කදුරුවෙල සිට අක්කරපත්තු බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මනම්පිටිය තොටලීය පාලමින් පෙරළීම නිසා 8 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.Sri Lanka Latest News
අනාරක්ෂිත පාලමක් වූ මෙම පාලම මතින් බසය ධාවනය වෙද්දී බසට පාලමෙන් පහළට පෙරළී ඇත.
අවට පිරිස් එකතුව බසයේ සිටි පිරිස බේරාගැනීමේ කටයුතු මේ වන විට සිදු කරයි.
තුවාල කරුවන් මේ වන විට රෝහලට රැගෙන යන බව පොලිසිය කියයි.
දැඩි අඳුරක් පැවැතීම නිසා තුවාලකරුවන් බේරා ගැනීම අපහසු වි ඇත.










