ආණ්ඩුව ගෙනඒමට නියමිත බව පැවසෙන නව විදුලි පනත හරහා රටට අහිතකර සිදුවීම් රැසක් සිදුවීමට නියමිතව ඇති බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා රනිල් වික්රමසිංහ මහතා විසින්ම ඇති කරන ලද මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට සැලසුම් කර ඇති බවකි.
ADVERTISEMENT
එමෙන්ම පළමු වරට විදුලි සම්ප්රේෂණයත් පෞද්ගලික අංශයට පැවරීමට කටයුතු කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එම නිසා ජනාධිපතිවරයා කියන කියන සෑම දෙයකටම වහලුන් මෙන් අත උස්සන්නේ නැතිව රටට හිතකර තීන්දු කීරණ ගන්නා ලෙස හේරත් මහතා පොහොට්ටුවේ මන්ත්රීවරුන්ගෙන් ඉල්ලීමක්ද කළේය.