• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිලට ස්කොඩ් නෑ! පඩි ගන්නෙ නෑ! විශ්‍රාම වැටුප් නෑ! වාහන පෝලිම් නෑ! ඒ රට නම්කර වටිනා තෑග්ගක් දිනාගන්න….! Sri Lanka Latest News

October 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමැතිලට ස්කොඩ් නෑ! පඩි ගන්නෙ නෑ! විශ්‍රාම වැටුප් නෑ! වාහන පෝලිම් නෑ! ඒ රට නම්කර වටිනා තෑග්ගක් දිනාගන්න….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්න එකෝමත් එක රටක් තිබුණාලු. ඒ රටේ ආණ්ඩුවට ලොකු බලයක් තියෙනවාලු. ඒ ආණ්ඩු නිදහස දිනාගත්තාට පස්සේ එක එකාගේ එක එක්කෙනාට මාරු කරගෙන රට පාලනය කෙරුවාලු. ඒ පාලනය කරපු කෙරුවාවේ තරමට රටට පුදුම හොඳක් වුණාලු. ඒ රට සංවර්ධනය වෙයි වෙයි වෙයි වෙයි වෙයි වෙයි කියලා බලන් හිටියාට සංවර්ධනය වෙන පාටකුත් නැහැල්ලු. මිනිසුන්ගේ ජන ජීවිතය සෝදාපාලුවට ලක්වෙලාලු. මිනිස්සු කොච්චර සතුටින් ඉන්න උත්සාහ කළත් සතුට කියන දේ ඒ රටේ නැහැල්ලු. කැරලි කෝලහාල, ගැටුම්, යුද්ධ, මේ සියල්ලත් එක්ක මේ ටිකත් අමාරුවෙන් අල්ලන් ආවේ කියලා අර පරණ දේශපාලකයෝ කියනවාලු. ඒකට මුකුත් කියන්නත් බැහැල්ලු. ඒකට හේතුව කාලයක් තිස්සේ රටක් කරන එක ලේසි නැති බව අපිත් දන්නවාලු.Sri Lanka Latest News

ඒගොල්ලෝ කියන්නේ මේක මේ තරමින් හරි තියාගෙන ඉන්නේ අපේ උත්සාහයෙන් කියලාලු. ඔය කෙසේ වෙතත්, මේ රට මේ තත්ත්වයෙන් තියාගැනීම සම්බන්ධව බොහෝ අයට අපි කරන්නේ චෝදනා කරන එක. මොකද ඒකට හේතුව ඔය ගොඩක් අය අපි හිතනවට වඩා නරකයි. ඒ නිසාම අලුත් ඡන්දෙදී පාර්ලිමේන්තුවට ඡන්දෙ නොඉල්ලා ඉන්න පරණ පාර්ලිමේන්තුවේ හිටපු 50කට වඩා වැඩි මැති ඇමැතිවරු තීරණය කරලා තිබුණා. ඒ අය අතරින් බහුතරයකගේ ගෙවල්, කාර්යාල වගේ දේවල් පහුගිය අරගලය අවස්ථාවේ කැඩිලා බිඳිලා ගියාලු. ඉතින් කොහොම වෙතත් මේ තත්ත්වය ගැන කල්පනාකාරී වෙලා, මිනිස්සු තීන්දුවක් ගත්තාලු. මිනිස්සු පරණ අහංකාර, ප්‍රභූ දේශපාලනය ඉවර කරලා, මහජනතාවගේ දේශපාලනය වගේ එකක් තෝරගත්තාලු. හැබැයි ඒක තෝරගනිද්දිත් පොඩි පොඩි වැරදීම් වෙලාලු. ඒක අපිට වැඩක් නැහැල්ලු.

