනවා. මට එය කරන්න පුළුවන්.

කුමක්ද මේ අපූරු දෙබස? මෙහි ඡන්ද අපේක්ෂකයා කවුද? මාධ්‍යවේදියාගේ නිසි අනන්‍යතාවක් දැනගන්නට අපට අවශ්‍ය නැතත් අපට ඡන්ද අපේක්ෂකයා යනු කවුරුන්දැයි දැනගැනීමට අත්‍යාවශ්‍ය කරුණකි. මෙම කතාන්දරය ඇසෙන්නේ අපේ රටින් නම් නොවේ. එනම් එය මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණේ අපට සමීප ආසියාතික රාජ්‍යයක් වන මාලදිවයිනෙනි. මෙම දෙබසේ සිටින ඡන්ද අපේක්ෂකයා හෝ මැතිවරණ අපේක්ෂකයා වන්නේ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වන මොහොමඩ් නෂීඩ්ය. ඔහු දැනට මාලදිවයිනේ කතානායකවරයාද වෙයි. මොහොමඩ් නෂීඩ් යනු ශ්‍රී ලංකාවට බොහෝ සමීප වූ ප්‍රකට දේශපාලනඥයකු වෙයි. මෙම වටපිටාවේදී පසුගිය දින කිහිපයකට පෙරදී මාලදිවයිනේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ‘මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ (Maldivian Democratic Party) ට අදාළව එම පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේ ප්‍රාථමික පක්ෂ මැතිවරණයක් පසුගියදා පැවැත්විණි. 2023 වසරේ සැප්තැම්බර් 09 වැනිදා එරට ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ඒ සඳහා සුදුසුකම් ලබන අපේක්ෂකයා තේරීම ඉහත පක්ෂ මැතිවරණයේ පරමාර්ථය විය.

මෙවැනි වටපිටාවක් යටතේ මැතිවරණය සඳහා තරග කරනු ලැබුවේ මාලදිවයිනේ වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් සෝලි සහ හිටපු ජනාධිපති මෙන්ම දැනට කතානායක ධුරය දරන මොහොමඩ් නෂීඩ් යන දේශපාලකයන් දෙදෙනාය. මෙහිදී ඉහත පැවැසුණු ආකාරයට මොහොමඩ් නෂීඩ් එකී මැතිවරණය ජයග්‍රහණය කරන්නේ යැයි අතිශය ප්‍රබල විශ්වාසයක පසුවිය. එසේම ඔහු බොහෝ උද්දාමයෙන් යුතුව මාධ්‍ය සාකච්ඡාවලටද සහභාගි විය. එහෙත් පසුගියදා ආරංචි වූයේ රටම උඩු යටිකුරු කරන ප්‍රවෘත්තියකි. එනම් මොහොමඩ් නෂීඩ් එම මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබා සිටින අතර, වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් සෝලි විශිෂ්ට ජයග්‍රහණයකට හිමිකම් කීවේය. එහෙයින් මාලදිවයිනේ දේශපාලනයේ අලුත්ම පිටු ගණනාවක් පෙරළෙන්නට විය. එසේම මෙම පුවත ලෝකයේ රටවල් ගණනාවකම දේශපාලනික ක්ෂේත්‍රවල කතා කෙරුණු ප්‍රධාන පුවතක්ද වූ අතර, ශ්‍රී ලංකාවටද එය අතිශය විශේෂ පුවතක් විය.

ලෝකයේ අනෙකුත් රටවලට වඩා මෙම පුවත ශ්‍රී ලංකාවට ඉතා විශේෂිත එකක් වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව නම් මොහොමඩ් නෂීඩ් යනු දැනට දශක 02ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවට බොහෝ සමීපකම් දක්වන දේශපාලකයකු වීම හේතුවෙනි. දැනට 55 හැවිරිදි ඔහු 2008 සිට 2012 දක්වා වසර 04ක් මාලදිවයිනේ ජනාධිපති ධුරය දැරීය. එසේම ඔහු දැනට 2019 මැයි මාසයේ සිට එරට කතානායක ධුරය දරමින් සිටියි. තවද ඔහු මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහභාගිත්වය 2014 වසරේ සිට මේ දක්වා දරමින් සිටියි. එසේම 2019 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්ද දරමින් සිටින අතර, මොහොමඩ් නෂීඩ් මුලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන ලද්දේ 1999 වසරේදීය. මෙම පරිණත දේශපාලකයා මාලදිවයිනේ ජනාධිපති ධුරය දැරීමට ප්‍රථමව සහ පසුවද එකී ශ්‍රී ලංකාවේ පාලනය සිදුකළ රාජපක්ෂ රජය සමග සමීප සබඳකම් පැවැත්වූවේය. එනම් තවත් ආකාරයකින් කිවහොත් ඔහු රාජපක්ෂ පවුලේ සමීප හිතවතකුද විය. වරක් ඔහු දේශපාලන තර්ජනයන් මධ්‍යයේ මාලදිවයිනෙන් පැන අවුත් ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය යටතේ දේශපාලන රැකවරණද ලබාගත්තේය. මේ ආකාරයට ඔහුට මෙරට දේශපාලනික පිරිස් සමග තිබෙන සම්බන්ධයන් බොහෝය. ඒ සියලු වගතුග මෙහි ලියා තබන්නට ඉඩක් නැති වුවත් ඔහුගේ සමීප තොරතුරු කිහිපයක් අවධානයට ගනිමු.

