• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ කාලේ විපක්ෂය – ඒ කාලේ විපක්ෂය! Sri Lanka Latest News

December 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ කාලේ විපක්ෂය – ඒ කාලේ විපක්ෂය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ආපදා කාලේ විපක්ෂේ මොකද කළේ? මම දැක්කා කොතැන හරි තැනක තියෙනවා කවුරු හරි කෙනෙක් දාලා මේ ආණ්ඩුවට තමයි හොඳම විපක්ෂය ඉන්නේ කියලා.
ඇත්තටම මේ මහා ව්‍යසනයත් එක්ක ඕනෙ නම් විපක්ෂෙට තිබුණා ආණ්ඩුව පෙරළෙන තරම් හයියෙන් කෑගහන්න. ඒකට හේතුව තමයි ආණ්ඩුවට විවිධ පාර්ශ්ව විසින් විවිධ ආකාරයෙන් චෝදනා එල්ල කරලා තියෙනවා. ඒ චෝදනා අතර බොහෝ දෙනෙක් කියන්නේ බලධාරීන් මේ ව්‍යසනය දැනගෙන ඒක මිනිස්සුන්ට කිව්වේ නෑ කියලා.
අපි දැක්කා සජිත්ලා මේක ඕනෑවට වඩා කරේ තියාගෙන යන්න දඟලන්නෙ නෑ. ඒක සාපේක්ෂයි. මොකද ඒකට හේතුව මේ දවස්වල සමාජ මාධ්‍යවල එහෙට මෙහෙට ෂෙයාර් වෙනවා සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ස්වභාවික ව්‍යසනයකින් පස්සේ කොතැන හෝ තැනක කතාකරන වීඩියෝවක්. ඔහු පැහැදිලිවම එවක පැවැති ආණ්ඩුවට චෝදනා කරනවා. කියනවා සම්පූර්ණයෙන්ම මේකට මේ ආණ්ඩුව වගකියන්න ඕනේ වගේ කතාවක්. ‘උදව් කළේ නෑ, එන්නෙ නෑ, කවුරුත් බලන්න ආවේ නෑ නේද’ වගේ ඒවා කියමින් හඳුන්නෙත්ති සහෝදරයා කොහෙදෝ තැනක මිනිස්සුන්ට ආධාර බෙදන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඇතුළේ තියෙනවා.Sri Lanka Latest News

දැන් ඇත්තටම ආපදාවෙන් දේශපාලනය කරන්න එපා කියලා මිනිස්සුන්ට කිව්වට ආපදා අස්සෙ දේශපාලනය කළේ සහෝදරවරු තමයි ඉස්සර. දැන් කියලා අපි කියනවා නෙමෙයි. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයලා මේ වෙලාවේ ඊට වඩා බුද්ධිමත්ව වැඩකරන බව අපිට පේනවා. ඔහු ආපදාව දැනගත්ත ගමන් ආපදා ස්ථානවලට ගියා. උදව් කරන්න පටන් අරගත්තා. පුළුවන් විදිහට තමන්ගේ කණ්ඩායම එකතු කරගෙන මිනිස්සුන්ට හැකි උපරිමයෙන්ම උදව් උපකාර කරන්න යාන්ත්‍රණයක් නිර්මාණය කළා. සජිත් විතරක් නෙමෙයි සමගි ජන බලවේග කණ්ඩායමේ බොහෝ දෙනෙක් අපි දැක්කා ගමින් ගමට ගිහිල්ලා මිනිස්සු ළඟට ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරන ආකාරය. ඒක සජිත් ප්‍රේමදාසලාගේ විතරක් නෙමෙයි. පොහොට්ටුවෙත් අපි දැක්කා. නාමල් රාජපක්ෂත් මිනිස්සු හොයාගෙන ගියා. ඉන්දික අනුරුද්ධලා මිනිස්සු ළඟටම ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතාකරලා මිනිස්සුන්ට උදව් උපකාර කරනවා අපි දැක්කා. මේ විදිහට විවිධ දේශපාලකයෝ මේ වැඩකටයුතු සිද්ධ කළා. අපි සජිත්ට විතරක් ලකුණු දාලා බෑ මේ වගේ වෙලාවකදී. හැබැයි ඒ වගේම අපි දැක්කා රාජ්‍ය යාන්ත්‍රණයට අවශ්‍ය කරන ආකාරයේ විශාල වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් සිද්ධවෙන ආකාරය.
සජිත්ලා මේ වෙලාවේ විදේශ තානාපතිවරු මුණගැහුණා. ජපන් තානාපති, ඊට පස්සේ ඉන්දියාව, ඊට පස්සේ අපි දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් මුණගැහිලා සාකච්ඡා කරනවා. ඇත්තටම ඒක රජයේ පාර්ශ්වයෙන්වත් අපි දැක්කෙ නෑ වුණාද නැද්ද කියලා. ඒ විදිහට විවිධ සාකච්ඡා කරමින්, විවිධ අයව දැනුවත් කරමින්, මේ වෙලාවේ ආපදාවෙන් විපතට පත්වුණු රටට උදව් ගන්න තමන්ගේ සහාය ලබාදෙමින් කටයුතු කරන ආකාරය අපිට පෙනුණා.