දැන් අපි කතාකරන්න යන්නේ අලුත් ආණ්ඩුවක් ගැනලු. අලුත් ආණ්ඩුව පත්වුණේ අලුත් දේවල් ගොඩක් කියලාලු. ඒගොල්ලෝ මේ රට සුරපුරයක් කරන්න බලාපොරොත්තු වෙනවාලු. සුරපුරයක් කරන්න නම් දෙවියෝ සහ දිව්‍යාංගනාවෝ ඉන්න ඕනෙ නිසා, ඒ සඳහා පුහුණුවීම් කටයුතු සිද්ධ වෙනවාලු. කොහොම වෙතත්, අලුතින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 159ක් තේරුණාලු. ඒ තේරුණු 159 ශ්‍රී ලංකා ඉතිහාසයේ ටිකක් හොඳ වාර්තාවක්ලු. කොහොම වෙතත් ප්‍රධාන දේශපාලකයෝ තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුළේ පළමුවැනි තැන්වලටත් ආවාලු. මේ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක් බව ජනතාවට හිතෙන්න ගත්තාලු. ජනතාව බලාපොරොත්තු වුණු දේ ඉෂ්ට වෙන බව පේන්න තියෙනවාලු. ජනතාව ඉල්ලපු වෙනස මේගොල්ලෝ ගෙනල්ලා දෙන්න සූදානම්ලු. මේගොල්ලෝ වැටුප් ගන්නේ නැහැ කියලා කිව්වාලු. වරප්‍රසාද ගන්නේ නැති බව කිව්වාලු. වාහන අවශ්‍ය නැති බව කිව්වාලු. ස්කොඩ් එකක් ඕනේ නැහැ කියලා කිව්වාලු. පාරේ යද්දි තනියම යනවා කියලා කිව්වාලු. ඒවට නාස්ති කරන සල්ලි අපරාදේ කියලත් කිව්වාලු. හැබැයි දැන් ආරංචි විදිහට, මේ විදිහට පාර්ලිමේන්තුවට ආපු මැති ඇමැතිවරුන්ගෙන් වැඩි පිරිසක් තමන්ගේ වරප්‍රසාද ගන්නවාලු. සමහරු මන්ත්‍රීවරයෙක් විදිහට ලැබෙන වරප්‍රසාද සහ ඇමැතිවරයෙක් විදිහට ලැබෙන වරප්‍රසාද දෙකම ගන්නවාලු. එහෙම නොගන්න අයත් ඉන්නවාලු. විශේෂයෙන්ම හරිනි අගමැතිතුමිය තමන්ගේ සමහර වරප්‍රසාද හිතාමතාම කපලා දාලා තියෙනවාලු. ඒ විදියේ අය ඉන්නේ කීප දෙනාලු. හුඟ දෙනෙක් තමන්ගේ වරප්‍රසාද ටික භුක්ති විඳිනවාලු.

මන්ත්‍රී වැටුප් ගන්නේ නැහැ කියපු හැමෝම මන්ත්‍රී වැටුප් එහෙමත් ගන්නවාලු. පහුගිය දවස්වල විජිත හේරත් ඇමැතිතුමා පාරේ යනකොට ඔහුගේ ස්කොඩ් එක සමහර අය දැක්කාලු. ඒක දැකපු අය දැන් ඒ ගැන එක එක කයි කතන්දර කියනවාලු. ස්කොඩ් එක ගොඩක් ලොකුලු. ඉස්සර වගේමලු. විශාල පිරිසක්, විශාල වාහන ප්‍රමාණයක් ඔහුත් එක්ක යනවාලු. මුල් කාලේ ජනාධිපතිතුමා පත්වෙච්ච වෙලාවේ ඩබල් කැබ් එකේ ගමන් ගියා කියන එක බොරුවක් කියලා දැන් ගොඩක් අයට හිතෙනවාලු. එහෙම වංචාවක් කරලා දැන් ඒ ලැබෙන සැප සියල්ලම භුක්ති විඳිනවාය කියලා සමහර අය සමහර තැන්වලදී කියනවාලු. මේක මේ විදිහට ගියොත් එච්චර හොඳ තත්ත්වයකින් ඉවර වෙන්නේ නැහැ කියලා සමහර අය කතාවෙනවාලු. බලයට එද්දී කියපු දේවල් ප්‍රායෝගිකව වෙන්නේ නැහැ කියලා සමහර අය චෝදනා කරනවාලු. කොහොම වෙතත්, මේ පාර්ලිමේන්තුවේත් ගොඩක් මැති ඇමැතිවරු තමන්ට ලැබෙන වරප්‍රසාද ඔක්කොම වගේ භුක්ති විඳිනවාලු. හැත්ත පුරුත්ත පිටින්ම ටි්‍රප් එහෙම යනවාලු. මේවා ඉඳහිට දකින අයට අපුලක් දැනෙනවාලු.
අනාගතයේ දවසක මේ රට වෙනස් කරයි කියලා හිතන් හිටපු දේශපාලකයොත් මේ දේශපාලනයට ඇවිල්ලා වෙනස් වුණා නම්, ඉස්සර ඈත ගමක, කොහේ හරි මුල්ලක ඉඳන් දේශපාලනය කරපු ජවිපෙ දේශපාලකයෝ දැන් කොළඹ ඇවිල්ලාලු. ඉතින් මේ විදිහට කොළඹ ඇවිල්ලා ස්කොඩ්වල ගමන් බිමන් යමින්, විශාල වරප්‍රසාද භුක්ති විඳිමින් ඒගොල්ලෝ සුවබර ජීවිතයක් ගතකරනවාලු. ඒකට අපි ඉරිසියා නැහැල්ලු. අපිට වැඩකුත් නැහැල්ලු. මේක දැක්කොත් සමහරුන්ට ‘ඉතින් පාන්ද’ කියලා අහන්නත් බැරි නැහැල්ලු. ඒ නිසා අපිට පාන්ද කියලා අහන තැනින් බේරිලා අපි මෙතනින් පැනගත යුතුයිලු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල්ගේ ආණ්ඩුව අන්තිම තත්පරේ ගහපු තවත් ගේමක් එළියට ආවා! මෙන්න වීඩියෝත් එක්කම සාක්කි! VIDEO I Sri Lanka Latest News

Next Post

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.