වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමට අදාල වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද දිනයේ දී පැවැත්වීමට නියමිත ය.Sri Lanka Latest News
විවාදය, අද පෙරවරු 9.30 සිට සවස 4.30 දක්වා පැවැත්වෙන බව වාර්තා වේ.
ජනවාරි පළමු වැනිදා සිට 15% ක් වූ වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කෙසේ වෙතත්, පොත් පත් සහ සගරා ආදිය සදහා මෙන්ම, දරුවන්ගේ පෝෂණ ආහාර, ආබාධිතයන් සදහා ගෙන එන කෘත්‍රිම පාද සහ සුවසැරිය ගිලන් රථ සේවය සදහාද වැට් බද්ද පැනවීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් විපක්ෂය මේ වන විටත් සිය විරෝධය පළ කර තිබේ.