විදුලි කප්පාදුව ඇතුළු හේතු කිහිපයක් නිසා ජනතාව පත්ව ඇති අසීරුතාව පිළිබඳ අවධානය යොමු කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ගැටලු නිරාකරණය සඳහා වහා ම කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ට අද නියෝග කළේ ය.
ඒ අනුව හෙට දිනයේ සැලසුම් කර තිබූ පැය හයකට අධික විදුලි කප්පාදුව පැයයි විනාඩි 40ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.
ජනතාව මුහුණ දෙන සෙසු ගැටලු සඳහා ද විසඳුම් ලබා දීම සඳහා අගමැතිතුමා මේ වන විට ඒ ඒ බලධාරීන්ට අවශ්‍ය නියෝග, මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කරන බැවින් ඉදිරි දින කිහිපය ඇතුළත රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇත.