පසුගිය 2022 වසරේ දරුණු ජන අරගල පැවැති කාලයේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධාන අනෙක් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට මාලදිවයිනේ දේශපාලන රැකවරණ ලබාදීමට මොහොමඩ් නෂීඩ් කටයුතු සැලසුම් කළේ යැයි දැඩි චෝදනාවක් එල්ල විය. එසේම රාජපක්ෂවරුන්ට මාලදිවයින තුළ නිවෙසක් මිලදී ගැනීමටත් කටයුතු කළේ යැයි චෝදනා එල්ල විය. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක සුවිශාල මිලකින් යුත් දේපළක් බවටද කරුණු හෙළිවිය. කෙසේ හෝ ගසුගිය 2022 ජන අරගලය උච්ච වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුලින්ම පැනගියේ මාලදිවයිනටය. එහිදී මොහොමඩ් නෂීඩ් ගෝඨාභය රාජපක්ෂට එරට තුළ රැකවරණ ලබාදීමට ප්‍රමුඛව කටයුතු කළේය. එහිදී විවිධ පාර්ශ්ව බොහෝ විරෝධතාවන්ද දැක්වීය.

මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොහොමඩ් නෂීඩ් තමන්ගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස උපදේශකවරයා ලෙස පත්කර ගැනීම පසුගිය සර අගදී සිදුකෙරිණි. මෙලෙස දැනට මාලදිවයිනේ කතානායකවරයා ලෙස කටයුතු කරන මොහොමඩ් නෂීඩ්ට මෙම තනතුර ලබාදීම ගැන මෙරට සහ මාලදිවයිනේද විවිධ පාර්ශ්ව දැඩි විරෝධයක් පළකරන ලදී. එනම් මේ වන විට වෙනත් රටක ප්‍රධාන දේශපාලනික සහ රාජ්‍යමය උසස් තනතුරක් දරන පුද්ගලයකු තවත් රටක ජනාධිපතිවරයකුගේ උසස් තනතුරක් ලබාගන්නේ කෙසේදැයි එම පැනය උද්ගත විය. මොහොමඩ් නෂීඩ් මෙම තනතුර යටතේ පසුගිය 2022 වසරේ අගදී ඊජිප්තුවේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේය. ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඔහුද අයත් විය. ඔහුගේ මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා රජය අතිවිශාල මුදල් සම්භාරයක්ද වැයකර තිබිණි.

ඉහත තනතුර මොහොමඩ් නෂීඩ්ට ලබාදීමට ප්‍රථම පසුගිය 2022 ජුනි මාසයේදී එවක ජනාධිපති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ විසින් තවත් සුවිශේෂ තනතුරක් නෂීඩ් වෙත ලබාදුන්නේය. එනම් ශ්‍රී ලංකාවට විදෙස් ආධාර ලබාගැනීමේ ජාත්‍යන්තර උපදේශකවරයකු ලෙස ඔහු පත්කරනු ලැබීය. ශ්‍රී ලංකාව මුහුණපා සිටින වත්මන් ආර්ථික අර්බුදයෙන් මුදාගැනීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර උපදේශකවරයකු ලෙස ඔහු ක්‍රියා කිරීම එම තනතුරෙහි කාර්යභරයයි. රනිල් වික්‍රමසිංහ විසින් මෙම තනතුර ලබාදීමට එරෙහිවද බොහෝ පාර්ශ්ව චෝදනා කළේය. කෙසේ වෙතත් මෙම උසස් තනතුර දෙකම මේ වන විටත් මාලදිවයිනේ කතානායකවරයා වූ මොහොමඩ් නෂීඩ් දරමින් සිටී.

