• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයේ කුසලානය රාජපක්ෂවාදීන් පැහැරගත්තා! එය නැවත ලබා ගන්න අවිහිංසාවාදීව පෙළගැසෙමු! ගෝඨා පැන්නූ ජන අරගලයට වසරක් පිරෙන මොහොතේ විපක්ෂනායක සජිත්ගෙන් අලුත් අරගලයකට ආරාධනාවක්! I Sri Lanka Latest News

July 9, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
සමාජ මාධ්‍යවල කෝටි ගණන් සල්ලි විසි කර බොරු රැලි හදන්නේ කව්ද? මේ එන්නේ ආයෙත් රටම රවට්ටන්න! මේ පාර රැවටුණොත් රටම ඉවරයි! සජිත් කෑගල්ලේදී රට රවට්ටන අලුත්ම කණ්ඩායම ගැන හෙළිදරව් කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරිමට දියත් කළ ජන අරගලයේ කුසලානය රාජපක්ෂවාදීන් පැහැරගත් බවත්, එය නැවත ලබා ගැනීම සදහා අවිහිංසාවාදී අරගලයක අවශ්‍යතාව මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කොට ඇත.Sri Lanka Latest News

ජන අරගලයට වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ විශේෂ නිවේදනය!

ලෝක අරගල ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කරන්නට සමත්වෙමින් මෙරට පුරවැසි ජනතාව විසින් මීට වසරකට පෙර සිදු කළ සුවිශේෂී ජන අරගලය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමු.

දෙවසරකට වැඩි කාලයක් තිස්සේ අදුරදර්ශි,උද්ධච්ච සහ අන්තනෝමතික පාලනය තුළින් රට බරපතළ ඛේදවාචකයක් වෙත තල්ලු වෙමින් තිබියදී ඊට එරෙහිව මෙරට සමස්ත සමාජය තුළද ආණ්ඩුවට එරෙහි බලවත් ප්‍රතිවිරෝධයක් ඉස්මතු විය.

එහි තීරණාත්මක අවස්ථාව වූයේ ගාලුමුවදොර දින අනූවක් සම්පූර්ණ වූ පුරවැසි අරගලයයි.

පැන්සලක් හෝ පින්සලක් සමග විරෝධතා පුවරුවක් පමණක් රැගෙන සාධාරණත්වයේ සහ මිනිස්කමේ නාමයෙන් උදාර අපේක්ෂා පෙරදැරිව  කරන ලද අරගලයෙහි අවසන් ප්‍රතිඵලය වූයේ අන්තනෝමතික ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ එම ආණ්ඩුවට ගෙදර යෑමට සිදු වීමයි.එහෙත් මේ රටේ පුරවැසි ජනතාව ලබාගත් ජයග්‍රහණය ට මුවා වෙමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වූ අතර ඉන් පසුව ද සිදුවෙමින් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ සිදු වූ තත්ත්වයටම සමාන හෝ ඊටත් වඩා ඛේදනීය තත්වයකි. පුරවැසි පරම්පරාවට එරෙහිව මර්දනයේ බයිනෙත්තුව හෝ තර්ජනයේ වහසිබස් දෙඩිය හැක්කේ කුරිරු ආඥාදායක මිලේච්ඡත්වයකට පමණි.

එහෙත් රාජපක්ෂ ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් විසින් එයද සිදු කරමින් තිබේ.

උසස් අරමුණු වෙනුවෙන්, මේ රටේ වීදිබට ජනයාගේ ශිෂ්ට සම්පන්න අපේක්ෂාවන් සමග උමතු ගැටුමක යෙදීමට වර්තමාන ආණ්ඩුව ද කටයුතු කරමින් සිටී.

විශේෂයෙන්ම අරගලයේ ඉදිරිපෙළ චරිත ඉලක්ක කර  ගනිමින් ආරම්භයේ සිටම ආණ්ඩුව මර්දනය දියත් කළ අතර එය මේ වන විට සිවිල් සමාජයටත්, මාධ්‍යයටත් දිගුවී තිබේ.

මේ රටේ ජනතා අරගලය,බලසම්පන්න  විධායක ජනාධිපතිවරයාත්, තුනෙන් දෙකක් ඇති බවට වහසිබස් දෙඩූ ආණ්ඩුවත් බිත්ති හතරක් මැද කොටු කිරීමට සමත් ව අනතුරුව,පලවා හැරීම හැරීම දක්වාම බලසම්පන්න වූ බව වර්තමාන ආණ්ඩුවට ද අවධාරණය කළ යුතුව තිබේ.

එදා අරගලය ආරම්භ වූ මොහොතේ සිට අරගලයේ අරමුණු සහ ඉලක්ක අපගේ අරමුණු සහ ඉලක්ක වලටද සමපාත වූ බැවින් ඔවුන්ගේ අරගලයට අපේ ආශිර්වාදය හිමි විය.

පාලකයින්ගේ කූඨ සහ බියගුළු අරමුණු වලට හසු නොවී කටයුතු කිරීමත්,අවිහිංසාව පෙරදැරිව කටයුතු කිරීමත් හේතුකොටගෙන පුරවැසි අරගලයේ ජයග්‍රහණයෙන් කෙළවර වූ නමුත්,ජයග්‍රහණය කුසලානය අනපේක්ෂිත රාජපක්ෂවාදීන් පිරිසක් විසින් පැහැර ගෙන තිබේ.එය නැවත ලබා ගැනීම උදෙසා අවිහිංසාවාදී පෙළගැස්මක් අවශ්‍ය බව මේ මොහොතේ අවධාරණය කරමු. 

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 

09th-July-2023-OLODownload
SendShareShare
Previous Post

රට බංකොලොත් කරපු අය හොයන සාගර කාරියවසම්ගේ කමිටුවෙන් විජිත හේරත් අයින් වෙයි! I Sri Lanka Latest News

Next Post

අක්කරේපත්තු බස් එක තොටලීය පාලමෙන් ගඟට පෙරළී ඛේදවාචකයක්! 8 දෙනෙක් මරුට! I Sri Lanka Latest News

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.