බූස්ස බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයකදී එම බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News
බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඔවුන් සිටින සිර මැදිරිවලින් වෙනත් සිරමැදිරිවලට මාරු කිරීමට යාමේදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී ඇති බව වාර්තා වේ.
එම අදාළ මාරුකිරීම්වලට රැදවියන් විරෝධය පළ කර ඇති අතර එහිදී රැදවියන් විසින් සිදුකළ පහරදීමේදී බන්ධනාගාර අධිකාරිවරයෙකුට මෙසේ තුවාල සිදුව ඇති බව සඳහන් වේ.
බන්ධනාගාර අධිකාරිවරයාගේ නාසයට තුවාල සිදුව ඇති බව ද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.
කෙසේවෙතත් මේ වන විට තත්ත්වය සමතයකට පත් කර ඇති බව වාර්තා වේ.