අපි දන්නවා කලින් විපක්ෂෙ හිටපු කට්ටිය, අපි කියන්නේ මේ අනුර කුමාර ජනාධිපතිතුමාලගෙ කණ්ඩායම නෙමෙයි, තවත් කට්ටිය. විපක්ෂෙ ඉන්න කාලේ සමහර වෙලාවට කළේ මේ වගේ දෙයක් වුණාට පස්සේ බොරදියේ මාළු බාපු එක. තැන් තැන්වල කේළාම් කියලා හොර මගඩි වැඩ කරලා, එහෙට අංචි ඇදලා, මෙහෙට අංචි ඇදලා බලය අරගෙන පොඩි ගේමක් ගහන්න ප්ලෑන් කරපු අය ගැන අපි දන්නවා. අහලා තියෙනවා. ඒගොල්ලො දැන් නම් දේශපාලනයේ නෑ. ඉතින් කොහොම වුණත් සජිත් ප්‍රේමදාසලාගේ විපක්ෂය මේ වෙලාවේ වැඩකරන විදිහ ගැන ඇත්තටම යම් ගෞරවයක් ඇති වෙනවා.

මොකද අපි දන්නවා මේ විපතකදී ආණ්ඩුවට ඍජුව චෝදනා කරලා වැඩක් නෑ. පැහැදිලිවම මේ ආණ්ඩුව මේ විපත දැනගෙන හිටියා නම් එහෙම වෙන්න දෙන්නේ නෑ. ඔවුන් දැනගෙන නොහිටියා කියන එකට ඔවුන්ට චෝදනාවක් තියෙනවා. දැනගෙන නොහිටියා කියලා කියන්න බෑ. මොකද ස්වභාවික ආපදා කියන ඒවා අපිට ගෙදරට ඇවිල්ලා කියන්නෙ නෑනේ මඟුල් ගෙවල් කියනවා වගේ අපි එනවා කියලා.

එතකොට එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධව නිරීක්ෂණය කරන එක කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩක්. කාලගුණයෙන් එහෙම කියලා නැත්නම් ඒක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැරැද්දක්. හැබැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහෙම එකක් කිව්වා කියලා කාලගුණ එක කියනවා සහ වෙනත් මාධ්‍ය ඒ ගැන වාර්තා කරනවා.

ඒ වගේම ලෝකේ තියෙන විවිධ කාලගුණ වාර්තාවල සහ ලෝකේ යම් යම් මාධ්‍ය ආයතන මේ සම්බන්ධව කරන දැනුවත් කිරීම අපිත් ඇස් දෙකෙන්ම දැක්කා. ඒවා සමහර වෙලාවට ආණ්ඩුව නොදකින්න පුළුවන්. හැබැයි ආණ්ඩුව නොදැක්කට ඒවා අනිත් සියලු දෙනාම නොදැක්කා කියලා ඇඟබේරගන්න බෑ. මොකද ඒකට හේතුව අනිත් අය මේවා දිහා බලන් ඉන්න ඕනේ. කවුරු හරි කෙනෙක්ව පත්කරන්න ඕනේ මේ සම්බන්ධව අධීක්ෂණය කරන්න. මොකද මේ රටක් කරන්නේ. එතකොට මගහැරෙන්න බෑ දේවල්. රටේ හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න ඕනේ.

කාලගුණ නිවේදනය වගේම එදාට යන ක්‍රිකට් මැච් එකත් ආණ්ඩුවේ කෙනෙක් බලන්න ඕනේ. එහෙම නැත්නම් රටක් කරන්න බෑනේ. ඒ නිසා මේ මේ වෙලාවේ ලකුණු දාගන්න හරි, නිදහස් වෙන්න හරි, නිදොස් වෙන්න හරි ආණ්ඩුවට පුළුවන්කමක් නෑ. ඒත් මේ විපතට ආණ්ඩුව වගකිය යුතුයි කියලා ආණ්ඩුව බෙල්ල මුලින් හිරකරලා බිත්තියට හේත්තු කරන්න යනවා නම් ඒ වැඩේ වැරදියි. මොකද ඒකට හේතුව මේ වෙලාවේ අපි කරන්න ඕනේ ආණ්ඩු පෙරළන එක නෙමෙයි. බලය ගන්න එක නෙමෙයි. රට හදන්න යන එක නෙමෙයි. මේ වෙලාවේ ඔක්කොම එකතු වෙලා මේ රට හදන්න ඕනේ. මේ රට වෙනුවෙන් වැඩකරන්න ඕනේ. දැන් විපක්ෂ නායකද, හිටපු විපක්ෂ නායකද, හිටපු ජනාධිපති ද, අලුත් ජනාධිපතිද, අරයද මෙයාද වැඩක් නෑ. ඔක්කොම මේ වෙලාවේ එළියට බහින්න ඕනේ. බැහැලා පාට පක්ෂ භේදයකින් තොරව වැඩ කරන්න පටන් අරගන්න ඕනේ.
ඉතින් සජිත් ප්‍රේමදාසලා මේ වෙලාවේ ඇත්තටම මානුෂීය මෙහෙයුමකට ගැළපෙන විදිහට වැඩකරනවා කියලා අපිට හිතෙනවා. සමහර තැන්වලදී සමහර දේවල් පාර්ලිමේන්තුවේදී විපක්ෂෙ අයට කියන්න සිද්ධ වුණා. සමහර ප්‍රවෘත්ති සමහර සිදුවීම් විශේෂයෙන් ආයෙ ආයෙත් කතා කරන්න සිද්ධ වුණා. කලාවැවේ බස් එකේ සිද්ධිය වගේ දේවල්. ඒත් මේ වෙලාවේ විපක්ෂයක් විදිහට තමන්ට ලකුණු දාගන්න වැඩ නොකරන එක ගැන අපි සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට ස්තුතිවන්ත වෙන්න ඕනේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බූස්සේ ලොකු වලියක්! බන්ධනාගාර අධිකාරිගේ නහයට ගහලා! I Sri Lanka Latest News

Next Post

සත්තු වගේ හැසිරෙන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.