‘දැන් ආණ්ඩුවේ සමහරු කියනවා සෙනගාල ජනාධිපති කලා වගේ වගේ ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් කියලා..අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේක ශ්‍රී ලංකාව ..සෙනගාලයවත් ගවගාලවත් අලිගාලවත් නෙමෙයි..’ යනුවෙන් නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා මෙසේද කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතට අනුව නිසැකවම ඔක්තෝබර් 18 සහ සැප්තැම්බර් 18 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. මැතිවරණ කාලයට සති 4 සිට 6 ක් සහ නාමයෝජනා දින නියම කිරීමට දින 16 සිට 21 ක කාලයක් ගතවන අතර ඒ අනුව, ජූලි මස 17 වැනිදා මැතිවරණ නිවේදනය කිරීමේ නෛතික බලය මැතිවරණ කොමිසම වෙත ලැබෙනවා. ඒ බලය දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ ජනාධිපතිවරණ පනතින්. ඒ නිසා අනෙක් මැතිවරණවලට වගේ ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් කරන්න බෑ.
දැන් ඉන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්..ඔහු කටයුතු කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ජනමතයට එරෙහිවයි..ඒ වගේම, පළාත් සභා මැතිවරණ පළාත් පාලන මැතිවරණ අත්තනෝමතික ලෙස කල් දමමින් ඔහු ව්‍යවස්ථාපිත ආඥාපතිත්වයක් නිර්මාණය කරලා තියෙනවා…අනෙක් පැත්තෙන්, ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන රාජ්‍ය සම්පත් රාශියක් විදේශ කරණයට සුදනම් කරල තියෙනවා..මේ සියලු කරුණු සලකා බලලා අපි නිදහස ජනතා සභාව විදිහට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන්නේ කරුණාකරලා හැකි ආසන්නම දිනයේදී ජනාධිපතිවරණය පවත්වන ලෙසයි. මැතිවරණ කොමිසම එහෙම කටයුතු කරනවා නම් සැප්තැම්බර් මස තුන්වෙනි සතියේදී ජනාධිපතිවරණය පැවැත්විය හැකියි.
දැන් ආණ්ඩුවේ සමහරු කියනවා සෙනගාල ජනාධිපති කලා වගේ වගේ ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් කියලා..අපි ආණ්ඩුවට කියන්න කැමතියි මේක ශ්‍රී ලංකාව ..සෙනගාලයවත් ගවගාලවත් අලිගාලවත් නෙමෙයි..
ආණ්ඩුව ජනාධිපතිවරණය පවත්වයි දෝ නොපවත්වයි දෝ කියන සැකයක් කෘතීමව නිර්මාණය කරනවා. ඒක ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්‍ය විසින් ඉතාමත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන මතවාදයක්.
ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කරලා තියෙනවා ඒ නිසා කුමන තත්වයක් යටතේවත් ජනාධිපතිවරණය නොපැවැත්වීමට හැකියාවක් නැහැ. එහෙම ගන්න උත්සාහය පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවමක් උල්ලංඝනය කිරීමක්.