මේ ආකාරයේ ප්‍රබල සම්බන්ධයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ රාජපක්ෂවරුන් සමග දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිය මොහොමඩ් නෂීඩ් අද මේ වන විට මාලදිවයින තුළ තමන්ට තිබුණු දේශපාලන බලයෙන් හීනවූ පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව ඇත. එසේ වූයේ අප ඉහත ප්‍රකාශ කළ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේ පක්ෂ මැතිවරණයෙන් අන්ත ලෙස පරාජයට පත්වීමයි. ඒ අනුව ඔහුගේ ප්‍රතිවාදියා වූ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් සෝලි 60%කටත් අධික ප්‍රතිශතයකින් තම ජයග්‍රහණය ලබා තිබිණි. මේ අනුව 2023 සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා වන්නේ ඊබ්‍රාහිම් සෝලිය. මේ අනුව දේශපාලනික විචාරකයන් ප්‍රකාශ කර ඇත්තේ මාලදිවයිනේ ඉදිරි ජනාධිපතිවරණය තුළින් නැවත වරක් ඊබ්‍රාහිම් සෝලි ජනාධිපති ධුරයට පත්වන බවය. කතානායක මොහොමඩ් නෂීඩ්ට එහිදී පරාජය හේතුවෙන් පක්ෂයේ අපේක්ෂකත්වය හිමිවන්නේ නැත. දැනට 60 හැවිරිදි ඊබ්‍රාහිම් සෝලි එරට ජනාධිපති ලෙස පත්වන්නේ 2018 වසරේදීය. ඔහු මේ වන විට මාලදිවයිනේ ජනතාව අතර බොහෝ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින නායකයෙකි. ඊබ්‍රාහිම් සෝලි ජනාධිපති ධුරයට පත්වූ දා සිට රට තුළ ඇති දේශපාලන අර්බුද කිසිවක් නොතකමින් තම ජනතාවගේ ස්ථාවරත්වය ඇතිකිරීමට බොහෝ වෙහෙසී කටයුතු කළේය. ඒ අනුව අද මාලදිවයිනේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 14,078ක් වෙයි. එරට බොහෝ පිරිස් ආර්ථික අතින් සශ්‍රීක වෙති.

මෙවැනි වටපිටාවක් තුළ පසුගිය කාලයේ ආරංචි වූයේ තවත් අපූරු පුවතකි. එනම් මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයකුට උසස් තනතුරක් පිරිනැමීමය. එම තනතුර ලබාගත් තැනැත්තා නම් නෝර්වේජියානු ජාතික එරික් සෝල්හයිම්ය. ඔහුගේ නාමය ශ්‍රී ලංකාවට අලුත් එකක් නොවන්නේ ඔහු වර්ගවාදී යුද සමයේදී මෙරට සාම මැදිහත්කරුවා ලෙස වසර ගණනාවක් කටයුතු කළ හෙයිනි. එසේම ඔහු වසර ගණනාවක් පුරා නෝර්වේ රජයේ අමාත්‍ය ධුර දෙකක්ද දැරූ අතර පසුව එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ ප්‍රධානියා බවට පත්විය. යම් මූල්‍ය චෝදනා මත ඔහු එම තනතුරෙන් 2018 නොවැම්බර් මාසයේදී ඉල්ලා අස්වූ අතර ඉන් පසු ඔහුට කිසිදු රාජ්‍යතාන්ත්‍රික තනතුරක් හිමි නොවීය. එහෙත් පසුගිය 2022 වසර අගදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනාව මත එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට පැමිණියේය. එහිදී ජනාධිපතිවරයා එරික් සෝල්හයිම් වෙත විශේෂ තනතුරක් පිරිනැමුවේය. එනම් ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර උපදේශකවරයා යන තනතුරයි. එම තනතුර ලබාගත් එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාව වෙනුවෙන් නොයෙක් ව්‍යාපෘති ඉටුකරන බව ප්‍රකාශ කර සිටියේය. දේශගුණික විපර්යාස වැඩසටහන්, විදෙස් තාක්ෂණය මෙරටට ගෙන ඒම, විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට ලබාදීම සහ මෙරට සංචාරක කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කිරීම වැනි නොයෙකුත් කාර්යයන් ඉටුකරන බවට එරික් සෝල්හයිම් පොරොන්දු විය. ඔහු මෙයට දින කිහිපයකට පෙර සිට ප්‍රකාශ කර තිබුණේ මෙරටට චීන සංචාරකයන් අතිවිශාල ප්‍රමාණයක් ගෙන ඒමට තමා කටයුතු කරන බවය. එහෙත් මෙතෙක් ඔහුගේ වැඩසටහන් ‘කටින් බතල කොළ හිටවනවා වාගේ’ යැයි බොහෝ පාර්ශ්ව චෝදනා නගා ඇත. මෙලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෑතකදී උපදේශක තනතුර ලබාදුන් රාජ්‍යතාන්ත්‍රිකයන් දෙදෙනකුගෙන්ම මේ වන විට අබ මල් රේණුවක උදව් ලැබී නැත.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගල් අඟුරු වංචාව හොයපු ගමන් මාව පන්නන්න හැදුවා! තව ඒවා හොයාගෙන යනකොට මාව පාර්ලිමේන්තු මුදල් කමිටුවෙන් පැන්නුවා! ආචාර්ය හර්ෂ මුල්වරට හෙළි කරයි! VIDEO

Next Post

දරු දෙදෙනා මරා තාත්තත් දිවි නසාගත් ඛේදවාචකයට හේතුව හෙළිවෙයි! සල්ලි හොයන්න මව රට යන එකට තාත්තයි දරුවො දෙන්නයි විරුද්ධ වෙලා! එන්න කිව්වට ගෙදර ඇවිල්ලත් නෑ! අන්තිමේ දරුවො දෙන්නගෙ සිරුරු විතරක් මව බාර අරන්!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.