මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුව චීනය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ Beijing ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවෙිය.Sri Lanka Latest News
චීනයේ Beijing ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟාවූ අවස්ථාවේදී චීන ජාතික ගුවන් විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍ය Cao Shuming විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේය.
අග්‍රාමාත්‍යවරිය චීනයේ බීජිං හි පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට නියමිත අතර එහිදී ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතව ඇත.
තවද මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකටද අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිතව ඇත.










